(වි ) රහ කතා....




 http://lifestyle.indiainfo.com/2009/06/11/images/broken_people_400.png
කොහොමහරි අද නම් මම කතාවක් කියන්නයි යන්නේ.ඒක නිසා කතා කරන බාසාවෙන්ම ලියන්නයි යන්නේ.මේක මගේ හොදම යාළුවෙක්ට වෙච්ච දෙයක්.(තමාගේ හොදම මිතුරා තමාය කියලා සමහර කටකතා කාරයෝ කියලා තිබ්බට පිළිගන්න එපා.)මේ සිද්දිය කැම්පස් එකේ වෙච්ච දෙයක්.මේ දේ උන මගේ යාළුවා දිහා ගෑනු ළමයෙක් බලනවා වගේ එකක් එයාට දැනිලා තිබුනා.මාත් මිනිහගේ උදව්වට??? ඒ පැත්ත පොඩ්ඩක් බලනකොට කතාව ඇත්ත.(හැබැයි අපි දෙන්නාටම වැරදිලාද කියන්න නම් දන්නේ නෑ.)මිනිහා කාටවත් කියලා වැඩේ දෙල් කර ගත්තේ නම් නෑ.(අදාල කෙනාටවත්) ඒක නිසාමද මන්දා විභාග එහෙම ඉවරවෙලා බලද්දී මිනිහා දුරින් ඉද කරපු ප්‍රේමය විනාශ වෙලා තිබුනා.ඉතින් මිනිහාගේ හොදම යාළුවෙක් වෙච්ච මට මිනිහා මෙහෙම කිය කිය ඉන්නවා ඇති කියලා හිතුනා.

චණ්ඩ හිරු එබෙන්නේ ඔබෙ සිසිල විදින්නයි
සද කිරණ නටන්නේ සද මුහුණ දකින්නයි
සමන් මල් පතන්නේ ඔබේ රුව ලබන්නයි
මා දෙනෙත් තැවෙන්නේ ඔබේ රුව දකින්නයි

ඔබ එළිය නැති මේ මග අන්ධකාරයි
ඔබ නැතිව යන මේ දිවි ගමන පාළුයි  
ඔබ ගායනය නැති වෙණ නද අමිහිරියි
සිහිනයේදිත් මා හැරගියා වාගෙයි

මා ඔබට දුන් මා හද සුරැක ගන්න
සිහිවටනයකි එය ඔබ තබා ගන්න
ඔබ සිතෙහි රදවා නෙතු වසා ලන්න
සොයුරියෙනි දිවි තුරා අවසරය දෙන්න

ප.ලි;
මේ ටික කියන්න ඔච්චර මහන්සි වෙන්නේ මොකටද කියලා හිතෙන්න පුලුවන්.ඒ කොහොම උනත් මගේ යාළුවගේ මේ සිද්දියෙන් මම ඉගෙන ගත්ත දෙයක් තියෙනවා.ඒක ඔයාලටත් දැනගන්න කියන්නම්;ආදරයයි කැස්සයි හOගන්න බෑ නෙවෙයි, පුළුවන්. හබැයි හැOගුවොත් කැස්ස නරක්වෙලා නියුමෝනියාවට යනවා,ආදරය නරක්වෙලා විරහවක් වෙනවා....

Comments

  1. හ්ම්ම්ම්ම්ම්...ආදරයයි කැස්සයි හ0ගන්න බැ වගේ ...මේ යාළුවා කවුද කියලත් හOගන්න නම් බැ...
    ආදරයයි,කැමැත්තයි,ආසාවයි කියන්නෙ එක ලග යන ඒවා...හැබැයි ඒවා එකම නම් නෙමේ...ඔවායේ වෙනස තෙරුම් ගන්න නම් ඉතින් ආදරේ කරන්නම ඕනේ...
    හරි ආදරයක් දැක්කොත් එක ලබා ගන්නත්..ඒක තියා ගන්නත් ගොඩක් කැපකිරීම් කරන්නත් ඔනේ...ඒකයි සමහර වෙලාවට ආදරේ කරන්න ගියාම ඉගෙනීම අතපසු වෙන්නේ...ඔයා ඉගෙන ගන්න හින්ද්යි..සමාවෙන්න..ඔයාගේ යලුවා ඉගෙන ගන්න කෙනෙක් හින්ද්යි මේ ටික ලියන්න හිතුනේ...

