සරසවි කුමරි වෙනතක් බැලුවද මන්දා….

පැයකට දෙකට ගණ දෙවි නැණ ලද හන්දා
සරසවි ආමි දහසක් පැතුමන් රන්දා
සීතාවක සොයා ඈ අතැඟිලි බන්දා
ගෙනයමි දිනෙක සිරිකත භවනට කැන්දා

නොවිඳි දුකක් විඳ සීතාවක හන්දා
වසරක් දෙකක් මා දුර සිට පෙම් බැන්දා
රාමා අවුත් වානර සෙනඟද කැන්දා
ගෙනගියෙ සදා පාලම කාගෙද මන්දා    

දෙසුම් හලේ නැළවිලි සවනත රන්දා
සිහින ලොවක මා පාවී ගිය හන්දා
අතරින් පතර හිස් පිටු මත ඇස රන්දා
අසරණ කුමරි සරසවි නිති ඉකි බින්දා

අත්ලට සිඟා ඉඳුලක් නොබුදින හන්දා
වල්කොළ බිම අතුට බිම නොනිදන හන්දා
කල්ගිය රෙදි වැරළි නොම හඳිනා හන්දා
සරසවි කුමරි වෙනතක් බැලුවද මන්දා

Comments

  1. ෂා මරු කවි සෙට් එක නියමෙට ලියල තියෙනවා..මෙහෙම ලියන්න පුළුවන් කලාතුරකින් කෙනෙකුට තමයි. ගොඩක් අය ලියන්නෙ නිසඳැස්නෙ. දිගටම ලියන්න සහෝ.

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

(වි ) රහ කතා....