ලෝකය දෙවියන් මැවුවේය.ඉන්පසු දෙවියන් ලොව මැවුවේය.....

 මෙය බැලූ බැල්මට විසංවාදයකි.එසේත් නැති නම් අප කවුරුත් දන්නා කිකිළි සහ බිත්තරය පිළිබද ප්‍රශ්නය වැනිය.කෙසේ වුවත් මා අද කතා කරන්නට යන මාතෘකාව ඉතා සංවේදී මාතෘකාවක් වන නිසා මුලින්ම යමක් ගැන යමක් කිව යුතු යැයි කල්පනා කරමි.මා අද කරන්නට යන්නේ ආගමික කතා බහක්ම නොවේ.එය ලෝකය ගැනද අප ලෝකය දකිනා හැටිද ගැන "මා දකිනා හැටි" ගැන පොඩි කතා බහකි.මම මේ මාතෘකාව යෙදුවේ එමගින් අප ලෝකය අත් දකින හැටි ගැන හොදින් ම කියැවෙන නිසා මිස අන් අරමුණකින් නොවන බව කිව යුතුය. කෙසේ වුවත් එනිසා යමකුට අපහසුතාවක් දැනුනි නම් එහි පූර්ණ වගකීම මා දරන අතර ඔබෙන් සමාව ඉල්ලා සිටිමි.හොදයි! යළිත් මාතෘකාවට....
                            මුලින්ම ලෝකය දෙවියන් මැවුවේය යන කොටසින් කියැවෙන්නේ කුමක් දැයි බලමු.මා එය ලිවූවේ ලෝකය ලෙස අප දකින සියල්ලම අප මනසේ නිර්මාණ බව පෙන්වීමටය. බුදු හාමුදුරුවන්  වරක් ලෝකය ලෙස පෙන්වා දුන්නේ අපගේ බඹයක් පමණ වන ශරීරයයි. එසේ නම් ලෝකය දෙවියන් මැවුවේය යන්නෙන් මම කියූ දෙය ඔබට  වටහා ගත හැකි වනු ඇත. දෙවනුව දෙවියන් ලෝකය මැවුවේය යන්නෙන් මා අදහස් කළේ එසේ අප විසින් සංකල්පයක් ලෙස ඇති කර ගත් දෙවියන් විසින් ලෝකය මවන ලද බවට සංකල්පයක් අප දෙවනුව ඇති කරගත් බවය.කෙසේ වුවත් මෙතැන මනසේ නිර්මාණයක් යැයි කියූ විට ද්‍රව්‍ය ( රූප ) වල පැවැත්ම බැහැර කළ නොහැක.එනමුත් බුදුදහමේ නිරපේක්ෂව පවතින වෙනස් නොවන ද්‍රව්‍ය ද නොමැත.එනම් අප වෙනස් නොවන ද්‍රව්‍යයක් ලෙස දකින්නේ ඇති වෙමින් නැති වෙන රූප සමූහයක් අපගේ මනස ආධාරයෙන් නිරීක්ෂණය කිරීමෙනි.අපගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනවබෝධය නිසා අපි එය ද්‍රව්‍යයක් (උදා:-පොතක් පෑනක්....) ලෙස ගනිමු.
                          එනම් අප ලෝකය ලෙස දකින්නේ ,අප ලෝකය ලෙස අවබෝධ කර ගන්නේ අපගේ  පංචේන්ද්‍රිය පද්ධතියට හා මනසට දැනෙන සංවේදන සමූහයකි.එනම් ඔබේ ලෝකය ඔබේම වන අතර මගේ ලෝකය මගේම වෙයි.මන්ද යත් ඔබගේ පංචේන්ද්‍රිය පද්ධතිය හා මනස ඔබට අනන්‍ය වන අතර මගේ ඉන්ද්‍රියන් මට අනන්‍ය වේ.( බුදහමේ එන පරිදි පෙර පුරුදු:සසර පුරුදු; නැත්තේ බුදු කෙනෙකුටම පමණි.සසර පුරුදු අනුව අපගේ ඉන්ද්‍රිය පද්ධතිය ඇතිවෙයි,වෙනස් වෙයි.)එසේනම් ඔබ දකින ලෝකය මගේ ලෝකයෙන් වෙනස් වීම අනිවාර්යය කරුණකි.ඔබ දකින ලෝකය ඔබට සාපේක්ෂ වීම අපි උදාහරණයකින් පැහැදිළි කර ගනිමු.මා මෙම බ්ලොග් සටහන ලිවීම පටන් ගැනීමට  පෙර මම ඔබගේ ලෝකයේ සිටිය අයෙක් නොවෙමි.( හොදින් කල්පනා කර බලන්න.... ; වෙනත් අදහසකින් නම් නොවෙයි.) මා හැබැහින් දැක නැති(???)ඔබලා බොහොමයක් මා කුමන හෝ ආකාරයකින් සිතේ මවාගනු ලැබ ඇත්තේ ඔබ බ්ලොග් එකෙන් මා ගැන ලබා ගෙන ඇති තොරතුරු අනුවය. එබැවින් ඔබලාගෙන් අයකු මා අහිංසකයකු ලෙසද තවකෙකු මා කටකාරයකු ලෙසද තවකෙකු වාචාලයකු ලෙසද තවකෙකු කඩවසම් හතරරියන් පුරුෂයකු ලෙසද මවා ගැනීමට ඉඩ ඇත.ඉතින් ඒ මා ඔබගේ ලෝකයේ මැවී ඇති සැටිය. මාගේ පිංතූරයක් දැක ඇති අයකුද ඊට වඩා ඉදිරියෙන් ඇතැයි මම නොඅදහමි.මන්දයත් එමගින් ඔබ අදුනා ගන්නා උස, හමේ පාට, කොණ්ඩය වැනි ලක්ෂණද ඔබ අදුනා ගන්නා ආකාරයටම සාපේක්ෂ වන බැවිනි.
                             මෙම කතා බහ තවදුරටත් දිග්ගැස්සුනහොත් නීරස වන බැවින් අදට නවතිමි.නමුත් මේ ගැන කතාකල යුතු දේ නම් බොහොමයකි.(උදා:- හැම දෙයක්ම තමන්ට සාපෙක්ෂ වන ලෝකයක සදාචාරය?) එතෙක් ඔබට සමු දෙමි.ඔබට බුදු සරණයි!!!

