Posts

මමත් වැන්ද අද පති කුලයට යන්න…

Image
තැන තැන කතා බහ සිනහව ඇත රැඳුණ නෙක නෙක පාට නාදළු පවනේ දිලුණ හීන් හඬින් විට විට කැකිරිද පැලුණ වසත් කලෙක මිහිරකි පවනේ රැඳුණ හිරවී සිටිති මේසෙට පුටුවට ගැහැණු හිනා කටයි ඇස් යට රැවුමක් රැඳුණු "ගණිතය නොවෙද කළෙ මෙවරත් නැත ළකුණු මොරටුවෙ කියල ගෙදරට වී ඇත පුතණු" "එළවළු හරි ගණන් ඊයේ නැද්ද මෙයා අඩුවට ගන්නෙ අද කොයි කඩයෙන්ද ඔයා පඩියෙන් අඩක් ඉවරයි කෑමටම කියා හස්බන්ඩ් මට කිව්ව ෆුඩ් සිටි යන්න මෙයා" අල්ලපු මේසෙ ඇත හස්බන්ඩ් පෙර කීව ටයි පොළු පැළඳ දාඩිය ගැන ගතු කීව "බැළුවේ නැද්ද කාරෙක මං අර කීව අඩුවට ගන්න හැකි නව එන්ජිම තීව" මිතුරා වැලි කෙළියෙ දුව පැන නටපු මගේ මගුල් ගේ අදයි ලොකු අක්කගේ උගේ කළුවර ගහට ගිය දැසමන් වැලක් වගේ අක්කා සිටියි එල්ලී අයියගේ ඇඟේ මිතුරා ෆොටෝ ටික ගෙන දෙන්නට කීවා පෝරුවෙ සිරිත් කර යුවළද බැස ආවා පිහියද දරා අක්කා මදහස පෑවා රීලය ඉවර වී ඇත මා පැන දීවා "ළමයින් හට කවා හේමා ඔබ කන්න මම මේ ඉන්නෙ බඩගිනි වන් තුරු බොන්න පිරිමින් කැමති ගැහැණුන් හට ඉඩ දෙන්න" හස්බන්ඩ් කියයි අද සිහ වෙස් ගෙන ඉන්න "මට නම් නොහැක දැන් සීනිද තෙල් කන්න ඩොක්ටර් මට කිව්ව ඉන් වැලක...

හිරු නැග දිලෙයි හිස් නිල්වන් අහස අරා...

Image
හිරු නැග දිලෙයි හිස් නිල්වන් අහස අරා වැලි කැට පවා දවමින් මේ කතර පුරා පවස නිවන අම දිය බිඳු ලැබෙන තුරා දිව්වෙමි මමත් දුර ඇති මිරිඟුවක් කරා වැලි කැට අහුරු රුදු සුළඟට පෙම් බැන්ද එක්වී දූලි සුළඟේ රඟ දෙනු මන්ද සැඩ හිරු රැසින් මා සිත ගත දෙක බින්ද යළි යළි කියයි වේ සැපයක් මර නින්ද සැඩ හිරු එළිය දුල තරු වියනෙන් බන්දා දූවිලි සුළඟෙ රෑ සොමි සිසිලස රන්දා ගිනි ගෙන දැවෙන කතරට සැනසුම කැන්දා එන තුරු හිඳිමි සඳ පෙරඹර ලෙස නන්දා

සරසවි කුමරි වෙනතක් බැලුවද මන්දා….

Image
පැයකට දෙකට ගණ දෙවි නැණ ලද  හන්දා සරසවි ආමි දහසක් පැතුමන්   රන්දා සීතාවක සොයා ඈ අතැඟිලි   බන්දා ගෙනයමි දිනෙක සිරිකත භවනට   කැන්දා නොවිඳි දුකක් විඳ සීතාවක   හන්දා වසරක් දෙකක් මා දුර සිට පෙම්   බැන්දා රාමා අවුත් වානර සෙනඟද  කැන්දා ගෙනගියෙ සදා පාලම කාගෙද මන්දා      දෙසුම් හලේ නැළවිලි සවනත   රන්දා සිහින ලොවක මා පාවී ගිය හන්දා අතරින් පතර හිස් පිටු මත ඇස  රන්දා අසරණ කුමරි සරසවි නිති ඉකි බින්දා අත්ලට සිඟා ඉඳුලක් නොබුදින හන්දා වල්කොළ බිම අතුට බිම නොනිදන  හන්දා කල්ගිය රෙදි වැරළි නොම හඳිනා  හන්දා සරසවි කුමරි වෙනතක් බැලුවද මන්දා

