කව පඬුරු වේ ඔබට මා දිවිය සරු කෙරූ.....

මේ කවිය ලියන්න හිතුනේ කැම්පස් එකේ විභාගේ කාලේ අපි දරපු ආතතිය අන්තයටම වැඩි වෙලා ඒක නිවා ගන්න කියලා පොඩ්ඩක් එළියට පහළියට  බැස්ස වෙලාවක. කොහොම උනත් අපේ කැම්පස් එකේ විභාග කාලෙට අනිත් කැම්පස් වලට වඩා ආතතිය වැඩියි කියලා මට හිතෙනවා. මම ඒක කිව්වේ අනිත් කැම්පස් පහළට දාන්න හිතාගෙන නම් නොවෙයි. ඒ බව මම දැන් කියන්න යන දේ පොඩ්ඩක් සාවධානව අහගෙන හිටියොත් තේරෙයි.
            අපේ කැම්පස් එක කොහොම උනත් තාක්ෂණික අධ්‍යාපන  ආයතනයක් විදියට තමයි ප්‍රසිද්ධ. ඉතින් අපේ කැම්පස් එකේ ඉන්න උන්දැලා  හා ඉන්දියොලා වැඩ කරන්නේ තනිකරම සූත්‍ර ගත වැඩ පිළිවෙළක් අනුව. ( ඉන්දියො කියලා මම කිව්වේ උන්දැලා ගේ වෙන්ඩ හාමිනේලාට ; ආ! තව දෙයක් , අපේ කැම්පස් එකේ සිසු  කුලක දෙක වෙන්නේ ගැහැණු හා පිරිමි නොවෙයි. කොල්ලෝ හා උන් කීප දෙනෙක් ගේ වෙන්ඩ හාමිනේලා කියලා. එයින් ගම්‍ය වෙනවා වෙන්ඩ හාමිනේලා වෙන්න සුදුසුකම් නොසපුරපු අය නැති බවත් හිටියත් නොගොනිය හැකි තරම් කියලා නොසළකා හැරිය හැකිබව.කොහොම උනත් ජන අනුපාතය අනුව ඒක එහෙම තමයි. අනික තමා කාන්තා පාර්ශවයේ සැළකිය යුතු ජනගහන වර්ධන වේගයකුත් නැහැ.) උදේට කැම්පස්. දවල් වරුව ලෙක්චර්ස්. ඊට පස්සේ ලයිබ්‍රරි. ඊට පස්සේ බෝර්ඩිමට. එතැන නැවත ඇක(ඩමික්.) යාළුවන් පහ හයක් එකට මුණ ගැහුණම ටිකක් කථා කරල යන්න ධෛර්යය තියෙන්නේ කීප දෙනෙක්ට විතරයි. ඒක ඒ අයගේ වැරැද්දක්ම නොවෙයි. මේ තියන ක්‍රියාවලිය ඇතුලේ ඒ අයට ඒ මහ ලොකු බහුවරණ ප්‍රශ්නෙට තියෙන්නේ උත්තර දෙකයි. පළවෙනි එක තමා විභාග කාලෙට යාළුවන් ගෙන් වහං වී සිටීම.( හරියටම මම ඔය කට්ටිය ගෙන් මාසයක් විතර වහං වී හිටියා වගේ.; මට මාව සුද්ධ කර ගන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. මම පිළිගන්න ඕනි මාත් ඒ ක්‍රියාවලියෙම සුජාත පුතෙක් බව.) අනිත් එක තමා විභාගේ අතහැර සිටීම.ඉතින් මම හිතන්නේ ගොඩක් අය ඔය බහුවරණයට හරි උත්තරේ තෝරනවා.(විභාගේදි මොනව කරගත්තත්.)
            මට හිතිලා තියන අනිත් දේ තමා අපේ උන්දැලා ප්‍රේම කොරන්නෙත් හරිම සූත්‍ර ගත පිළිවෙලකට . අපි දන්න දෙයක් තමා සරල සමීකරණ වලට තියෙන්නේ එක මූලයයි. වර්ගජ සමීකරණ වලට මූල දෙකයි. ඔය මූල දෙකින් සමහර ඒවා අතාත්විකයි.කොහොම උනත් ඝනජ සමීකරණ අනුව ප්‍රේම කරන අය නම් නැහැ. අනිත් තියන ලස්සනම දේ තමා අපේ කැම්පස් එකේ ගොඩක් සමීකරණ වලට මූල හොයන හැටි අපි දන්නේ නැහැ.ඒවාට මොකක් හරි Numerical Method එකක් පාවිච්චි කරන්න වෙනවා. කොහොම උනත් අපි හොඳටම දන්න දේ තමා ඒවායින් එන්නේ Approximation එකක් විතරයි කියන දේ.ඉතින් ඕවයේ අනිවාර්යයෙන්ම True error එකක් හිටිනවා.
          ඉතින් මේ සූත්‍රගත වැඩ පිළිවෙලවල් අස්සේ කලාවට තියෙන්නේ බොහොම පොඩි ඉඩක් විතරයි.ඉතින් ඒක තමා අපේ මේ ඔළු  ගෙඩි අස්සේ තියන බොහොම පොඩි මොළ ගෙඩි වලට දරන්න බැරි ආතතියක් එන්න හේතුව කියලා මට හිතෙන්නේ.
          කොහොම කොහොම උනත් මේ මඩ ගැහිල්ලෙන් උනේ කවිය ලියන එක ප්‍රමාද උන එක විතරයි.ඉතින් මම දැන් කවිය ලියන්න පටන් ගන්නම්. අන්තිමට කියන්න ඕනි දේ තමයි අන්තිම කවිය ඒ කියන්නේ මුල් අකුරු නොකියවූ මුල් ගුරුතුමී ඔබ..... බොහොම දෙනෙක් , ඒ කියන්නේ හැමෝම කියවලා තිබ්බේ වැරදියට.මම ඒකේ ගුරුවරියකට කරන ගෞරවයක් ගැන නෙවෙයි කිවුවේ. වෙනින් දෙයක් ගැනයි. ඉතින් මේ කවියට කමෙන්ට් කරන අහු අස්සේ ඒ ගැනත් සාධාරණ විවේචනයක් කරනව නම් පිං.ඕන්න එහෙන රැල් බුරුල් එහෙම ඇරලා මම පටන් ගන්නවා. ඔය කට්ටියත් පටන් ගන්නවනම්  හොඳයි.

