Posts

Showing posts from October, 2011

සරසවි කුමරි වෙනතක් බැලුවද මන්දා….

Image
පැයකට දෙකට ගණ දෙවි නැණ ලද හන්දා සරසවි ආමි දහසක් පැතුමන්රන්දා සීතාවක සොයා ඈ අතැඟිලිබන්දා ගෙනයමි දිනෙක සිරිකත භවනටකැන්දා
නොවිඳි දුකක් විඳ සීතාවකහන්දා වසරක් දෙකක් මා දුර සිට පෙම්බැන්දා රාමා අවුත් වානර සෙනඟද කැන්දා ගෙනගියෙ සදා පාලම කාගෙද මන්දා
දෙසුම් හලේ නැළවිලි සවනතරන්දා සිහින ලොවක මා පාවී ගිය හන්දා අතරින් පතර හිස් පිටු මත ඇස රන්දා අසරණ කුමරි සරසවි නිති ඉකි බින්දා
අත්ලට සිඟා ඉඳුලක් නොබුදින හන්දා වල්කොළ බිම අතුට බිම නොනිදන හන්දා කල්ගිය රෙදි වැරළි නොම හඳිනා හන්දා සරසවි කුමරි වෙනතක් බැලුවද මන්දා

පියඹන්න හැර පියා ජීවිතයෙ කහල ගොඩ…

Image
කිම කියනු එක තැනම ජීවිතයෙ කහල ගොඩ ගොඩ ගැසී පල් වේයි? නොදුටුවෙද මැසි මදුරු, අමා සුව ලද අයුරු, තුටින් රඟ දෙන මියුරු?
නොදැනේද මේ දුගඳ උන් වසා නැගි අයුරු? නැත උන්ට කිසි වගක්! කහල ඇති නම් තුටින්, කිම සොයනු වෙන මගක්, රඟ දෙවනු යළි ඉතින්…
නිසල නිල් අහස් ගැබ කිමද උන් අඳුරු කර? විලස සුදු සිල් රෙද්ද දැලි වැකී ඇති සෙයක්.
නැද්ද උන් සිත් දෙන්නෙ කහල ගොඩ හැර යන්න? මල් කැකුළු පූදන්න හිරුට ඉඩ කඩ දෙන්න, මහ පොළොව සිප ගන්න හිරුට ඉඩ සලසන්න?
දොළ පහර හැපි හැපී, මවන මුදු සංගීතෙ, මිහිර විඳ සැනසෙන්න, ලොවට ඉඩ කඩ දෙන්න. එපා පියපත් සලා, ඒ සුවය කෙලෙසන්න! ආස ඇයි මිය යන්න ශාපලත් උන් ලෙසින්

මන්ද තව නුඹ නාව....

Image
මහ පොළොව ගිම් ලෑව වැලි දූලි දඟ පෑව සුළඟ සුසුමන් ලෑව මන්ද තව නුඹ නාව
සමනළුන් නෑ තාම මල් සුවඳ දෙනු කෝම                           අතු ඉපල් වී මේම පමා වැඩි නුඹ බෝම
දා කඳුළු පිසලන්න තුරු වදුලු සරසන්න මල් සුවඳ පතුරන්න නොපමාව නුඹ එන්න...