යුෂ්මතා මිනී මැරුවාද? නැත ස්වාමීනි මස් ගොඩක් අතරින් ලී මිටැති වානේ තලයක් යැවුවෙමි!!!

 මරන්නේ මිනී නොවෙයි. පණ ඇති එකෙකි. නමුත් කමක් නැත,මම පහසුව තකා එම පදය භාවිතා කරමි. කෙසේ හෝ මේ ප්‍රශ්නය දෙස බැලූ විට මේ අදාල නඩුකාරයා අදාල යුෂ්මතා සංදර්භයන් දෙකක (ඔබගේ පහසුවට; සිංහලෙන් context කියා කියන්නේ මෙයටය.)සිට මේ ප්‍රශ්නය දෙස බලන බව කාටත් පෙනෙනු ඇත.නඩුකාරයා මියගිය තැනැත්තා පුද්ගලයකු ලෙස එනම් එකතුවක් දෙස දකියි. කිතුලට ගිය මිනිහාටත් කියන්නට දේවල් ඇතැයි කියා තිබුනත් මේ චූදිතයා මදක් විමර්ශනය කරනු ලැබීමට තරම් වටිනා එකෙකි. ඔහු මියගිය තැනැත්තා කොටස් කිහිපයක එකතුවක් ලෙස දකියි.මෙය තරමක් බරපතල තත්වයකි.බුදුදහමේ උගන්වන්නේ අපව දිරිමත් කරන්නේ මෙලෙස සාදා ගත් සංකල්ප වලින් ඉවත් වීමටය.එසේ නම් මේ මිනී මරුවා රහත් වීමටද සුදුස්සෙකියි යන ප්‍රශ්නය ඔබට පැන නැගෙනු ඇත. මන්දයත් කලින් ප්‍රකාශයට අනුව ඔහු බුදු දහම හොදින් අවබෝධ කර ඇත්තෙකි. නමුත් කොතැනක හෝ වැරැද්දක් ඇති බව මට හැගී ඇති අතර ඔබටත් එය සාධාරණ වනු ඇත. දැන් අපි මදක් ගැඹුරට මෙය සළකා බලමු.
                                       ඔබ බණ ඇසීමට උවමනා නැත.බණ අසන තැනකින් හෝ ගොස් ඇති නම් බුදුදහමේ මිනිසා කොටස් පහකට වෙන් කර දක්වන බව දන්නවා ඇත.එනම් රූප, වේදනා, ස(කයන්න බැදි දයන්න හල් කරලා)(කයන්න බැදි දයන්න +ඇලපිල්ල ),සංඛාර හා වි(එම )(එම )න යනුවෙනි.(සමා වෙන්න ඕනි; අකුරු හොයා ගන්න බෑ නොවැ. )එසේ නම් මිනී මරුවා මිනී මැරුවත් ඔහු මිනී මරා නැත.චූදිතයා නිවැරදි කරුය.ඔහු කර ඇත්තේ රූප කලාප අතරින් පිහියක්(???) ගෙනයාමය. එහි අතුරු ඵලයක් ලෙස සම්මුති ලෝකයේ මිනිසකු මිය ගොස් ඇත. අත් වැරැද්දක් මෙනි. 
                                       නමුත් බුදුදහම ගවේෂණශීලීව සොයන්නෙකුට පෙනෙන දෙයක් වන්නේ බුදුදහම මිනිසා එලෙස කොටස් වශයෙන් (අනුකලනය යනු එකතු කිරීමකි!!!) වෙන් කර දැක්වීමට අමතරව ඔහු සම්මුතියක් ලෙස එකෙකු ලෙසද දැක්වීමටද උනන්දු කරවන බවය. එනම් පංචස්කන්ධ විග්‍රහයේදී රූප අනුකලනය (+) කර දක්වන අතර නාම(දැනට මනසට සම්බන්ධ දේ ලෙස හදුනා ගන්න.) වෙන් කර දක්වයි. නමුත් ආයතන විග්‍රහයේදී කොටස් කර දක්වන්නේ රූප වන අතර නාම ධර්ම හකුළුවා දක්වයි. එනම් බුදුදහම සංස්ලේශනය(එකතු කොට දැකීම ) මෙන්ම විශ්ලේශනයද (කොටස් ලෙස ගැනීමද ) පුරුදු කරයි.තවද හොදට බලන්න. බෞද්ධ සදාචාර විග්‍රහයේදී පුද්ගලයකු නාම රූප ලෙස පවා නොව තනි පුද්ගලයකු ලෙස දැකීමට උනන්දු කරයි. බුදුහාමුදුරුවෝ කිසාගෝතමියට කිසිවිටක "නැගණිය ඔතැන පුතෙකු නැතැ"යි නොකීවහ.ශෝකයෙන් උමතුව සිටි ඇයට ඇගේ පුතු කොහොමත් දුගද හමන මස් ගොඩකියි වදාලේ නම් කිසාගෝතමියම නොවුනත් කිසාගෝතමිය වන කෙනෙකු අප විශ්ව විද්‍යාලයේ සිටින්නට ඉඩ තිබුණි.(බුදුදහමට අනුව මිය ගිය පසු ඉන්නේ ඔහුත් නොවන අතර වෙනෙකෙකුද නොවෙයි; ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායට අනුව නම් විසංවාදයකි."P සත්‍ය නම් නොම P අසත්‍යය.")එසේ නම් එන සෙමිස්ටර මැද විභාගයට ඇය මේ වන හොද හැටි ඇක දමමින් සිටිනවා(පාඩම් කරනවා) ඇත. කෙසේ හෝ බුදුදහමේ සංස්ලේශනයට පිං සිද්ධ වන්නට ඇය අද එතන නොමැති අතර මගේ සංස්ලේශනයට පිං සිදුවන්නට මට තවම සසරේ ගමන් කරමින් ඇක දැමීමට සිදුව ඇත. ඉතින් ආපසු හමුවන තුරු ඔබ සැමට බුදු සරණයි!

