බිංදුවක් "ඇත."?!?

 සනත් ජයසූරියගේ වාර්තාගත ලෝක වාර්තා අතුරින් එකකි, වැඩිම වාර ගනනක් බිංදුවට දැවී ගිය ක්‍රීඩකයා වීම.( ක්‍රිකට් සම්බන්ධයෙනි.)ජයසූරිය බිංදුවට දැවී ගිය විට අපට සංවේගයක් ද සමහර විට ආවේගයක් ද ඇති වීම සාමාන්‍යය.මෙහිදී පසුව නිතරම සිදු වන පරිදි කාර්යාල ,දුම් රිය, බස් රිය ආදියේ  ඒ ගැන කතා බස් සිදු වනු ඇත.ඉතින් අද මා කීමට යන්නේ මෙම බිංදුව ගැන පොඩි ලස්සන කතාවකි.අසනු කැමැත්තෝ අසත්වා! අසනු නොකැමැත්තෝද .....අසත්වා!
                                        මෙම බිංදුව (ජයසූරියගේ බිංදුව ම නොවේ.!!!) ඉතා ලස්සන එමෙන්ම ඉතා වටිනා සංකල්පයකි.(මා අදහන හැටියට එය වටිනා සංකල්පයක් යන බවද සංකල්පයකි; මිනිසා ඇති තතු ඇති ලෙස නොදැකීමෙන් වන මනෝ විකාරය..) ගණිතයේ දියණුව ඇරඹුනේ බිංදුව පිළිබද දැනීම ඇතිවූ පසු බව පිළිගත් මතයකි.ඉතින් මෙම බිංදුවේ අරමුණ නැති බවක් ඇති කිරීමය.(නැති බව පෙන්වීමය.) කා සම්බන්ධයෙන්ද?(කාටද?) යමක් නිරික්ෂණය කරන්නකු සම්බන්ධයෙනි.(නිරික්ෂකයකුටය.) අපට ජයසූරියගේ බිංදුව සම්බන්ධයෙන් දුකක් ඇති වන්නේ එම බිංදු සංකේතය අපට ජයසූරිය ලකුණු ගසා නැති බව ඇති කිරීම නිසාය.(පෙන්වීම නිසාය.) මෙම සංකල්පය පෙරදිග ඇති උනේ නිවන පිළිබද බෞද්ධ සංකල්ප ශූන්‍යතා සංකල්පය( මෙම සංකල්පයේ නමින්ම පෙන්නන පරිදි ශූන්‍යතාවක් යනු "නැති බවක් ඇති බව"කි.)වැරදි ලෙස වර්ධනය වීමේ ඵලයක් ලෙසය. මා කලින් ද කියූ පරිදි බිංදුව නැති බව දනවන්නේ නිරීක්ෂකයකුටය. එනම් නිරීක්ෂකයා තම අනිත්‍ය, දුක්ඛ,අනාත්ම අනවබෝධය නිසා යමක් නැති බව ඇති ලෙස ගනියි.(සමහරු "ඔබ ගිය පසු මගේ ලෝකය හිස් යැයි"අඩ අඩා සිටින්නේ එම යාම නිසා හිස් බවක් ;නැති බවක් ඇති බව නිර්මාණය කර ගන්නා නිසාය.) ථේරවාද බුදුදහමේ නිවන යනු නිරීක්ෂකයා නිවීමකි. එනම් නැති බව ඇති ලෙස දැනගන්නා අයකු නොමැති වීමය. එනම් නිවුනු පුද්ගලයා නිවනක් ඇති ලෙස නොගන්නා අතර නිවනක් ඇති ලෙස ගනිමින් නිවන් පුර රුවන් දොරටු ඇරෙන තුරු බලා සිටින්නේ නිවන් නොගිය අපය.
                                      කෙසේ වුවත් ජයසූරිය ඊයේද  ගැසුවේ ලකුණු හයකි.එම නිසා ජයසූරිය නැවත අප දැක පුරුදු මාස්ටර් බ්ලාස්ටර් කළොත් ලංකාව රැක දෙන උපුල්වන් දෙවියනි ඔබට නිවන් සුව අත්වේවා!!!!(මා සිතන හැටියට නිවන් පැතිය යුත්තේ ජීවත් ව සිට්යදීම ය;උපුල්වන් දෙවියන් නිවන් ගියහොත් එම අඩුව පිරවීමට වෙනත් දෙවි කෙනෙකු අප සංකල්පයක් ලෙස නිර්මාණය කරගනු ඇතැයි මට සංකල්පයක් පහළ වී ඇත. ) සැමට බුදු සරණයි.!!!

Comments

  1. ජයසූරිය ආයෙ මාස්ටර් බ්ලාස්ටර් වෙයි කියල හිතන්න අමාරුයි.
    හැබැයි එහෙම උනොත්, උපුල්වන් දෙවියන්ගෙ පෝස්ට් එකට ඔයාව පත්වෙන්න කියල මම ප්‍රාර්ථනා කරන්නම් :P

    ReplyDelete
  2. @ sidath:post eka kiwwe blog post ekada?

    ReplyDelete
  3. නෑ.. නෑ....
    සනත් ආයෙ මාස්ටර් බ්ලාස්ටර් වුනොත්, උපුල්වන් දෙවියො නිවන් දකිනවා. ඔයා උපුල්වන් දෙවියන්ගෙ තනතුරට පත්වෙනවා :D

    ReplyDelete
  4. As per the maths I have been taught;

    if a+(something)= a AND a*(something)=( something)

    then (something)= 0

    '0' is the notation to given above phenomena

    ReplyDelete
  5. @ yasela ayya:
    If one says that there are "0" something it means that there are "no" thing. ( gives the non-existence of that thing )It is true that "0" is the additive identity;but I wanted to say that we,take this non-existence as "an" existence.

    ReplyDelete
  6. මෙ ඔක්කොටම මුල 0 නෙ

    ReplyDelete
  7. @ Nimantha:
    මතකනේ a+0=a
    a.0=0
    හික්ස්!!!!අපේ real analysis !!!

    ReplyDelete
  8. @ sudaharaka: plus or minus zero............

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

The Condemned!