එරබදු මල් මොට්ටු මොට්ටු...... මළ කෝලම් කිට්ටු කිට්ටු......

                මා කලින්ද සදහන් කල පරිදි මේ අපගේ අවුරුදු සමයයි.මේ සමයේ දක්නට ලැබෙන සමයO නිසා මහා පුදුම වේගයක්ද,ආවේගයක්ද ඇතිවේ.මුලින්ම වර්තමාන කාලීන shopping යාම සලකා බලමු.මේ දින වල අපගේ රටේ පමණක් නොව බොහෝ රට වලද ජනතාව දෙකොන ගැටගහ ගන්නේ ටිකක් අමාරුවෙනි.මෙය දේශපාලන කතාවක් නොවේ.(දේශපාලු කතාවකි.)මගතොට දී හමුවන අයකුගෙන් "මේ දවස් වල කොහොමදැ?"යි ඇසූ විට පවුලක ආර්ථික තත්වය ගැන හොද lecture එකක් අසා ගත හැකි වනු ඇත.නමුත් මේ දිනවල පාරට බැස බලන්න.බසයක හිටගෙන යාමටවත් ඉඩක් නැත.මාසේ පඩිය අරගෙන තමාගේ පොඩි එකාට කමිස පොඩ්ඩක් අරගෙන යන අම්මෙකුට,තාත්තෙකුට මේ වියදම මහා ගොන් කමකැයි සිනා සීම මහා ගොන් කමකැයි ඔබට සිතෙනු ඇත.( මට නම් සිතේ.)නමුත් මෙය එවැනි සිද්ධියක් නොවේ.මේ දිනවල මිනිසුන් මහරගම ,නුගේගොඩ සැරිසරන්නේ තම හත් මුතු පරම්පරාවටම අදින්නට දීමේ මහා වගකිම හිසින් ගත්තවුන් ලෙසිනි.තව කීමට ගොඩක් දේ ඇති නිසා මම මේ ගැන මෙතැනින් නවතමි.
                දැන් අපගේ මේ ඊනියා අවුරුදු උත්සව ගැන සළකා බලමු.බලන බලන අත අවුරුදු මOගල්‍යයන්ය.මේ මලමගුල් නිසා සසර කළනොකිරේ නම් ඒ විචක්ෂණ බුද්ධියක් නැති අයකුට පමණි.(මා පවසන්නේ මා මේ ඊනියා බුද්ධිමතකු බවද???).ඇත්තටම මෙම පෙර කී බුද්ධිය බොහෝ දෙනෙකුට නැති බවනම් පෙනේ.හැම අවුරුදු උත්සවයක් ම නිසරු සOකේත ගොඩකට සීමාවී ඇත.කොහාගේ නාදය ඕගනයකින්ද රබන් නාදය ඔක්ටපෑඩයකින්ද (පුළුවන් නම් එයද ඕගනයකින්)ගෙන shape  විය හැකිනම් අපගේ අයියලා එයද කරනු ඇත.තම ගම ගැන කතා කිරීම මේ දිනවල fashion එකක් බවට පත්වේ.උපන්තේකට උපන් ගමට ගොස් නැති අය මේ දිනවල ගමට යාමට දත කට මැද ගනිති.රූපවාහිනීවල කොළඹ හතේ ඇත්තෝ  කවදාවත් අපද දැක නැති අමුතු ගමක් ගැන කතා කරති.එහි ගැමි සුවද විහිදේ.සියල්ලෝම සරම් චීත්ත ගවුම් හැද සිටිති.ගම බතින් බුලතින් පිරී ගොස් ඇත.හැමෝම ගමේ කඩ පොලට වී දාම් ඇද ඇද සිටිති.කිසිදේකට බය වීමට ඕනෑ නැත.(ඇත්තටම ගම මෙසේ නම් ගමට මෙතරම් ස්වාධීනත්වයක් ඇත්නම් මේ කෝළම් කාරයන්ට ගම්මැද්දට ඇවිත් මේ කෝළම් නටන්නට දෙන්නේ නැති බව මටනම් විශ්වාසය.) Jeans ඇද රට පුරා කරක් ගැසූ කෙල්ලෝ චීත්ත හැට්ට ඇද අවුරුදු කුමරියෝ වෙති.නින්දට වත් සරම් කොටයක් ගසා නැති කොල්ලෝ (මාද ඇතුළුව ) අවුරුදුකුමාරයෝය.(මා මේ කතා කරන්නේ අවුරුදු කුමාරයෝ ගැනය.).මා පෙර කී කෝමල ලාලිත අවුරුදු කුමරියෝ පසුදින jeans ඇද ගෙන නුගේගොඩ පන්ති ගාටනු ඔබට දැක ගත හැකිවනු ඇත.