Posts

Showing posts from July, 2010

මුල් අකුරු නොකියවූ මුල් ගුරුතුමිය ඔබ.......

Image
මුල් ගුරුතුමී ඔබ මුල් අකුරු නොකියවූ ආ විගස තැන් මාරු ලබා ගෙන කොළඹ ගිය මා පාසලට ආ එකම මුල් ගුරුතුමිය ඔබ අයනු කියා දී මට ආයනු කියා දීමට සුවච සිසුවකු සෙවූ ඔබ තවම ගුරුතුමිය මුල් අකුරු නොකියවූ ඔබ කියා දුන් සතර ඇත තවම සිත රැඳී ඒ සතර අනු යමින් පුදමි ඔබ යළි ඉතින් මුල් අකුරු නොකියවූ මුල් ගුරුතුමී ඔබ ගුරු පඬුරු පුදන මම නොවෙමි ඔබ පළමු සිසු නමුදු ඔබ නම් ඉතින් මුල් ගුරුතුමිය මය මුල් අකුරු නොකියවූ

හය හතර පිළිබඳ නවතම අර්ථ දැක්වීමක්...........

 පළමුවෙන්ම සෑහෙන දිනක් ඔබෙන් වසන් වී ඉඳීම ගැන සමාව ඉල්ලිය යුතු බව සිතමි.ඇත්තම කියනවා නම් මා බ්ලොග් කිරීමෙන් වසන් වී සිටියා මිස බ්ලොග් එක මගෙන් වසන් ව නොසිටි බව කිව යුතුය.එසේ නම් මා ඔබ අමතක නොකළ බව එයින් ගම්‍ය වේ යැයි සිතමි.නිදහසට කරුණු විමසනු කැමැත්තෝ සිටියි නම් විභාග කටයුතු සහ ලෙඩ දුන් පරිඝණකය එයට හේතු වූ බව සිත දරා ගනිත්වා.ඒ අතර තුරේ දී මාව මතක් වූ ඔබ හැමට පිං. ඉතින් දැන් මාතෘකාවට.                      මේ දිනවල ක්‍රිකට් තරඟ පැවතෙන අතර තුරේ මේ ලිපිය ලියන නිසා මේ ක්‍රිකට් ගැන කතාවකැයි සමහරු සිතට ගනු ඇති. එසේ සිතුවේ නම් සහෘදය ඔබ වැරදි බව සිත දරා ගනුව.ඔබ හය හතර වත් නොදන්නෙකි. ආහ් ! හය හතර යනු කුමක්දැයි ඔබ දන්නවාද? (ඉන්න ඉන්න ...මෙය තවත් නීරස ආගමික ලිපියක් නොවෙයි.) අප පැරැන්නන් හය හතර කීවේ නම් දිව්‍ය ලෝක හයටත් අපාය හතරටත් තමා.හොඳයි! වර්තමාන ලෝකයේ දිව්‍ය ලෝක හය හා අපාය හතර මොනවාද යැයි මම ඇසුවහොත් ඔබ දෙන පිළිතුර මම දනිමි.එනම්, මොන මළ කෝලමක්ද යන්නයි.නමුත් මා ඔබට දෙන පිළිතුර මඳක් වෙනස්ය. එනම් දිව්‍ය ලෝක හය යනු 1.)ඇමරිකාව.2.)බ්‍රිතාන්‍යය .3.)ජර්මනිය .4.) ප්‍රංශය. 5.)ජපානය .6.)රුසියාව බවත් අප