සරසවි කුමරි වෙනතක් බැලුවද මන්දා….
පැයකට දෙකට ගණ දෙවි නැණ ලද හන්දා සරසවි ආමි දහසක් පැතුමන් රන්දා සීතාවක සොයා ඈ අතැඟිලි බන්දා ගෙනයමි දිනෙක සිරිකත භවනට කැන්දා නොවිඳි දුකක් විඳ සීතාවක හන්දා වසරක් දෙකක් මා දුර සිට පෙම් බැන්දා රාමා අවුත් වානර සෙනඟද කැන්දා ගෙනගියෙ සදා පාලම කාගෙද මන්දා දෙසුම් හලේ නැළවිලි සවනත රන්දා සිහින ලොවක මා පාවී ගිය හන්දා අතරින් පතර හිස් පිටු මත ඇස රන්දා අසරණ කුමරි සරසවි නිති ඉකි බින්දා අත්ලට සිඟා ඉඳුලක් නොබුදින හන්දා වල්කොළ බිම අතුට බිම නොනිදන හන්දා කල්ගිය රෙදි වැරළි නොම හඳිනා හන්දා සරසවි කුමරි වෙනතක් බැලුවද මන්දා