(බැරි වෙලාවත් අවුරුදු උත්සවය රූපවාහිනියකින් කළ එකක් නම් සගරා දෙකතුනක cover pages වළට පෙනී සිටීමේ භාග්‍යය ලැබෙනු ඇත.;අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ කියා මේ ගැටිස්සියෝ හූවක්ද දමනු ඇත.)අවුරුදු කුමාරයෝ ද පසුදින දකින්නට නැත.ඔවුන්ද  shape එකේම රැකියා සදහා පිටත්ව යාම පිට දමාගෙන ටවුමට එති.අවුරුද්ද පුරාම twinkle twinkle  කියන පොඩි එවුන් එදිනට පමණක් ඔOචිලි වාරම් කියති.මේවා නරකම නැත. නමුත් මා කියන්නේ ආත්ම වOචාවේද සීමාවන් ඇති බවය.
         මා පවසන්නේ මේවා නවතා දැමිය යුතු බවක් නොවෙයි.මේවා අප රැක ගත යුතු චාරිත්‍ර වාරිත්‍ර වේ.මේවා මේ තරමින් හෝ රැක ගත හැකි වීම අපගේ ආඩම්බරයට හේතු විය යුතුය.ඇත්තටම අපි ගිය හකුරට නාඩා තිබෙන හකුර රැකගත යුතුය.කළාවන් හා සම්ප්‍රදායන් දිනෙන් දින වෙනස් වේ.සමහර ඒවා විනාශ වී යයි.(ඇත්තටම එOගලන්ත දූපතේ අප මහරජාණන් අප කෙරේ ඇති කරුණාවෙන් අපව ආක්‍රමණය කර අපගේ සමහර ම්ලෙච්ච් ;මට මහප්‍රාණ ච් යන්න හොයා ගත නොහැක;සිරිත් විරිත් නොඇරවන්නට අප තවම සිටිය තැනමය.)ඒ ගැන හඩා දොඩා දෙස් දෙවොල් තැබීමෙන් ඇති වැඩක් නැත.මාගේ සම්මුති ලෝකයේ ඔනෑම අයකුට තමාට හරියැයි හිතෙන දෙයක් කිරීමට අවසර නැත.එය බලු(???) වැඩක් වීම වළකන්නේ සOස්කෘතිය මගිනි.අවාසනාවකට හෝ වාසනාවකට සුද්දන්ට එවැන්නක් නොතිබූ අතර කවදාක හෝ එවැන්නක් ඇති වනුද සැකය.
         මා යළිත් මුලට පැමිණිය යුතුය.මා කියමින් සිටියේ මේ අවුරුද්ද අපගේ නොවන බවය.(අඩුම තරමින් මම එවැන්නක් කීමට එලඹෙමින් සිටියෙමි.)මාසයක් කා මාසයක් උපවාස කිරීමට පොළඹවන මේ මුදලාලිගේ අවුරුද්ද අප විසින් වෙනස් කරනු ලැබිය යුතුය.අපගෙන් මුදල් ගරාගැනීමට සිටින මුදලාලිට අවුරුදු කැවීම අප විසින් වෙනස් කළ යුතුය.මේ පරිභෝජනවාදී අවුරුද්ද අපගේ නොව සුද්දන්ගේය.එය අප දුප්පත් රටේ දුප්පතා අපහසුවට පත්කිරීමක් වන අතර (No-limit, Odel ඉස්සරහින් පොඩි එකාට කමිසයක් අරන්දීම ගැන හිත හිතා හූල්ල හූල්ල යන කීදාහක් අප රටේ ඇතැයි ඔබ සිතනවාද?) ඊටත් වඩා අපගේ සම්ප්‍රදායන් ,මුතුන්මිත්තන් බාල්දු කර දැමීමකි.
        කෙසේ හෝ ඔබේ ගමට යන්න ,(ගමේම ඉන්නවානම් යන්න ඕනෑ නැත.)ගොස් අවුරුද්ද විදින්න.(ඔය ඊනියා දොස්තරලාගේ cholesterol,heart attack  අවවාද වලින් ප්‍රවේශම් වන්න;අප මුතුන් මිත්තන්ට නම් ඔය ලෙඩ නම් කවදාකවත් නොතිබෙන්නට ඇත.)ගමට ගොස් බලන්න:ලන්දේ උකුල උඩ එරබදු මල් ඇහැ ඇර තිබෙනු ඔබට දකින්නට හැකි වනු ඇත.(මම දැන් එය බලන්නට යමි.ඔබට බුදු සරණයි.)

