කඩවල් ඉදිරිපිට රෑවන විට තෝසේ-නවතා තිබේ දැන් මැක්ලරනුත් පෝෂේ...


ඇමරිකාව චීනය හා රුසියාව
ගුවන දිනා ලෝකෙට කට මැත කීව
තබමින් ලෝක සිතියමෙ සිරි ලංකාව
අඹරේ දිලෙයි සුප්‍රිම් සැට් යානාව

එකල රජුන් කල පරසිදු ලෙස ගජබා
ඇවිද ගියේ රජු මහ මග නොම පසුබා
පාරේ යනු බයය අද වුව වීර අභා
යුගයෙන් පසුව බිය රජ වූ අඳුරු ප්‍රභා

එහෙයින් රැඳී ගුවනේ ලක පිං සාර
සුප්‍රිම් සැට් යොමයි නෙත අඟලක් නෑර
දිවි මග සැබෑ තතු හෙළි කර ලෙස සූර
කැඩු ලෙස එවයි වක්කඩ අද පින්තූර

අනතුරු වැඩිය මහ මග දැන් දැන් බෝසේ
කෙල්ලන් යන්නෙ ලයිසන් ගත් මෙනි ආසේ
කඩවල් ඉදිරිපිට රෑවන විට තෝසේ
නවතා තිබේ දැන් මැක්ලරනුත් පෝෂේ

දෙදහස් පන්සියය ඇත පවුලක් කන්න
තහවුරු කරයි ලද සේයා රූ ඔන්න
මහපොළ ලබන සරසවි සිසුවකු මෙන්න
සහ සිය පවුල දරුවන් දෙදෙනෙකු ඉන්න

සියයට හයක්  අධ්‍යාපනයට දුන්න
එබැවින් නොමැත අමතර වියදම් යන්න
සිනහව පිරී ඇත ගේ පැල උතුරන්න
පණහක් ඉතිරි වේ ලැම්බෝගිනි ගන්න

පැල ඉණි වැටෙන් ඇති ගේ ඉදිරියෙ පැන්න
විට හමුවේවි ඔබ හට මහ ගේ ඔන්න
දෙදහස් එකොළහේ උපෙළින් තෙර පැන්න
මල්ලී සමඟ මව්පිය දෙපළද ඉන්න

ගිය අවුරුද්දෙ උපෙළින් ජය පැන් බිව්වා
ඉසෙඩ් ළකුණු ඉක්මන් කර මෙව්වා
දෙමසක් දැනට සරසවි අම මී බිව්වා
මහපොළ ලැබෙන ඌටත් පවුලක් හෙව්වා.....

Comments

  1. "සිනහව පිරී ඇත ගේ පැල උතුරන්න
    පණහක් ඉතිරි වේ ලැම්බෝගිනි ගන්න.........."

    අපොයි ඔව්..... මදි නම් විදෙස් ආධාර වලින් වත් ගන්න ඇහැකි නේ......

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

The Condemned!