ඇමරිකානුවන් ලෙස අපි සියළු දෙනාම , අප රට යළි ගොඩ නැගීමේ සහ එහි ජීවගුණය සියලු රට වැසියන් කෙරෙහි ප්‍රතිස්ථාපනය කිරීමේ අති මහත් ජාතික කර්තව්‍යයේ නිරතව සිටින්නෙමු. ඉදිරි වසර ගණනාවක් සඳහා ඇමරිකාවෙහි මෙන්ම ලෝකයේද ගමන් මග අපි එක්ව තීරණය කරන්නෙමු. අපි අභියෝගයන්ට මුහුණ දෙන්නෙමු , පීඩාවන්ද ජයගන්නෙමු , කෙසේ හෝ එම කාර්යය සාර්ථක කරන්නෙමු. සෑම වසර හතරකට වරක් මෙම පියගැට පෙළ අසල අපි ක්‍රමවත් මෙන්ම සාමකාමී බලය පැවරීමක් සඳහා රැස්වන මෙම අවස්ථාවේදී ජනාධිපති ඔබාමා සහ ජනාධිපති ආර්යා මිෂෙල් වෙත අපි අපේ කෘතඥතාව පුද කර සිටින්නෙමු. ඔවුන් අති විශිෂ්ටයි , " ස්තූතියි!" ඒ කෙසේ වෙතත් , අද දින උත්සවය විශේෂ අරුතක් දරන්නේ එක් පාලන තන්ත්රයකින් වෙනකකට හෝ එක් පක්ෂයකින් අනෙකකට බලය පැවරීම පමණක්ම සිදුනොවන නිසාවෙනි. අද දින වොෂින්ටනයෙහි හුවමාරුවන බලය , යළි ජනතාව වෙත පැවරීමක්ද සිදුවන නිසාවෙනි. ඉතා දිගු කලක් තිස්සේ , අප අගනුවර වෙසෙන සුළු පිරිසක් විසින් පාලනයෙහි ප්‍රතිඵල භුක්තිවින්දේ , සාමාන්‍ය ජනතාව එහි වියදම් දරන අතරය. වොෂින්ටනය දිනෙන් දින සමෘධිමත් වූ මුත් , එම ධනය බෙදා හැරීමක් සිදු නොවුණි. දේශ...
වෙනස් අපූරු නිර්මාණයක්
ReplyDeleteහර බර ගැඹුරේ කිමිදී දිය නෑව
ReplyDeleteනුඹ මේ මොකද වුන් හිටිතැන කවි ලීව
හර බර තරමටම ඔබ ලී ලිපි සෑම
කවියද අගෙයි නුඹ නම් හපනෙකි බෝම
අමුතු කවියක් සහෝ :)
ReplyDelete-----------------------
ReplyDeleteගුරු සිත නොරිදවා,
වේලාව නොවරදවා,
ඇක දැමු ලේකමා,
හොඳම සිසුවෙක් තමා.
-----------------------
ඇත ගෞරවය තාම සිතෙහී,
මුල් ගුරුතුමියගේ මතක කැටිවී,
නැතත් ඇය දැන් වටා පිටෙහී,
ඇත තවත් ඇය මතක පොතෙහී
පහන ඇයමය පාර පෙන්නූ,
රුවත් ඇගෙමය සිතෙහි රැඳුනූ,
ණයක් ඇත මා තවම නොගෙවූ,
ලොවක් ඇත මගේ ඔබට පිදුනූ
------------------------
මීට වඩා ලියන්න වෙලාව් නෑ බං. ඔන්න මාස 2කට විතර පස්සේ මුලින්ම බ්ලොග් එකකට comment එකක් දැම්මෙ උඹේ එකට තමා ;)
කමෙන්ට් දාපු හැමෝටම තුති.මම මේ දවස් වල මගේ පාඩුවෙ මගේ වැඩක් බලාගන ඉන්න නිසා කමෙන්ට් එකක් වත් දාන්න හැටියක් නැහැ.ඔන්න පොරොන්දුවක් දුන්නා මේ 23 න් පස්සේ එහෙම නැහැ.
ReplyDeleteඈයි 23න් පස්සේ මොකද වෙන්නේ?? විභාගේ පටන් ගන්නේ 23 මිස ඉවර වෙන්නේ 23 නෙමේ :පී
ReplyDelete