පාපොච්චාරණ; පව් සමා කිරීමට නොවේ!!!

 මෙය එක් අතකින් ගත් විට පාපොච්චාරණයකි.නමුත් එය පාපොච්චාරණයක් නොවන්නේ එය මම මාගේ පවක් සමා කරගැනීමට කරන දෙයක් නොවන නිසාත් මම බොදුනුවකු ලෙස පව් සමා කිරීම් විශ්වාස නොකරන නිසාත්ය.( මෙය මා කියන්නට යන දේට කිසිම අදාළත්වයක් නැති වැල් වටාරමකි.ඒ මාගේ හැටිය.)කෙසේ හෝ මම දැන් මාගේ පාපොච්චාරණය අරඹමි. මාගේ බ්ලොග් සටහන හොදින් බලන ඕනෑම  අයකුට පෙනීයන දෙයක් වන්නේ එය වැඩිමනත්ම චෝදනා වලින්ද,ඇනුම් බැනුම් වලින්ද පිරී ඇති බවකි. එම සටහන් වල බොහෝදුරට ඇත්තේ පසුව කියවා බලන විට ලියූ මටද ලැජ්ජා සිතෙන විදුලි කොටන අකුණු ගහන වචනය.මෙතෙක් දුරට මා සිතා සිටියේ එවැනි ලිපියක් දෙකක් ලියා මහ පොරක් වීමට දැයි මට දැන් සැක සිතේ.( අඩුම තරමේ මගේ හිතේ කොනක එවැනි දෙයක් තියෙන්නට ඇත.) සමහරවිට එවැනි ලිපි බලා ඔබලා මා ඊනියා ඉන්ටලෙක්චුවල් කෙනෙකු ලෙස ගනීවි යැයි මා වරදවා වටහාගෙන සිටින්නට ඇත.මා මෙවැනි දරුණු පාපොච්චාරණයක් කිරීමට හේතුව ඔබ දැන් බලාපොරොත්තු වනු ඇත.( එය මම දන්නේ නැත.) මේ පසු ගිය සතියේ දිනක අපගේ බෝඩිමේ යම් යම් දාර්ශනික( පුහ්!!!) සංවාද කීපයක් ඇති විය.ඒවායේ මාතෘකා කීපයක් නම් "ප්‍රේම සම්බන්ධයක මුල ආදරයද?","CIMA අවශ්‍යයද?" වැනි ඒවාය.(කදිම දාර්ශනික බෝඩිමකි!!!.) එහිදී මම මාගේ සුපුරුදු භාෂා විලාශයෙන් "ආදරය 100%=ප්‍රේම සම්බන්ධය","CIMA භංග වේවා!" වැනි ගොර බීරම් ප්‍රකාශ නිකුත් කරමින් සිටියෙමි.නමුත් මද වේලාවක් යනවිට මට හැගී ගියේ මාගේ ළගම මිතුරනට පවා මා දැන් දැන් පිස්සකු ලෙස පෙනී යාමට ඉඩ ඇති බවය.මද වේලාවක් ගිය විට මටද ඉරට්ටේ සංඛ්‍යා 5ක් මැද ඉන්නා ඔත්තේ (Odd) සංඛ්‍යාවක් මෙන් හැගී ගියේය.මාගේ ළගම මිතුරන්ටත් එසේ නම් මා මෙම බ්ලොග් එකෙන් හදුනා ගත් ඔබට මා සමග අවංකව සංවාදයේ යෙදීම කොතරම් අපහසු වන්නට ඇත්දැයි මට කල්පනා වූයේ ඉන් පසුවය.(එසේ වුවත් මා සමග අවංකව සංවාදයේ යෙදුනු ඔබ සැමට පිං.)ඉතින් මා කළ පව් වලට දෙවියෝ (අවංක හිතවතුන් හැර මා විශ්වාස කරන වෙනත් සර්වබලධාරී දෙවියෙක් නැත;අහ්! ඔන්න ආයෙත්.)සමාව දෙත්වා.ඔබ සැමට බුදු සරණයි.

Comments

  1. "ආදරය 100%=ප්‍රේම සම්බන්ධය"

    අපි මීට වඩා තව පොඩ්ඩක් එහාටත් කතා කලා නේද :p ??

    "නමුත් මද වේලාවක් යනවිට මට හැගී ගියේ මාගේ ළගම මිතුරනට පවා මා දැන් දැන් පිස්සකු ලෙස පෙනී යාමට පටන් ගෙන ඇති බවය"

    මෙහෙම නම් උනේ නෑ, මම නම් එවෙලේ කිව්වේ CIMA අත්‍යවශ්‍ය නෑ, නමුත් කරන එකාට කරන්න පූර්ණ නිදහස තියනවා කියන එකයි.

    "අවංක හිතවතුන් හැර මා විශ්වාස කරන වෙනත් සර්වබලධාරී දෙවියෙක් නැත"

    හික් හික්, එල එල :D

    ReplyDelete
  2. මාත් ‍ලොකු වෙනසක් නෑ :D

    ReplyDelete
  3. අයියෝ මල්ලියා... මට comment කරන අයගෙනුත් ඔයා විතරයි කියන්න තියෙන දේ හරියටම කියන්නේ...

    ලියන විදිහ වෙනස් කරන්න එපා...

    ලියමු ලියමු දිගටම. එකවගේ අය අතර වෙනස් අය ඉන්න එක කොයි තරම් දෙයක්ද..........

    අනික මේ මිනිස්සු කරන පුවු වල හැටියට නටන පිස්සු වල හාටියට මේවා මොනාද මල්ලියා...

    ReplyDelete
  4. @Ishan,Kanishka,& wath akka:
    Thanks.

    ReplyDelete
  5. @ Ishan(+My friends in the boarding.): Please don't take it private. And I didn't mean that you, my friends in the boarding ,were not honest with me. It seems that all the rabbit holes I dig go further than I think.This time again it seems not an exception. I just wanted to stop it. But I have hit again. If I have hurt you please forgive me for the sake of forgiving.

    ReplyDelete
  6. I modified the post. Just a single word.Sorry for those who read earlier and sorry if I have hurt you.I thought a word caused a perfect chaos there and I changed it.I will mind to mind my words.So;guys !sorry again.

    ReplyDelete
  7. හෆෝයි, මොකෝ බං මේ?? :/
    අපි මුකුත් කිව්වෙත් නෑ, මේං මේකා මූටම බැනගන්නවා :p

    පිස්සුද බං උඹට? ඔව්වා මොනවද?? වරෙන්කො බෝඩිමට :p

    ReplyDelete
  8. I like to give you a suggestion..mmmm..may be not...or may be later...or i am not going to tell you ....no i ll tell it you later !@#$^&*+_)(**&&

    ReplyDelete
  9. පිස්සුද බං . . උඹ උඹ වගේම හිටපන් . . .

    අනෙක් අය තම තමන්ට කැමති විදිහට නිර්වචන කරපුවාවේ . . .

    උඹේ ස්ටයිල් එකෙන් උඹ කැමති විදිහට ලියපන් . .

    ඒතකොට තමයි අපිට නියම "උඹව" කියවන්න ලැබෙන්නේ . ..

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

(වි ) රහ කතා....