කර්ම ශක්තිය ජූල් 180 යි!?!

පොල් ගෙඩියක ස්කන්ධය කිලෝ 1.8 යැයි සිතන්න. ගුරුත්වජ ත්වරණය පහසුව තකා තත්පර වර්ගයට මීටර 10 ලෙස ගනිමු. පොල් ගෙඩිය වැටෙන්නේ මීටර දහයක් උස ගසකින් නම් අප සාමාන්‍යය පෙළ සිට දන්නා සූත්‍ර දෙකක් අනුව පොළොව මට්ටමේදී පොල් ගෙඩිය සතු ශක්තිය ජූල් (ශක්තිය මනින ඒකකය.) 180 ලෙස ලබා ගත හැකිය.දැන් පොළවේ සිටින කංකුන්ඩෙකු සලකන්න. පොල් ගෙඩිය වැටෙන මීටර 10 සමග සසඳන විට උගේ උස නොගිණිය හැකිතරම් කියා නොසළකා හැරිය හැක.දැන් ඌ මේ පොල්ගෙඩිය පතිත වීම නිසා චප්ප වී යාමට ඉතා ආසන්නය. කෙසේ හෝ එය ඌ මත පතිත වීමට ඉතා ආසන්නතම මොහොතේදී ඌට ගල් පතුරු කැබැල්ලක පිහිට ලැබුනේ යැයි සිතමු. එසේ නම් 180J ක ශක්තියකින් චප්ප වී යාමට සිටි ඌ ඉන් බේරුණේ 180J වූ උගේ කර්ම ශක්තිය නිසා බව අපට ශක්ති සංස්තිථි මූලධර්මය යොදා ගෙන ව්‍යුත්පන්න කර ගත හැකිද?
                 මෙම කර්ම සංකල්පය බුදුදහමේ වඩාත්ම කතාබහට ලක්වන එමෙන්ම වඩාත්ම වරදවා වටහාගැනීම් වලටත් බඳුන් වී ඇති සංකල්පයකි. එමෙන්ම කර්මය ගැන විවරණය කර  සම්පූර්ණ කර හැක්කේ බුදු කෙනෙකුටම පමණක් යැයි කියැවී ඇත. ඉතින් මෙය ලියා මා අකුසල කර්ම රැස් කර ගන්නේ නම් එය මාගේ කරුමය ම වේ.(මෙයද වැරදි අදහසකි.)අපට කර්මය ගැන කියා දෙන්නේ ගැල්බැදි ගොනෙකු පසු පස එන කරත්ත රෝදය (අකුසල කර්ම.)වැනි හෝ මිනිසකු පසු පස එන සෙවණල්ලක් බඳු දෙයක්(කුසල කර්ම.) ලෙසය.ඉතින් අප බොහෝ දෙනාට එය වැටහී ඇත්තේ කර්මය යනු සුදුසු තැන ලැබෙන  තුරු අප සමග සිට ක්‍රියා කරන ශක්ති විශේෂයක් ලෙසය. කර්ම නිසි කාලය එලඹෙන තුරු සිටින බව නම් සැබැවි. නමුත් එය ශක්ති විශේෂයක්ද? කෙසේ වුවත් එය ශක්තියක් නම් බටහිර විද්‍යාවේ එන්නා වැනි ශක්තියක් නම් නොවන බව ඉහත උදාහරණයෙන් පැහැදිළි විය යුතුය.
             ඉතින් කර්මය ගැන මා දකින ආකාරය නම් මෙසේය. අප සිත යනු ඇති වී නැති වන සිත් පරම්පරාවක එකතුවක් බව අභිධර්ම විග්‍රහයේදී සඳහන් වේ.මෙම සිත් එකකින් එකකට තොරතුරු සම්ප්‍රේෂණය කරයි.එනම් එක සිතක් ඇතිවී නැති වන්නේ ඒ සිත ගැන යම් තොරතුරු ප්‍රමාණයක් පසුව එන්නාට ලබා දෙමිනි.සිතුවිලි (චේතනා;කැම්පස් එකේ එක්කෙනා නොවෙයි.)හට ගන්නේ සිතකය. බුදුහාමුදුරුවන් දෙසූ පරිදි චේතනාව කර්මයවේ.(ඕන්න මම චේතනා මහ කරුමයක් කියලා හෙම කියල නෙවෙයි කිව්වේ.):චේතනා හං භික්ඛවේ කම්මං වදාමි.චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා..;සිතින් සිතා සිතින් කයින් වචනයෙන් කර්ම රැස් කෙරෙයි.(පරිවර්තනය අවුල් නම් ඒ ගැන සමාවෙන්න ඕනා.)සියල්ලට යතුර ඇත්තේ එතැනය.දැන් ඇත්තේ අන්තයන් දෙක එකතු කිරීමය.චේතනා යනු කර්ම නම් චේතනා ඇති වන්නේ සිතක නම් සිතක් ඇති වී නැති වන විට පසුව එන සිතට තොරතුරු සම්ප්‍රේෂණය කරන්නේ නම් එම චේතනාව පිළිබද තොරතුරු නිතතින්ම අනෙකට සම්ප්‍රේෂණය වේ. එමගින් අනෙකකටද ඉන් පසු තව එකකටද වශයෙන් තමා කළ කී දෑ ගැන තොරතුරු සම්ප්‍රේෂණය වේ. එවිට රැස් වන තොරතුරු ප්‍රමාණය අනුව සමහර තොරතුරු යටපත් වී යා හැක. අහෝසි වී යන කර්ම වන්නේ ඒවාය. තමා කළ යම් දෙයක බරපතල කම වැඩි නම් එය දිගින් දිගටම සම්ප්‍රේෂණය වනු ඇත. ගරුක කර්ම (ආනන්තරීය පාපකර්ම වැනි )වන්නේ ඒවාය.මෙලෙස තමා කල කී දෑ ඒවායේ තීව්‍රතාව අනුව දිගින් දිගටම සම්ප්‍රේෂණය වනු ඇත. එලෙස තමා වත්මන් සිත් පරම්පරාවේ ගැබ්වී තිබී සුදුසු විටක ක්‍රියාත්මක ව සැප හෝ දුක් විපාක ඇති කරනු ඇත.
                                        යම් හෙයකින් ලෝකය පාලනය කරන දෙවි කෙනෙකුන් නැති නම් අප කළ කී දෑ ගැන බලා ගෙන අපට හොඳ හෝ නරක විපාක ලබා දිය හැකි ක්‍රමය මෙය ලෙස මම අදහමි. ගොනා පසුපස එන රෝදය ලෙස හෝ තමා පසු පස එන සෙවණැල්ල ලෙස කර්මය එන්නේ මෙලෙස යැයි මට හැඟේ.ඔබේ කරුමය එන්නේත් මෙලෙස නම් නැතහොත් වෙනත් විදියකට නම් පහත කමෙන්ට් බොx එකේ ඒ ගැන මට දැන්වීමට කාරුණික වන්න. නැවත හමුවන තුරු බුදු සරණයි!

