යළිදු උපන්නට වරමක් දෙනු මැන...

2010 වසරේ මැත ලෙක් එකක ඉඳගෙන ලියපු කවියක්. උගන්නගෙන උගන්නගෙන යනව. මට මෙලෝ තේරුමක් නැහැ. ඒ අතරතුරේ මට හිතුන මෙහෙම.......

අඳුරු වළාකුළු නැගිලා සිත් ගැබ
ඇත අහසත් පොළවට බරවී
අහස හඬන්නට සළකුණු කියමින්
පියඹති ළිහිණිහු තටු සළලා

නිදහස් කළ මැන මා හද ගැබ බර
බිඳ බිඳ බිඳු බිඳු බිම වැටිලා
හිරුට නැගෙන්නට නොදෙනා සළු පට
එළිය දෙමින් කඩ කඩ ඉරලා

වළා පටක් හට ඇයි මෙතරම් බර
කෙළෙසට දරමිද එය උහුලා
යළිදු උපන්නට වරමක් දෙනු මැන
යන්නට සුළඟේ නැව් නැගිලා...

                           2010.10.12

Comments

  1. තිමිර පටල බිඳ මොහොතින් ඒවී
    තෙදැති බලැති හිරු නුබ නැගිලා
    මැකෙන වළා යයි ඈතට පාවී
    නොයෙන ලෙසට අප අත හැරලා

    ReplyDelete
  2. කම්මැලි වෙලාවට මම වගේ නිදාගත්තා නම් ඉවරනේ බන්

    ReplyDelete
  3. වළා පටක් හට ඇයි මෙතරම් බර
    කෙළෙසට දරමිද එය උහුලා.....

    අනර්ඝයි

    ReplyDelete
  4. "යළිදු උපන්නට වරමක් දෙනු මැන
    යන්නට සුළඟේ නැව් නැගිලා..."

    ඒක නම් දහස් වාරයක් හිතෙනවා........ ලස්සනයි.....

    ReplyDelete
  5. ඉගෙන ගන්න වෙලාවේ කවි ලිය ලිය ඉඳලා හරි යන්නේ නෑ හරිය

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

ට්‍රම්ප් පදවි ප්‍රාප්ති දේශනය

The Condemned!

ගිහි සැප හැර පැවිදි වීම රෝමෑන්ටික් කිරීම....