Posts

Showing posts from September, 2012

හතුරකුටත් නුඹ ඇසු ගී දෙන්න එපා...

Image
සිත නොව ගතයි ගීයෙන් දැන් අමතන්නේ වැර නැති දෙපය වුව නටමින් රඟ දෙන්නේ පෙර කල ගැයූ ගී නැතිදෝ රස දෙන්නේ නව නළු රසය කෙලෙසද පුත හඳුනන්නේ
මන්දෝ පුතුණි ඔබ ඔය අසනා ඔව්වා රසදේ පුතුණි අප බාලේ ඇසු එව්වා උඩ පැන නටා අප පොඩි කල කී මෙව්වා අප හද පතුලෙ උණුසුම් මිහිරක් මැව්වා
කාලේ වෙරළෙ හැපි හැපි පෙර මැකි ගීත රැප් කර යළිත් උණුසුම දුණි රෑ සීත අසනුය පුතුණි ඉතිහාසයෙ පෙර ඈත "ප්‍රණෙ හනි" වෙන්ට කෑ සඟ බොධි සුවිනීත
ආදර හැඟුම් රෑ සඳ වතුරෙන් ආවා පතමින් පැතුම් පෙම් කොඳ මල් ඇහැරේවා පිවිතුරු පැතුම වේ මේ රැය මගෙ වේවා ඇසුවෙද කියනු අද මගෙ සඳ ඔබ වේවා
පෙර කල කවින් අඳ රාගෙන් උමතු වැටී ගත හැකි කීය ළඳකගෙ ඉඟ කළත් මිටී දැනගනු කවිය ළඳකගේ සිරි කියන හැටී තරමට ඉඟෙන් පොඩි පුරඟන ළදොත් වටී
මුතු මිණි නැතිය දෙනු ඔබ හට සළුද කසී අද පල නැතිය මට ඔබ නැති ලොවෙන් කිසී තරු මිණි පාවි ඔච්චම් පෙම් සිනහ සිසී කිව යුතු නුඹත් මතු නුඹ පෙම් කළොත් නිසී
කංසා ඔසුව වේ ලිව්වේ පොරණ වෙදා කිව්වට දුකා ගස් යැව්වේ නැද්ද එදා පැණි රස කෑම කා කංසා බොන්න මෙදා සොකරිට නුඹේ හැක සයනේ ඉන්න නිදා
සියුමැලි නැතිද පෙම් කළ කොල්ලෙකුගෙ සතන් පෙරසේ හැඟේ දුටු විට දිගු දෑස ඉතින් යා යුතු නුඹත් ගිය මග අර …