මුල් අකුරු නොකියවූ මුල් ගුරුතුමිය ඔබ.......




මුල් ගුරුතුමී ඔබ

මුල් අකුරු නොකියවූ

ආ විගස තැන් මාරු

ලබා ගෙන කොළඹ ගිය

මා පාසලට ආ එකම

මුල් ගුරුතුමිය ඔබ





අයනු කියා දී මට

ආයනු කියා දීමට

සුවච සිසුවකු සෙවූ

ඔබ තවම ගුරුතුමිය

මුල් අකුරු නොකියවූ



ඔබ කියා දුන් සතර

ඇත තවම සිත රැඳී

ඒ සතර අනු යමින්

පුදමි ඔබ යළි ඉතින්

මුල් අකුරු නොකියවූ

මුල් ගුරුතුමී ඔබ



ගුරු පඬුරු පුදන මම

නොවෙමි ඔබ පළමු සිසු

නමුදු ඔබ නම් ඉතින්

මුල් ගුරුතුමිය මය

මුල් අකුරු නොකියවූ

Comments

  1. වෙනස් අපූරු නිර්මාණයක්

    ReplyDelete
  2. හර බර ගැඹුරේ කිමිදී දිය නෑව
    නුඹ මේ මොකද වුන් හිටිතැන කවි ලීව
    හර බර තරමටම ඔබ ලී ලිපි සෑම
    කවියද අගෙයි නුඹ නම් හපනෙකි බෝම

    ReplyDelete
  3. අමුතු කවියක් සහෝ :)

    ReplyDelete
  4. -----------------------
    ගුරු සිත නොරිදවා,
    වේලාව නොවරදවා,
    ඇක දැමු ලේකමා,
    හොඳම සිසුවෙක් තමා.
    -----------------------
    ඇත ගෞරවය තාම සිතෙහී,
    මුල් ගුරුතුමියගේ මතක කැටිවී,
    නැතත් ඇය දැන් වටා පිටෙහී,
    ඇත තවත් ඇය මතක පොතෙහී

    පහන ඇයමය පාර පෙන්නූ,
    රුවත් ඇගෙමය සිතෙහි රැඳුනූ,
    ණයක් ඇත මා තවම නොගෙවූ,
    ලොවක් ඇත මගේ ඔබට පිදුනූ

    ------------------------
    මීට වඩා ලියන්න වෙලාව් නෑ බං. ඔන්න මාස 2කට විතර පස්සේ මුලින්ම බ්ලොග් එකකට comment එකක් දැම්මෙ උඹේ එකට තමා ;)

    ReplyDelete
  5. කමෙන්ට් දාපු හැමෝටම තුති.මම මේ දවස් වල මගේ පාඩුවෙ මගේ වැඩක් බලාගන ඉන්න නිසා කමෙන්ට් එකක් වත් දාන්න හැටියක් නැහැ.ඔන්න පොරොන්දුවක් දුන්නා මේ 23 න් පස්සේ එහෙම නැහැ.

    ReplyDelete
  6. ඈයි 23න් පස්සේ මොකද වෙන්නේ?? විභාගේ පටන් ගන්නේ 23 මිස ඉවර වෙන්නේ 23 නෙමේ :පී

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

The Condemned!