ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

මුලින්ම මේ මාතෘකාවෙන් කියැවෙන්නේ කුමක් දැයි බලමු.ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොවේ යන්නෙන් ගම්‍ය වන දේවල් දෙකක් ඇත. එක්කෝ "ඔබ" නැත. නැතිනම් "අයිතිවාසිකම්" යන්නක් නැත.බුදුදහමට අනුව නම් මේ දෙකින් කොයික ගත්තත් වැරැද්දක් නැති අතර මේ කතා බහට අනුව නම් වඩාත් ගැළ පෙන්නේ "අයිතිවාසිකම් "යන්නක් නැති ලෙස ගැනීමය. දැන් දෙවනුව කියැවෙන දේ ගනිමු.ඔබේ අයිතිවාසිකම මගේ වගකීමකි යන්නෙන් කියැවෙන්නේ ඔබ අයිතිය යැයි කියාගන්නා දෙය ඔබට ලැබීම උරුමකොට ගත්තක් නොව එය මවිසින් ඔබට දීම උරුමකොට ගත්තක් බවය.සරලව ගතහොත් එය ඉටු කිරීම මගේ වගකීම මිස එය ලැබීම ඔබේ අයිතිය නොවෙයි. එනම් මවගේ ආදරය ලැබීම ඔබ අයිතියක් නොවන අතර එහෙත් එය ඔබට ලබා දීම මවගේ වගකීමකි.අයිතිවාසිකම් හා යුතුකම් අතර වෙනස මතුවන්නේ මෙතැනදීය.අපි මවකගේ ප්‍රේමය පතා උසාවි නොයමු.වෙනස නම් එයයි.එසේ නම් මවගේ ආදරය අපට ලැබීම වරප්‍රසාදයකි."ආදරයේ උල්පත වූ අම්මා "යැයි කවියන් වනන්නේ එහෙයිනි.ආදරය අයිතිවාසිකමක් වූයේ නම් කවියකු එය වනනු ඇත්තේ "පෙම නැතිව වැළපෙන වුන් දැන් ඉතින් නැගිටියව්-මවු පෙම නැති සකලවිධ ප්‍රතිගාමීත්වයම නසා ප්‍රගතිශීලී මවු පරපුරක් ගොඩනගමු  " කියාය.මා අදහන හැටියට අපට නොමිලේ ලැබෙන අධ්‍යාපනයද අප අයිතිවාසිකමක් නොව රජය වගකීමකින් බැඳී ඇති දෙයකි.එහෙයින් එය අප ලබන වරප්‍රසාදයකි.ඉතින් මේ සංදර්භය යටතේ අපි මේ කතාව ඉදිරියට ගෙනයමු.එනම් අධ්‍යාපනය මා ලබන වරප්‍රසාදයක් යැයි යන පදනමෙහි සිට ගෙනය.
පළමුවෙන්ම අප මේ තත්ව‍යට ගෙන ඒමට උදවු වූ නිදහස් අධ්‍යාපන‍යට තුති පිදිය යුතුය.නැතිනම් අප දෙමාපියන් කෙසේ හෝ අපට උගන්වනු ඇති බවට මට සහතික නමුත් ඒ කෙසේ දැයි කියා නම් මට කියනු බැරිය.හොඳයි ,මේ නිදහස් අධ්‍යාපන ක්‍රියාවලිය යටතේ අවසන සිදුවන්නේ කුමක් දැයි බලමු.මුළු පාසල් ශිෂ්‍ය ප්‍රජාවම උසස් පෙළ උසස් ලෙස සමත් වීම බොරුය.එනම් උසස් පෙළින් සමත් වන්නේ කුඩා පිරිසකි.නමුත් ප්‍රශ්නය වන්නේ සමත් වන පිරිසටද සරිලන ලෙස විශ්ව විද්‍යාල පහසුකම් නොතිබීමය.එනම් සමත් වන පිරිසෙන් කොටසක්ද අසමත් පිරිසද වි.වි.ට ඇතුළත් වීමට අසමත් වෙති.මතක තබාගන්න ;මෙම ක්‍රියාවලිය සිදුවන්නේ නිදහස් අධ්‍යාපන ක්‍රියාවලිය තුළමය.ඉතින් ප්‍රශ්නය මතු වන්නේ මෙම ඉතිරි පිරිසට අධ්‍යාපන දීමට යාමේදීය.
