යුෂ්මතා මිනී මැරුවාද? නැත ස්වාමීනි මස් ගොඩක් අතරින් ලී මිටැති වානේ තලයක් යැවුවෙමි!!!
මරන්නේ මිනී නොවෙයි. පණ ඇති එකෙකි. නමුත් කමක් නැත,මම පහසුව තකා එම පදය භාවිතා කරමි. කෙසේ හෝ මේ ප්‍රශ්නය දෙස බැලූ විට මේ අදාල නඩුකාරයා අදාල යුෂ්මතා සංදර්භයන් දෙකක (ඔබගේ පහසුවට; සිංහලෙන් context කියා කියන්නේ මෙයටය.)සිට මේ ප්‍රශ්නය දෙස බලන බව කාටත් පෙනෙනු ඇත.නඩුකාරයා මියගිය තැනැත්තා පුද්ගලයකු ලෙස එනම් එකතුවක් දෙස දකියි. කිතුලට ගිය මිනිහාටත් කියන්නට දේවල් ඇතැයි කියා තිබුනත් මේ චූදිතයා මදක් විමර්ශනය කරනු ලැබීමට තරම් වටිනා එකෙකි. ඔහු මියගිය තැනැත්තා කොටස් කිහිපයක එකතුවක් ලෙස දකියි.මෙය තරමක් බරපතල තත්වයකි.බුදුදහමේ උගන්වන්නේ අපව දිරිමත් කරන්නේ මෙලෙස සාදා ගත් සංකල්ප වලින් ඉවත් වීමටය.එසේ නම් මේ මිනී මරුවා රහත් වීමටද සුදුස්සෙකියි යන ප්‍රශ්නය ඔබට පැන නැගෙනු ඇත. මන්දයත් කලින් ප්‍රකාශයට අනුව ඔහු බුදු දහම හොදින් අවබෝධ කර ඇත්තෙකි. නමුත් කොතැනක හෝ වැරැද්දක් ඇති බව මට හැගී ඇති අතර ඔබටත් එය සාධාරණ වනු ඇත. දැන් අපි මදක් ගැඹුරට මෙය සළකා බලමු. ඔබ බණ ඇසීමට උවමනා නැත.බ...