බසයේ යන්න පා පුවරුව තමයි තැන
කවියක් තිබුනි පුවරුවෙ යන්නන්ට බැන
යන අය එහි වවුලන් මෙනි හීන නැණ
කවියා වරක් වත් බසයක නොගිය මෙන
බසයේ යන්න පා පුවරුව තමයි තැන
තුරුණු කතුන් පය හිල් කර ගෙන බසිති
තවත් අයෙක් කලිසම ගලවා දුවති
පා පුවරුවේ නම් මේ කිසි දුකක් නැති
පා පුවරුවේ යන්නේ අය පෙර පිනැති
ටාටා මුදලාලි ටාටා බස් හැදුවා
අලි ගෙන යන්නටත් එහි ඉඩ කඩ ඇතුවා
ගෙදර ගොසින් මම මගෙ උස මැන බැලුවා
වැදුනා උළුවස්සෙ හිස ඉදිමී ඇතුවා
බෆල් දෙකක් මී රස නව ගී බෙදුවා
වැදි සංගීතෙ යළි යළි රී මික්ස් කෙරුවා
රියපළු තෙමේ විට විට එනවුන්ස් කෙරුවා
ඇසුනු විටදි හිත ගත දෙක ගියෙ බමවා
සුසුමින් කිළිටි නොවු මද පවනක් දැවටේ
බසයේ නදට පෙම් ගීයක් යැයි රැවටේ
යනවිට බසය සුළඟක් මෙන් හැටට හැටේ
වලකට වැටුනු විට මට වන්නමක් නැටේ
එල්ලී නොමැති මා දෑතට විඩා නැත
පෑගී නොමැති මා දෙපයේ තැලුම් නැත
ගලවන් නොගිය කලිසම තිබු ලෙසම ඇත
පා පුවරුවෙම යළි පලයන් කියයි සිත...
පා පුවරුවේ එල්ලීගෙන අවට ඉන්න රුවැති ලඳුන් බලමින් ගිය පාසල් බස් රියේ ගමන මතක් වුණා!
ReplyDeleteපා පුවරුවේ යාමෙ සුව දැන ගන්න
ReplyDeleteකෙල්ලෙක් නිසා මට බැරි වුවා ඔන්න
පා පුවරුවෙ යන මල්ලී අහගන්න
බුදු සරණින් යහතින් ගොස් පැමිණෙන්න
බසයේ යන්න පා පුවරුව තමයි තැන, ඒක හැබෑව. හැබැයි දුර ගමනක් යන්න නං ඒක තැන නෙවෙයි. මට සිද්ද උනා වෙසක් පෝයට long weekend එකක ඇවිත් රත්නපුරේ ඉඳං හෝමගමට වෙනකං පාපුවරුවේ එන්න. ඒක නං එච්චර මිහිරි අත්දැකීමක් නෙවෙයි. අයේ එහෙම යන්න නෙොහිතං හිටියත් ඒකම සිද්ධ උනා ඊළඟ අවුරුද්දෙ අළුත් අවුරුද්දට ගමේ ගිහින් එද්දි. මීගොඩට වෙනකං පාපුවරුවෙ හිටගෙන. හපොයි එහෙම කෑමක්.!! මතක් වෙන කොට පණ යනවා
ReplyDelete