ඔසවා සිඟිති පා පොඩි
පා නඟන කල මා පොඩි
මවුපියන් හළ කවුලුවෙන් ලොව
දකින්නට මා පොඩි වැඩි.

ජෝ කෙමෙන් වතුර වී
සිප් කිරෙන් පාට ලද
සිඟිති කුතුහලය නිවු
ලොව සොඳුරු දකින්නට

දිනෙක කවුළුව හළෙමි
උදා හිරු දකින්නට
සිද්ධ වූ දේ නොමින්
කියයි අප මුනිදසුන්

" පෙනෙන්නේ ඇකමය බැළු හැම පැත්තෙන්
  නැගෙවු කියන්නා වැනි දැන්ම නින්දෙන්
  දොරින් අඩක් ඇරියාම මේ එන්නේ
  සමීකරණ ආයුබෝවන් කියා මෙන්"

නිලදරුනි නිල දැරූ
බලදරුනි බල දැරූ
කව පඬුරු වේ ඔබට
මා දිවිය සරු කෙරූ....

Comments

  1. බොහෝ වර්ගජ සමීකරන වලට මුල දෙකක් ඇතත්, ඇතැම් වර්ගජ සමීකරණ වලට තාත්වික සමපාත මුලත් පවතිනවා..වර්ගජ පරාවලයයි, මුල අක්ශයයි ස්පර්ශ වෙලා ඒවගේ සමපාත මුලයක් ලැබෙනවා වගේ.. ඔගෝල්ලන්ගේ මොන්ටිසෝරිය ඇතුලෙත් අධ්‍යාපනයයි, ප්‍රේමයයි දෙකම සමපාත කරගෙන දෙකම ගොඩ දා ගන්න පුලුවන් පොරවලුත් ඉන්න බව මයියා ට සහතිකයි.

    ReplyDelete
  2. සෑහෙන මානසික පීඩනයකින් ඉඳල වගේ... ෂහ් මටත් බැරිද .. නැහැ එක්කොත් ඕන නැහැ....

    ReplyDelete
  3. හොඳයි හොඳයි නියම කවිය සහෝ. දැන් විභාගේ ඉවරද ?

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

(වි ) රහ කතා....