Comments

  1. You will get the English translation later.Plese එරබදු මල් බලන්නට යන්න කලින් comments ටිකක් දාන්න.

    ReplyDelete
  2. The danger of the past was that men became slaves. The danger of the future is that man may become robots.
    -author can not remember
    I remembered this when i m reading above.

    ReplyDelete
  3. Actually when it comes to Asian countries you can't say that men were slaves.Even Lenin had said that Marx Leninism cannot interpret Asian production culture.( I don't know whether Yasela ayya used the word "past" in that context or you had simply talked about man bieng a slave of his past.(අතීතයේ වහලකු වීම.)

    ReplyDelete
  4. හොඳ ලිපියක් සහෝ.

    මටනම් දැන් අවුරුද්දෙ ඉස්සර තිබ්බ රහ නැතිවෙලා. ඒක වයසත් එක්ක දැනෙන දෙයක්ද නැතිනම් අවුරුද්දේ හැඩය වෙනස් වෙලාද කියලා මම දන්නෙ නෑ. දෙකම වෙන්නැති සමහර විට.

    ඔබට සුබ ගමන් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  5. @ raven : මම ගමනක් යන්න නෙවේ හිටියේ.ඒක ලිපිය ඉවරකරගන්න පොඩි වැඩක් විතරයි.අවුරුද්දේ රහ නැති වෙලා නෙවේ මට පේන්නේ ඒක අපෙන් උදුරගෙන වාගෙයි.දැන් සේරම මුදලාලිලාට ගිහින් වාගේ පේන්නේ.ඉස්සර ගෙදර හදපු කැවුම් කොකිසුත් දැන් දැන් කඩෙනුයි ගේන්නේ.ඉතින් කොහෙද අවුරුද්දක්.

    ReplyDelete
  6. Raven ගේ කතාවට මාත් එකඟයි.
    ඉස්සර අළුත් අවුරුදු එනකම් මම බලන් හිටියා. අළුත් අවුරුද්ද හරි විශේෂී දවසක් වුණා. ඒ වගේමයි වෙසක් පෝයත්.

    ඒත් දැන් අළුත් අවුරුද්ද, වෙසක් පෝය අනිත් දවස් වගේමයි කියලා තමා මට හිතෙන්නේ...............

    වයසත් එක්ක ඒක වෙනස් වෙන දෙයක් කියලයි මට නම් හිතෙන්නේ.....

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

The Condemned!