Comments

  1. මගේ ලෝකයේ , ඔබේ ලෝකයට හිමි තැන නම් ඔබ ලියනවා අනර්ළයි. හැබැයි ටිකක් මගේ ලෝකය කරකවල අතහැරිය වගේ වුනා ටික වෙලාවකට෴
    ඔබේ ලෝකයට ජය෴

    ReplyDelete
  2. නියමයි අයියෙ ලස්සනට ලියල තියෙනව......බ්ලොග් ලියන ආනන්දියෙකු හමුවීම ගැන සතුටුයි

    ReplyDelete
  3. @ වත් අක්කා:
    Thanks.මම අක්කගේ ලෝකය කරකවල අතහැරියා නම් ඒ ගැන සමාවෙන්න ඕනේ.මටත් පස්සේ කියවල බැලුවම සමහර තැන් තේරුම් ගන්න අමාරුයි වගේ තේරුණා.

    ReplyDelete
  4. @හසිත මල්ලි:
    Thanks.මම ඔයාව එක එක බ්ලොග් වල කලින් දැකලා තියෙනවා.සතුටුයි ආනන්දේ කියලා දැනගන්න ලැබීම.

    ReplyDelete
  5. @ Hasitha:
    Here is another Anandian; http://civilenginner.blogspot.com/

    ReplyDelete
  6. සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත්ට කියන එක බුද්ධ කාලීන ස්මාජයේත් තිබු අදහසක්..එකට බුදුහාමුදුරුවන්ගේ පිලිතුර මජ්ජ්ම් නිකායේ, සච්චක දමනයේ හොදට විස්තර වෙනවා..එක මට තව පාරක් කියවන්න හිතුනා මේ පොස්ට් එක දැක්කම..එත් එක කරන්න බැ

    ලෝකය කෙසේ ඇතිවුනිද කියන එකට උත්තර දීම නම් බුදුහාමුදුරුවො ප්‍රතික්ශේප කලා නේද?

    පසුකාලීනව බටහිර චින්ත්කයනුත්, realism ගැන කතා කරලා තියෙනවා...එත් බුදුදහමත් එක්ක බලද්දි ඒ මතවාද..කැලනි මෝය කටෙන් ,පොල් කෝම්බයක් ගියා වගෙයි..

    ReplyDelete
  7. ආ මගේ බ්ලොග් එකට ප්‍රස්සිද්දියක් දුන්න එකට ස්තූති කරන්න බැරි උනනේ...ස්තුතියි හෝදේ,,

    ReplyDelete
  8. @ yasela Ayya:
    ලෝකය ඇතිවීම ගැන උත්තර දීම බුදු හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කලා.මම මෙතන ඒ ගැන කතා කිරීමට නම් අදහස් කලේ නැහැ.ඒ උනාට මාතෘකාවෙන් ඒ වගේ දෙයක් කියැවෙන බව පේනවා. මම මෙතන ලෝකය කියලා අදහස් කලේ අද අප දකින ලෝකය ( අප අවට වන සිදුවීම් ආදිය...) ගැනයි.කමෙන්ට් එකට තෑන්ක්ස් අය්යේ...

    ReplyDelete
  9. සතුටුයි...
    අහම්බෙන් නමුත් හමුඋනේ ආයෙමත් අපේ එකෙක්..

    -ජය

    ReplyDelete
  10. ලෝකය දෙවියන් මැවුවේය.ඉන්පසු දෙවියන් ලොව මැවුවේය.....
    ඒකට මම යමක් එකතු කරන්න කැමතියි. කතාවට එතරම්ම අදාල නොවුනත්

    එමිල් ඩර්කයිම් කියන සමාජ විද්‍යාඥයා කියනවා " මිනිසුන්ට දෙවියන් අවශ්‍ය වන්නා සේම දෙවියන්ටද මිනිසුන් අවශ්‍ය වේ. මිනිසුන්ට දෙවියෝ අමතක වූ කල දෙවියෝ අභාවයට යති" කියලා

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

The Condemned!