සූර්යයා A අකුරේ සිට අ යන්නට මාරු වන වගයි....


මේ අවුරුදු සමයයි. සම"හරක්" ඉතින් මට මොකදැයි අසනු ඇත.මේ අවුරුදු කාලය අපට සිහි ගන්වන්නේ අපේ රටේ ඉපැරණි සම්ප්‍රදායන් සහ කලාවන්ය.අපගේ වැරදි පුරුදු සහ වැරදි යයි සිතන පුරුදු සාදා ගන්නට මෙයට වඩා හොද කාලයක් නැත. ඉතින් මමද මා වැරදි යයි සිතන පුරුද්දක් සාදා ගැනීමට මෙය අවස්ථාවක් කර ගනිමි.මාගේ බ්ලොග් සටහන "ලේක්ස්ගේ සම්මුති ලෝකය සැකෙවින්"යන්නයි.මෙම සටහන දකින කෙනෙකු මෙම බ්ලොග් සටහන සින්හල එකක් වීම බලාපොරොත්තු වනු ඇතැයි මට වැටහුනේ මාගේ මිතුරකු සහ මාගේ බ්ලොග් ගුරුතුමා වන ඉෂාන් ඇසූ පැනයක් නිසාය. ඉතින් මම එදින මාගේ බ්ලොග් එකේ රාජ්‍ය භාෂාව සින්හල කිරීමට සිතා ගත්තෙමි.
                එමනිසා අද සිට එම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියේ පිහිටා මාගේ බ්ලොග් සටහනේ වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇත.නමුත් භාෂාව මුල් කර ගත් කලබල ඇති වීම වලක්වනු වස් මාගේ බ්ලොග් රාජයා ද්විභාෂා එකෙකු වනු ඇත. මෙම ද්විභාෂා වීම වර්තමාන අනුකාරකවාදීන්ගේ සින්හල ඉන්ග්‍රීසි දෙකම දැන ගැනීමට සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර එය පසුපස ඇත්තේ ඉදුරාම වෙනස් අරමුණු බව පවසනු කැමැත්තෙමි.( කැම්පස් භාෂාවෙන් පවසන්නේ නම් මාගේ කඩ්ඩ හදා ගැනීම:[එයද සමහරක් අය මෙන් අනුන්ට සිනා වීමට හෝ පහත් කොට සැළකිමට නොවන බව ඉදුරාම කිව යුතුය.] සහ සින්හල නොතේරෙන අයට (???)පහසුවක් වීමටත්ය.)
                නමුත් ඇත්තම පවසන්නේ නම් ඉන්ග්‍රීසියෙන් යතුරු ලියනය කිරීම මට වඩාත් පහසුය.එමෙන්ම මාගේ ලිවීමේ ආකාරයට වඩාත් සරිලන්නේද ඉන්ග්‍රීසි භාෂාව බව සිතමි.(යටත් විජිත මානසිකත්වය නැත්නම් වෙන කුමක්ද?)ඒවා කෙසේ වුවත් මාගේ සින්හල ලිවීම පෙර කඩ්ඩ බ්ලොග් සටහන් සේම ආකර්ෂනීය කිරීමට මම වෙර දරමි. තවද මම පල කරන සින්හල බ්ලොග් සටහන් වල ඉන්ග්‍රීසි පරිවර්තනද  නිතිපතා පල කිරීමට බලාපොරොත්තු වෙමි.එය මාගේ ඉන්ග්‍රීසි ලිවීමේ ආකාරයට කැමති අයට උපකාරයක් වනු ඇත. ඉතින් අද පටන් මාගේ ද්විභාෂා ලෝකයේ සහචරයන් වන ඔබට එය නැවුම් අත්දකීමක් වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
                ඔබ සැමට සුභ නව වසරක් වේවා.කිරියෙන් පැණියෙන් ඉතිරේවා.ආවඩා ආයුබොහෝ වේවා!(කල් වැඩිද මන්දා???)

Comments

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

(වි ) රහ කතා....