Comments

  1. සාධනය කරපු විදිය නම් ෆට්ට :D

    ReplyDelete
  2. @: kaniya;
    thanks.info.sites walata log wenna awul yanawa neda.maath eeye comment ekak danna haduwata hari giye naha.

    ReplyDelete
  3. ලස්සනට ලියලා තියෙනවා...අළුත් විදිහකට පටන් අරගෙන කර්මය ගැන කතා කරලා තියෙනවා..

    කර්මය කියන සOකල්පය බුදුහාමුදුරුවන්ටත් කලින් භාරත සමාජයේ තිබ්බ දෙයක්..සමකාලීන බොහෝ ශාස්තෘවරුනුත් පිලිගත්ත දේයක්..නුමුත් බුදුහාමුදුරුවො කර්මය ජිවීතයට බලපාන විදිහ අන් අයට වඩා පැහැදිලිව විසිතර කලා..

    බුදුදහමට අනුව කර්මය යනු සියලු දේ තීරනය කරන සාදකය නොවේ..
    මේ ගැනත් පොඩ්ඩක් ලිපියේ කියවුනා නම් ලපිය අOග සම්පුර්නයි ලා කියලා මට හිතෙනවා..

    ReplyDelete
  4. @ Yasela ayya:
    Thanks.
    ow . eka nam mata ayya kiwwata passe tamayi matak une.

    ReplyDelete
  5. අයියෙ නියමෙටම ලියල තියෙනවා... මේක පටන් අරන් අරන් තියෙන විදියත් මරේ මරු

    ඒක නෙමේ චේතනා ගැන ලියද්දි මොකද කැම්පස් එකේ එක්කෙනාව මතක් උනේ ;) :D:D

    ReplyDelete
  6. ඔතක ශක්තිය ජූල් 180 වෙන්නේ පොලවට සාපේක්ෂව නේ. එතකොට මනුස්පයා ඉන්න තැන අනුවත් ඔය කරුම ශක්තිය වෙනස් වෙනවද??

    ReplyDelete
  7. @ ishan:
    නැහැ. මිනිහා උඩ මට්ටමක ඉන්නවා කියල හිතන්න.එතකොට ඔය 180J ඕනි නැහැ.ඒ උනාට මිනිහා ඒ උසට ගේන්න කර්මශක්තිය යම් ප්‍රමාණයක් වැය වෙනවා.ශක්ති සංස්ථිති නියමය නොවැ.

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

The Condemned!