මේ සඳහා ගත හැකි ප්‍රධාන විසඳුම් දෙකකි.එනම් කෙසේ හෝ ඉදිරියටද පූර්ණ රාජ්‍ය මැදිහත් වීම යෙදවීමය.නැතිනම් පෞද්ගලික අංශයේ සහයෝගය ලබා ගැනීමය.කෙසේ වුවත් සමානතාව විශ්වාස (පංති සමානතාව වැනි පටු අදහසින් නොවෙයි )කරන මා වැන්නෙකුට පෙනීයන හොඳම විසඳුම වන්නේ පළමු වැන්නය. නමුත් එසේ කිරීම අපහසු නම් (මතක තබා ගන්න උපාධිධරයන් නිදහස් අධ්‍යාපනය කියුවද රජය එයට වියදම් කළ යුතුය.එය නොමිලේ අධ්‍යාපනයක් වන්නේ උපාධිධරයාටය.)දෙවැන්න තෝරා ගැනීමේ ඇති ප්‍රශ්නයක් මම නොදකිමි. මන්දයත් උසස් අධ්‍යාපනය ලැබීම කාගේත් වරප්‍රසාදයක් ලෙස මම දකින නිසාය.එසේ නම් ඔවුන් ගේ ඉදිරි අධ්‍යාපනයට බාධා කිරීම මිනිසකුට තරම් නොවෙයි.ඔවුන් එතැන හිරවීම ඔවුන්ගේ පාලනයෙන් බැහැරව තිබෙන කරුණක් විය හැකි බැවිනි.
නමුත් පෞද්ගලික අංශයෙන් උපකාර ලබා ගැනීමේදී පොඩි පොඩි කොසු  ඇති විය හැක.මා දකින ප්‍රධානතම (හා එකම )ප්‍රශ්නය වන්නේ පෞද්ගලික අධ්‍යාපනයක් ලැබීමට මුදලුත් කැම්පස් යාමට Zත් නැතිව ලතැවෙන පිරිසය.ඔවුන් ගේ අධ්‍යාපනය ගැන බලා ගැනීම නම් රජයේ ම වගකීමකි.දුර්වල නියෝ ලිබරල් තුත්තිරි ගසක් එල්ලීමේ විපාකය රජය දැරිය යුතුය. එක්කෝ ඔවුන් සඳහා රජයේ වි.වි. පුළුල් කල යුතුය. නැතිනම් පෞද්ගලික වි.වි.ක කෝටාවක් වෙන් කළ යුතු බව මාගේ හැඟීමය. කෙසේ වුවත් මෙය නොකළා යැයි රජයට දොස් කිය නොහැක.මන්දයත් උසස් අධ්‍යාපන නොලැබීමට සිටි පිරිසක් මෙම ක්‍රමය යටතේ එය ලබා ගන්නා බැවිනි.
කෙසේ වුවත් මෙමගින් තව ප්‍රශ්න රැසක් පැන නගින බව පෙනෙයි.පළමු වැන්න රජයේ උපාධිධරයන් මුහුණ දෙන රැකියා තරඟයයි.(හිහ්)ඔවුන් ලංකාවේ සාරය යැයි කියාගන්නේ නම් ඕනෑම අභියෝගයකට සරිලන ලෙස සකස් විය යුතු බව මාගේ හැඟීමයි.කෙසේ වුවත් සියළු නිදහස් අධ්‍යාපන රැකීමේ ප්‍රයත්න වලට හේතුව මෙය නම් එය කුහක වතක් බව කිව යුතුය. දෙවැන්න මේ උපාධිධරයන් සමාජයේ ඉහළ ස්ථර වල වැජඹේය යන බියය. එයට නම් අපි අපටම හිනා විය යුතු අතර ඇඬිය යුතුද වෙමු. මන්දයත් එය අපගේ නොහැකියාව හෙළිකරන අතර ඇඬිය යුත්තේ අප හදා වැඩූ නිදහස් අධ්‍යාපනයට එලෙස නිග්‍රහ කිරීම නොතරම් නිසාය.එනමුත් අපගේ වි.වි. ශිෂ්‍යයන් ඉඳ හිට ගුටි කෙළ ගත්තද,කොතරම් නොමනා ලෙස හැසිරුනද ඒ නිග්‍රහය නොකිරීම සඳහා ජීව ගුණය ඇතැයි මම සිතමි.(මම පතමි!)මන්ද යත් මෙතෙක් කල් අපරට මෙතැනට ගෙනාවේත් රැක ගත්තේත් අපගේ නිදහස් අධ්‍යාපනය ලැබූ රටේ ගුණ සුවඳ දන්නා රටේ අනුජාතයින් නිසාය.ඉතින් මේ පෞද්ගලික වි.වි. සිසුන්ටද ඉගෙනීමට ඇති වරප්‍රසාදය රකිමින් නිදහස් අධ්‍යාපනයේත් ගෞරවය රකිමු.මේ ගැන ලිවීමට මා පෙළඹවූ පූර්ණ ඔබට පිං. යළිත් හමුවන් තුරු සැමට බුදු සරණයි.