Comments

  1. මට නම් භාගයක් විතර තේරුනේ නෑලු. :-/

    ReplyDelete
  2. කරකවල කරනවල අතහැරියා සේ හැගේ ..........

    ReplyDelete
  3. @ හැමෝම:
    මම කියන්න ගියේ අපි ඔළුව අත පය වගේ කොටස් වලට වෙන වෙනම ගත්තොත් ඒක සදාචාරය රැක ගන්න බාධාවක්.මොකද ඔය මං කියල තියෙන ජාතියේ උත්තර ලැබෙන්න පුළුවන්.කොහොම උනත් දුකින් කියන්න ඕනි තේරුනේ නැත්නම් ඒක මගේ වැරැද්ද තමා.

    ReplyDelete
  4. තේරුනානං තමා..
    හැබැයි කියන්න ගිය දේ කියවිලා නැහැ කියලා තමයි..

    ReplyDelete
  5. කියන්න යන දේ කොංඤ්ඤං කොංඤ්ඤං තෙරියමා වගේ.

    ReplyDelete
  6. එහෙනම් හොදයි.කොහොම උනත් ලැබුනු ප්‍රතිචාර වලට අනුව නම් පොඩ්ඩ පොඩ්ඩ හරි තේරෙන එක හොදයි.

    ReplyDelete
  7. 'බුදුහාමුදුරුවෝ කිසාගෝතමියට කිසිවිටක "නැගණිය ඔතැන පුතෙකු නැතැ"යි නොකීවහ.ශෝකයෙන් උමතුව සිටි ඇයට ඇගේ පුතු කොහොමත් දුගද හමන මස් ගොඩකියි වදාලේ'


    තේරවාද මහායාන ගැටලුව වගේ...

    ReplyDelete
  8. @ Yasela ayya :
    මේ පාර නම් අයියා කියන්න ගිය දේ තේරුනේ නැත්තේ මටයි.සමාවෙන්න ඕනා.

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

The Condemned!