    ReplyDelete
  2. @:Yasela Ayya
    ඔය කියන මගේ යාළුවා ඉගෙනීම අතපසු කරගන්න එකක් නෑ මගේ හිතේ.මොකද මිනිහා ටිකක් මොලේ තියෙන හාදයා.කොහොම උනත් මම එයාට කියන්නම් මේ ගැන.කොහොම උනත් යසේල අය්යේ ඉස්සෙල්ල තෑන්ක්ස් කිව්වේ කමෙන්ට් එකට. මේ පාර තෑන්ක්ස් කියන්නේ උපදෙසට......(මගේ යාළුවා වෙනුවෙන්.)

    ReplyDelete
  3. හ්ම් හ්ම් මමත් ආවනේ මේ පැත්තේ. මේ තියෙන්නෙ කවි. මේවත් එක්ක බැලුවම මම ලියන ඒව අන්ඩර දෙමළ තමයි මල්ලියො.

    මම ලීවනම් මෙහෙමයි ලියන්නේ

    ඔන්න එහෙනම් අහගන්න

    නෙතු අග බැල්මෙ ඇරයුම නොදැනුනා නොවේ
    කාලය ඇති නිසා කලබල වුන නොවේ
    වැඩ අහවරව බලනා විට ළදේ මෙහේ
    ඔබ දුර ගිහින් දුක රදවා මගේ ලොවේ

    කියල ඔයාගේ යාළුව කියාවි

    එතකොට

    නෙතු අග බැල්ම ඔබ හට මදි වුනාද
    මගෙ රුව ගූණ ඔබ හද නොරුදුනාද
    කාලය සීමිතයි ඔබ එය දනීද
    මගෙ පෙම්වතා වෙනකෙකි ඔබ දනීද

    කියල කෙල්ල කියාවි

    කෙල්ල හිතන්න ඈති කොල්ලගෙන් ප්‍රතිචාරයක් නැති නිසා එයාට කැමති නැහැ කියල. ඉතින් එයාට ආදරේ කෙනෙක්ව ඇය තෝරගන්න ඈති.

    ReplyDelete
  4. @ මල්ලි ඔයා මගේ blog එකේ ඔයාට හිතෙන දේ කෙලින්ම කියන එක මම අගේ කරනව. බොරුවට "හොඳයි" "අනේ හරිම ලස්සනයි" කියනවට වඩා සැබෑ හැඟීම අගේ කරනව.

    ReplyDelete
  5. මේ යාලුවා නම් කවුද කියලා මාත් අඳුන ගත්තා . . අනෙ පවු අප්පා . . .

    ඒකපාර්ෂවික ආදරය කිසි තේරුමක් නෑ බං . . ඕන මගුලක් කියලා කියලා දාන එක තමයි හොඳම වැඩේ . .

    ReplyDelete
  6. @ Duka ayya:
    Thanks for the comment.

    ReplyDelete
  7. විරහව රහක් කර ගන්න අයත් ඉන්නවා මචන්(ටොපික් එකට සිත ගිය නිසයි කිවුවෙ).

    ආදරයක් ප්‍රකාශ කරනවද නැද්ද කියන එක තමන් තීරණය කරගන්න ඕනෙ. මොන දේ උනත් හැමදාම ඈතින් හිඳ හෝ ආදරය කරන්න පුලුවන් කියල හිතනවනම් ආදරය අප්‍රකාශිතව තිබ්බත් අවුලක් නෑ.

    ඒත් ඉතින් හිමිකරගැනීම ගැන හිතනවනම් ප්‍රකාශ කිරීම හොඳයි කියලයි මම හිතන්නෙ. නැත්නම් උඹ කිවුව වගේ නිව්මෝනියා තත්ත්වයට එන්න ඉඩ තියනව.
    කවිය ලස්සනයි.

    ReplyDelete
  8. මටනම් no commetns බං, මොකද මම comment කලොත් හාවා මල්ලෙන් එලියට පැනලා වටේ කැරකි කැරකි නටන්න පටන් ගන්නවා. ;)

    BTW, නියම මාතෘකාව :)

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

The Condemned!