සුළගට කියන කවි

මේ කවිය ගොඩ කාලයක් මගේ හිතේ තෙරපී තෙරපී හිටිය කවියක්.මෙයා ගොඩ කාලයක ඉදලා අවසානයක් ඉල්ලා ඉල්ලා හිටිය කෙනෙක්.ඒක නිසා මගේ බ්ලොග් සටහනේ ඉන්න අනිත් හැමෝටම වඩා මම මෙයාට ආදරේ කරනවා. පහුගිය සිකුරාදා කැම්පස් එකේ ඉදලා එනගමන්(කොහොම හරි මම ඉන්නේ කැම්පස් එකේ කියලා ආයෙමත් කියා ගත්තා.) බස් එකේ ෂටර් එකත් ඇරගෙන කුඩු පොද වැස්සේ සුළගට හිනා වෙවී එන ගමන් තමයි මට මෙයාව මතක් උනේ. මේ වැඩ කන්දරාව අස්සේ මට මෙයාව ආයෙමත් මතක් උනේ අද තමයි ...ඒ කියන්නේ ඉරිදා.ඉතින් ඔය ගොල්ලන්ටත් ඇහෙන්න මම දැන් සුළගට කවි කියන්නයි යන්නේ.ඔන්න නොකිව්වයි කියන්නෙපා.....කමෙන්ට් එකක් නම් ඕනිමයි........

පෙම් වසත් සිහිලැල් සුළං රැලි
හමා යන මුළු ලොව පුරා
නැත වසන්තය උදා වී මට
යමි වසත් නාදය සොයා

ගැටෙන විට පෙම් මද පවන්
කොවුල් ගී කියනා ඔවුන්
නොදනිදෝ ඒ මද පවන් රැළි
ජනිත මා සුසුමන් තුළින්

ගිම් නිවන ගහ කොළ නොමැති සද
නිරුද කතරෙකි කෙම්බිමත්
හඹා යනු ඇයි මිරිගුවක් පස
සිතුනි මට දහසක් වරක්

කොහොම උනත් මේ කවිය කියවලා මම මූඩ් ගහලා කියලා උපකල්පනය කරන්න එපා. මොකද එයින් ලැබෙන ප්‍රතිපල වලින් විසංවාදී සාධන ක්‍රමය සාධනය කරන්න පුළුවන් වෙන්න පුළුවන්...

Comments

  1. miriguwak kiyalama hithanna epaa ithin oka

    ReplyDelete
  2. වසත්කාලය උදාවන තුරු
    ඇගිලි ගනිනා බව පෙනේ
    අදත් අහවර වෙලා යන විට
    හෙටක් ඈතින් මට පෙනේ

    එපා නිතරම දුකින් ඉන්නට
    නුඹේ හදමල පරවයයි
    වසත්කාලය ලළඟම එනබව
    සුළඟ මේ දැන් පැවසුවයි෴

    ​෴ පද වැල අපූරුයි෴

    ReplyDelete
  3. කියන්නට ඇතිමුත් මටත් කවි,
    සුදුසුදැයි නොදැනේ සිතිවිලි,
    පලකරන්නට ඔබ අඩවියෙහි,
    බිඳී ඇත අද මගේ සිතුවිලි.

    ඇරඹුමක් නැති ප්‍රේමයක් ගැන,
    තැවෙන මුත් ඔබ සිත යටින්,
    නිමාවූ ප්‍රේමයක් ගැන,
    තැවෙන්නෙකි මම සිත යටින්.

    දුටුව විට අද මගේ කව්,
    නොඅසන් ඉතින් හෙටදින මගෙන්,
    තැවෙන්නෙකු වූයේ කෙසේදැයි මා,
    සිනාසෙනමුත් මතුපිටින්.

    කියන්නට ඇතත් බොහෝ දෑ මට,
    ලියන්නට ඇතත් තව බොහෝ කවි පද,
    කියන්නට ඇත්තේ මෙපමනයි ඔබහට,
    ප්‍රේමය නම් විරහවකි මා හට.......

    ReplyDelete
  4. @ Ishan:
    I knew it already. I follow your fb account closely, though gavel is asking to quit.

    ReplyDelete
  5. ලස්සන කවියක් අයියෙ

    ReplyDelete
  6. දැන් මොරටුව විශ්වවිද්‍යාලයේ උඹ වගේ එවුන් ඉන්නවා කියල දැන ගත්ත එකත් සතුටක්. මොකද සේරමල විෂය නිර්දේශයට අනුව පේපර් එකට ලක ලෑස්ති වෙද්දි උඹ වගේ එකෙකුට කවියක් ලියැවෙන එක ගැන මට අප්‍රමාණ සතුටුයි. විශ්වවිද්‍යාලයක ඉන්නවා කියන එක ලොකු දෙයක් වත් පොඩි දෙයක් වත් නොවෙයි. ඒ හින්දා ඒක සඳහන් කරන්න වෙන තැන්වලදී ඒක සඳහන් කිරීම උඩඟු වීමක් නොවෙයි කියලයි මම හිතන්නේ. එහෙම නොලීව කියල අමුතු නිහතමානීකමක් නිසා මෙව්වා වෙන්න ඕනත් නැහැ.

    උඹේ ඔලුව මේ වගේ බහුබූත ගැන වැඩ කරන එක අතිශය වශයෙන් උඹට කටු කන්න සෙට් වීමේ පෙරනිමිත්තක්ද විය හැකියි. කමක් නෑ වැඩේ ගොඩ යයි මොකද උඹ දැනට ලියමින් ඉන්නේ බෞද්ධ සංකල්ප නිසා. කාලයක් යද්දි ඕවා අනිත් සංකල්ප එක්ක වැඩිපුර කියවද්දි උඹට කුමක් වෙයිදැයි මම නොදනිමි.

    බ්ලොග් එක‍ හොඳයි... දිගටම ලියපිය.
    :)

    ReplyDelete
  7. පොඩ්ඩක් පරුෂ වචනයෙන් උනත් අමුතු විදියකට දුන්න ධෛර්යය සෑහෙන්න වටිනවා.මොකද මම ඔය කවිය ගැන බලාපොරොත්තු අතහරින්න කියලයි හිටියේ.ඉතින් ආයෙමත් තැන්කූ කියන්න තමයි ඕනි.

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

The Condemned!