කතෘ අඥානයි.


සතියකට පෙර දින
දිටිමි පාඨක පිටුවක පතෙහි
කෙළවර පුංචි කොටුවක
"පැන්සලෙන් කුරුටු ගෑ කවියක්"

"
කපන කොටන
ළිප මොළවන
වතුර පැසෙන
කඩිමුඩියෙන
වැසිකිළි යන
රැවුල කපන
මුහුණ දොවන
ඇඳ බැඳ ගෙන
දුව පැනගෙන
බස් නවතන
තැනට පැමිණි
ගැහැණු පිරිමි
දහසක් දෙන
දහසක් බුදුවරු උපදින
මේ උදැහන
පටන් ගනිති මහා හටන"

"සේකර" ලෙසින් වී
සඳහන්ව තිබු නම
සයිස් අඩු ෆොන්ටෙකෙන්
කවියේ පහළ දකුණු පැත්තේ.
නම නම් දැක පුරුදු හොඳට
දිනු එකාද කොහිද
පාසල් තරඟාවලිය

දිටිමි මුල පද දෙකෙහි
වෙර දරන අංකුර කවියකු
"ෂාහ් නියමයි සේකර! ඔහොම යං!"
අවසන් වන විටදි නම්,
"ඌත් එකයි- මූත් එකයි,
විදෙස් කුමන්ත්‍රණකාරයෝ!"

පුත,සේකර!
වැරදිය නුඹ ගිය මග
මෝහාන්ධකාර මකනට නුඹේ
අවැසිද කෙතරම් කුණු බිත්තර සාරු?
නොවිසඳෙන පැනයකි එය නම්.

දිවි ගැට ගහගන්නට කුමක් කරනෙද
බැහැනෙ කවියෙන් දිවි දිනනට
කඩයක් වත් කරනවාද?
එන එකක් නෑ කවුරුවත් ඔන්න!
මදි නෙවද හිතුවා?
".......කඩිමුඩියෙන- වැසිකිළි යන
..........දහසක් බුදුවරු උපදින......."

සේකර යමුද අපි ජිනීවා
ගලක් වත් වැදුනොතින්(විය යුතු විලසින්ම )
ඔබේ විසල් මැදුරට
ඇමරිකන් ඩොලර් වලින් හදාපු
"ඇමරිකන් කාරයා- කොන්ද පණ නැති!"

මළ සේකර
මේ සේකර
මොන සේකරද
අර සේකරද
"ප්‍රබුද්ධ" ලියපු
මහගමසේකරද?
කමක් නෑ ගහපිය ගලක්
පුළුවන් නම් උගෙ ගෙටත්
තාමත් ඇති කවි ලිය ලියා
රදාවාන පැත්තේ
"කුමන්ත්‍රණකාරයා!"

අපේ දඬු මුගුරු මානසිකත්වය ගැන කළකිරී ලීවෙමි. අපහාසයක් උනා නම් සමා අවසර. කවිය උපුටා ගැනීම "ප්‍රබුද්ධ" යෙනි. අපිට කලින් අපිව දුටු සේකරට පුදමි.

Comments

  1. මේකට මාතෘකා වුණු සිද්ධිය හරියටම දන්නේ නම් නෑ. ඒත් මෑත කාලීනව මේ වගේ දේවල් ගොඩක් උන හින්දා රස විදින්න පුළුවන් උනා. අගෙයි ගොඩක්.

    ReplyDelete
  2. අපිට කලින් අපේ අනාගතය දැකලා...

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

The Condemned!