ඔබ සමග-රැඟූයෙමි.....


දිගු දෑස- නිල් දෑස
අහිංසක- ලොකු දෑස
ගයන විට- රඟන විට
කඳුළු  බිඳු- මවන විට
ගැයූයෙමි-වැයූයෙමි
ඔබ සමග-හැඬූයෙමි
ඔබ සමග-රැඟූයෙමි

බිය රැඳෙන- අඳුර දෙන
සිත බිඳී- ඇවිද යන
මාවතේ- ජීවිතේ
යථාවේ- බීමතේ
හස පාන-හඳ පාන
නැත ළඟක- නුඹ පේන
බිඳෙයි- ලස්සන හීන

රිදී තිර- පුංචි තිර
දහසයේ- පැතලි තිර
පමණි ඔබ -මට ගේන
මැවෙයි ලස්සන හීන....

Comments

Popular posts from this blog

ට්‍රම්ප් පදවි ප්‍රාප්ති දේශනය

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)