(වි ) රහ කතා....
http://lifestyle.indiainfo.com/2009/06/11/images/broken_people_400.png කොහොමහරි අද නම් මම කතාවක් කියන්නයි යන්නේ.ඒක නිසා කතා කරන බාසාවෙන්ම ලියන්නයි යන්නේ.මේක මගේ හොදම යාළුවෙක්ට වෙච්ච දෙයක්.(තමාගේ හොදම මිතුරා තමාය කියලා සමහර කටකතා කාරයෝ කියලා තිබ්බට පිළිගන්න එපා.)මේ සිද්දිය කැම්පස් එකේ වෙච්ච දෙයක්.මේ දේ උන මගේ යාළුවා දිහා ගෑනු ළමයෙක් බලනවා වගේ එකක් එයාට දැනිලා තිබුනා.මාත් මිනිහගේ උදව්වට??? ඒ පැත්ත පොඩ්ඩක් බලනකොට කතාව ඇත්ත.(හැබැයි අපි දෙන්නාටම වැරදිලාද කියන්න නම් දන්නේ නෑ.)මිනිහා කාටවත් කියලා වැඩේ දෙල් කර ගත්තේ නම් නෑ.(අදාල කෙනාටවත්) ඒක නිසාමද මන්දා විභාග එහෙම ඉවරවෙලා බලද්දී මිනිහා දුරින් ඉද කරපු ප්‍රේමය විනාශ වෙලා තිබුනා.ඉතින් මිනිහාගේ හොදම යාළුවෙක් වෙච්ච මට මිනිහා මෙහෙම කිය කිය ඉන්නවා ඇති කියලා හිතුනා. චණ්ඩ හිරු එබෙන්නේ ඔබෙ සිසිල විදින්නයි සද කිරණ නටන්නේ සද මුහුණ දකින්නයි සමන් මල් පතන්නේ ඔබේ රුව ලබන්නයි මා දෙනෙත් තැවෙන්නේ ඔබේ රුව දකින්නයි ඔබ එළිය නැති මේ මග අන්ධකාරයි ඔබ නැතිව යන මේ දිවි ගමන පාළුයි ඔබ ගායනය නැති වෙණ නද අමිහිරියි සිහිනයේදිත් මා හැර...