Comments

  1. ගැටළු රාශියක් එක බැදිලා තීයෙන් ප්‍රශ්නයක් පිලිබඳ සංවාදයක් ඇති කිරීම හොඳයි.

    කොහොම නමුත් නිදහස් අධ්‍යාපනය ලබාදුන් ආණ්ඩුවෙන්ම රැකියා බලාපොරොත්තු වෙන්නේ නැතිව තමන්ගේ උත්සහයෙන්ම රැකියාවක් සොයාගන්නා උපාධිධාරීන් සරසවියෙන් පිටවිය යුතුයි. විය යුතු තත්වය එයයි මම හිතන විදිහට.

    ReplyDelete
  2. @ Hasitha:
    කමෙන්ට් එකට ස්තූතියි.මාත් ඒ ගැන තමයි කියන්න උත්සාහ කළේ.ඒක නිසා ඔබේ අදහසට පූර්ණ සහයෝගය හා ගෞරවය.

    ReplyDelete
  3. it is great to see broad minded student such as you from the local university system.. also I fully agree to initiation of private universities on the very same basis as yours..(AW already there are private universities in the country but without the recognition from UGC)

    However when it allows government should do it with a clear vision.
    1. all the salaries of local university staff should brought in par with private sector.
    2. All the university course should be assessed in reference to thier effectiveness towards the country's economic and social needs. this should be done atleast in every 5 years
    3. all lab facilities should be upgraded in regular basis
    4. Library facilities should be upgraded with access to world class library data bases

    it is easy to propose above common demands ..isn't it..
    how government should find the financial resources to these

    Government should initiate a tax system from private universities such that atleast 75% of above financial requirements will covered from the above.
    And government should ensure that at least 5% of the vacancies of private universities are going through the scholarships on merit basis.

    Government should aim to initiate the world best Buddhism and philosophical university at sri lankan soil with every new technology on it.All students of that should be taught the English and information technology addition to there normal subject. It should be a place where producing a greatest thinkers to the world.

    last but not least , our university system should be 50% student base and 50% lecturer base system. Every engineers/doctors or other professionals who passing out form the university should write at lest a one of research paper for each semester. and one should be written in mother language (sinhala/tamil) . and lectures should take this seriously and should not allow students to do cut & paste which common practice in SL now a days
    we should make the Sri Lanka a knowledge hub in the world.

    ReplyDelete
  4. @ Yasela ayya:
    Thanks ayya for the long comment.It is always encouraging to see someone like you having the same ideas on life. Ayya you have raised another matter too.On a Buddhism and Philosophical university.I am sure that we have all the other ingredients but the initiation. Actually we live in a country where once questioned the worth of learning those subjects (I mean History,Buddhism.) And I think that directly applying the methods of the current university system to a institution like that will do some damage because modern day university system and the method of learning and teaching Buddhism in ancient SL are in two different contexts. One is based on Sinhala Buddhist culture and the other on Jew Christian culture. But I am not saying that we should not take the methods that worth. So we should learn English and IT in a proper manner in a away that it helps us to give Buddha's message to the world.(For an ex: Our computer labs are mostly used to login Fb. So imagine hundreds of monks logged in Fb at one lab;Just joking!!!) And totally with your scheme to enhance government university system in parallel to the private ones. And ayya thanks for the comment and please KIT!

    ReplyDelete
  5. ඉතාමත් ගැඹුරු මෙන්ම පැහැදිලි විග්‍රහයක්.....ඔබ ඔය පවසන කෝටාව ගැන මට ඇත්තේ විශාල අවිශ්වාසයක් මොකද මේ සියල්ල අවසානයේදී පාලනය වන්නේ ව්‍යවස්ථාදායකය මඟින් නිසා , අද ටෙන්ඩර් ක්‍රමය මෙන් මෙම කෝටා ක්‍රමය වෙනස් කරන්න ඉඩ තිබේ.
    නමුත් ලකුණු දශම ගනණක් අඩු මුදල් අඟ හිඟ කම් පවතින සිසුන්ට ණය ක්‍රමයක් හඳුන්වා දෙන්න පුළුවන්නම් සුභවාදීව බැලිය හැක.මොකද එවිට ඔවුන්ට අයිතිවාසිකමට වඩා වගකීමක් නීත්‍යානුකූලවම පැවරෙන නිසා...

    ReplyDelete
  6. @ Yasela Ayya
    Regarding your last paragraph ... this is the main problem with our undergraduates.Most of them are reluctant to read and do researches.This may be due to the tutorial based education system in schools.As they are addicted to this most of them feel that they don't need to write a research paper or journal and they copy it from some body else.I don't know that how are they going to produce reports in the industry without a practice.And the university lecturers must be strict in this. Salutation for you're suggestion again.

    ReplyDelete
  7. @පූර්ණ:
    බොහොම ස්තූතියි! ඔය කියන විදියට අධ්‍යාපනය සමග සෙල්ලම් කරන නිසා අද අපට මෙහෙම වෙලා තියෙන්නේ.පූර්ණ සමග පූර්ණ ලෙස එකඟ වෙනවා.

    ReplyDelete
  8. ලිපිය ගැන කිසි ගැටළුවක් නැහැ.......නියමයි....

    ලිපි ලියන්නා ගැන ගැටලුවක් ඈති වී ඈත....

    මගේ බ්ලොග් එකේ කොමෙන්ටු ලෙස කවි ලියන ලෙක්සු සහ මෙවැනි බරසාර ලිපි ලියන ලෙක්සු එක්කෙනෙක්මද?

    ReplyDelete
  9. @ වත් අක්ක:
    Anonymous said;
    අනේ මන්දා. එහෙම වෙන්න ඇති කියලා හිතෙනවා.

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

The Condemned!