පියඹන්න හැර පියා ජීවිතයෙ කහල ගොඩ…

Image
කිම කියනු එක තැනම ජීවිතයෙ කහල ගොඩ ගොඩ ගැසී පල් වේයි ? නොදුටුවෙද මැසි මදුරු , අමා සුව ලද අයුරු , තුටින් රඟ දෙන මියුරු ? නොදැනේද මේ දුගඳ උන් වසා නැගි අයුරු ? නැත උන්ට කිසි වගක්! කහල ඇති නම් තුටින් , කිම සොයනු වෙන මගක් , රඟ දෙවනු යළි ඉතින්… නිසල නිල් අහස් ගැබ කිමද උන් අඳුරු කර ? විලස සුදු සිල් රෙද්ද දැලි වැකී ඇති සෙයක්. නැද්ද උන් සිත් දෙන්නෙ කහල ගොඩ හැර යන්න ? මල් කැකුළු පූදන්න හිරුට ඉඩ කඩ දෙන්න , මහ පොළොව සිප ගන්න හිරුට ඉඩ සලසන්න ? දොළ පහර හැපි හැපී , මවන මුදු සංගීතෙ , මිහිර විඳ සැනසෙන්න , ලොවට ඉඩ කඩ දෙන්න . එපා පියපත් සලා , ඒ සුවය කෙලෙසන්න ! ආස ඇයි මිය යන්න ශාපලත් උන් ලෙසින් අත්ල අතරක තැලී ? කහල ගොඩ පොහොර වී , මල් කැකුළු පිපෙන දින , යළි එන්න නිවස වෙත සමනළුන් මෙන් තුටින් . ජීවිතයෙ රොන් බිංදු උරා රස විඳින කල , මැසි මදුරු දත්තාවෙ , අම බොජුන කසල නොව , රතු රුධිර බිඳද නොව , මල් රොනම පමණ බව… ඒ දිනය ලැබ ගන්න , මැසි මදුරු තොපි සැවොම නොපමාව ඉගිලෙන්න ! කහල ගොඩ හැරපියා , හිරුට ඉඩ සලසමින් මහපොළොව සිප ගන්න , කහල ගොඩ මල් පිපී සුවඳ දැනෙනා කලට , යළි එන්න නිවස වෙත සමනළුන් මෙන් තුටින , මල් සුවඳ තවර ...

මන්ද තව නුඹ නාව....

Image
මහ පොළොව ගිම් ලෑව වැලි දූලි දඟ පෑව සුළඟ සුසුමන් ලෑව මන්ද තව නුඹ නාව සමනළුන් නෑ තාම මල් සුවඳ දෙනු කෝම                           අතු ඉපල් වී මේම පමා වැඩි නුඹ බෝම දා කඳුළු පිසලන්න තුරු වදුලු සරසන්න මල් සුවඳ පතුරන්න නොපමාව නුඹ එන්න...

බසයේ යන්න පා පුවරුව තමයි තැන

Image
කවියක් තිබුනි පුවරුවෙ යන්නන්ට බැන යන අය එහි වවුලන් මෙනි හීන නැණ කවියා වරක් වත් බසයක නොගිය මෙන බසයේ යන්න පා පුවරුව තමයි තැන තුරුණු කතුන් පය හිල් කර ගෙන බසිති තවත් අයෙක් කලිසම ගලවා දුවති පා පුවරුවේ නම් මේ කිසි දුකක් නැති පා පුවරුවේ යන්නේ අය පෙර පිනැති ටාටා මුදලාලි ටාටා බස් හැදුවා අලි ගෙන යන්නටත් එහි ඉඩ කඩ ඇතුවා ගෙදර ගොසින් මම මගෙ උස මැන බැලුවා වැදුනා උළුවස්සෙ හිස ඉදිමී ඇතුවා බෆල් දෙකක් මී රස නව ගී බෙදුවා වැදි සංගීතෙ යළි යළි රී මික්ස් කෙරුවා රියපළු තෙමේ විට විට එනවුන්ස් කෙරුවා ඇසුනු විටදි හිත ගත දෙක ගියෙ බමවා සුසුමින් කිළිටි නොවු මද පවනක් දැවටේ බසයේ නදට පෙම් ගීයක් යැයි රැවටේ යනවිට බසය සුළඟක් මෙන් හැටට හැටේ වලකට වැටුනු විට මට වන්නමක් නැටේ එල්ලී නොමැති මා දෑතට විඩා නැත පෑගී නොමැති මා දෙපයේ තැලුම් නැත ගලවන් නොගිය කලිසම තිබු ලෙසම ඇත පා පුවරුවෙම යළි පලයන් කියයි සිත...

මගේ ගෑනි ලෙඩ වාට්ටුවකි

Image
මා අද කියන්නට යන්නේ අමුතුම කතාවකි. ඒ මාගේ අඹුවගේ සෞඛ්‍ය තත්වය ගැනයි. මුලින්ම මා කිව යුතු දෙය වන්නේ මා අඹුව ගෙදරට කැන්දාගෙන ආවේ මීට වසර දෙකකට පමණ පෙර බවයි.ඈ බම්බලපිටිය ප්‍රදේශයේ උපන්නියකි. ඇත්තටම කිවහොත් ඈ උපන්නේ කොහේදැයි කීමට තරම් මට දැනුමක් නැත. මන්ද යත් අපි කවුරු කවුරුත් එන්නේ කොහි සිටද යන්නේ කොහාටදැයි කීමට තරම් දැනුමක් අපි කාටවත් නැති නිසාය.එම නිසා මම දන්නේ මා ගෙදරට කැන්දාගෙන එනවිට ඈ බම්බලපිටියේ වාසය කළ බව පමණි. වෙනත් වචන වලින් කිවහොත් මගේ මාමණ්ඩිය හා නැන්දනිය වසන්නේ බම්බලපිටියේය.             රූපයට රැවටෙන්නට එපා යැයි මට මගේ අම්මා පවසා තිබූ නිසාත් ජීවිතයටම වරක් පමණක් ලැබෙන චාන්ස් එකක් නිසාත් මම මට තේරෙන තරමට හොඳ යහපත් අඹුවක් ගෙදරට කැන්දාගෙන ආවෙමි.එක මොළයේ පළු දෙකක් ඇති ගෑනියකට වඩා හොඳින් වැඩ පළ කරන බැවින් මම එක වර මොළ දෙකකින්ම වැඩ කරනා අඹුවක් ගෙදරට ගෙන ආමි.( මගේ අඹුවට මොළ දෙකක් ඇත්තේ කොහොමදැයි මගෙන් අසා පලක් නැත. එය තනිකරම පරීක්ෂණාත්මකව නිගමනය කර ගත් දෙයකි. සමහර විට මගේ ආදර නැන්දනිය නම් එය දන්නවා ඇත.)     ...