Posts

ට්‍රම්ප් පදවි ප්‍රාප්ති දේශනය

Image
ඇමරිකානුවන් ලෙස අපි සියළු දෙනාම , අප රට යළි ගොඩ නැගීමේ සහ එහි ජීවගුණය සියලු රට වැසියන් කෙරෙහි ප්‍රතිස්ථාපනය කිරීමේ අති මහත් ජාතික කර්තව්‍යයේ නිරතව සිටින්නෙමු. ඉදිරි වසර ගණනාවක් සඳහා ඇමරිකාවෙහි මෙන්ම ලෝකයේද ගමන් මග අපි එක්ව තීරණය කරන්නෙමු. අපි අභියෝගයන්ට මුහුණ දෙන්නෙමු , පීඩාවන්ද ජයගන්නෙමු , කෙසේ හෝ එම කාර්යය සාර්ථක කරන්නෙමු. සෑම වසර හතරකට වරක් මෙම පියගැට පෙළ අසල අපි  ක්‍රමවත් මෙන්ම සාමකාමී බලය පැවරීමක් සඳහා රැස්වන මෙම අවස්ථාවේදී ජනාධිපති ඔබාමා සහ ජනාධිපති ආර්යා මිෂෙල් වෙත අපි අපේ කෘතඥතාව පුද කර සිටින්නෙමු. ඔවුන් අති විශිෂ්ටයි , " ස්තූතියි!" ඒ කෙසේ වෙතත් , අද දින උත්සවය විශේෂ අරුතක් දරන්නේ එක් පාලන තන්ත්‍රයකින් වෙනකකට හෝ එක් පක්ෂයකින් අනෙකකට බලය පැවරීම පමණක්ම සිදුනොවන නිසාවෙනි. අද දින වොෂින්ටනයෙහි හුවමාරුවන බලය , යළි ජනතාව වෙත පැවරීමක්ද සිදුවන නිසාවෙනි. ඉතා දිගු කලක් තිස්සේ , අප අගනුවර වෙසෙන සුළු පිරිසක් විසින් පාලනයෙහි ප්‍රතිඵල භුක්තිවින්දේ , සාමාන්‍ය ජනතාව එහි වියදම් දරන අතරය. වොෂින්ටනය දිනෙන් දින සමෘධිමත් වූ මුත් , එම ධනය බෙදා හැරීමක් සිදු නොවුණි. දේශ

ගිහි සැප හැර පැවිදි වීම රෝමෑන්ටික් කිරීම....

Image
මේ ලිපිය ලියන්නේ පසුගිය දින කීපය තුළ  මා බුකියෙහි දුටු ලිපි මාලාවන් කිහිපයක් නිසාවෙනි. පළමුවෙන්ම කිව යුතු වන්නේ අද දිගහරින මාතෘකාව ඉතා සංවේදී හෙයින් යම් හෙයකින් කිසියම් අදාළ පාර්ශවයකට සිත් රිදුමක් සිදුවන්නේ නම් සමා අ‍යැද සිටින බවය. මේ ඉහත සඳහන් කළ සියළු ලිපි මාලාවන් බුකියෙහි පළවන්නේ පසු ගිය දින කිහිපයක පටන් අප රටෙහි වන විද්‍යුත් මාධ්‍ය භාවිතාවකම දිගුවක් වශයෙනි. වර්තමාන අප රටේ මාධ්‍ය මගින් අසීමාන්තික ලෙස රෝමාන්තික කරණයට භාජනය වූ නවතම කාරණය ලෙස මා දකින්නේ "ගිහි ගෙය හැර යාම"යි. ඒ මාධ්‍ය ව්‍යාපෘතිය යටතේ පැවිදි බිමට පත්වීම හෝ එයට මුල් වූ කරුණු , දෙවන ගනයේ මාතෘකා වූ අතර මා දුටු සියලු පුවත් වල මූලික අවධානය යොමුව තිබුණේ හැර ගියේ කුමක්ද යන්න කෙරෙහිය. උදාහරණයක් ලෙස ගත්විට සෑම පුවතකම දක්නට ලැබුණු මූලික කාරණා වූයේ , 1. පවුල් පසුබිම 2. අධ්‍යාපන පසුබිම 3. රැකියා මට්ටම 4. සමාජ සබඳතා                                  ආදියයි.   මේ සියල්ල හැර දමා කතානායක තෙමේ/ තුමූ පැවිදි බිමට ඇතුලත් විය යන්න අවසානයේ පාදක සටහනක් ලෙස පමණක් ලිපි අවසානයේ එක් වී තිබුණි. මේ බොහෝ අවස්ථා

The Condemned!

Image
Since it has become a hotly debated topic in Sri Lanka, I have somewhat closely followed the ongoing wave of protests, both against &  in favour of South Asian Institute of Technology and Medicine (SAITM) & as a complete outsider to the Medical Profession, I have found the lack of Analysis on display (from both Sides) to be a huge disappointment, especially since number crunching is what I do for living. Therefore, I wish to go ranting on few details which I happened to find on internet. (Well, I happened to find them because I searched for them!) Is Private Education the Solution for the aggravating problem of lack of opportunities for Higher Education in Sri Lanka? As you can clearly observe, in the Year of 2010, out of the 265, 388 candidates who sat for GCE (A/L), 142,415 were able to reach the Qualification Levels required for Higher Education in their respective streams. (For the sake of argument, Bio, Maths, Commerce & Arts only) As it can be seen