Posts

Showing posts from October, 2012

ඕගරේ ඒකතානය ....

Image
BG 30යයි, SANY 250යයි  වැඩ බරට බරේ... මාස්ට් දෙක අතරින්- අහසට උස නැගී ඉර, ඉරටත් පුරුදු වෙලාවට කලියෙන්. බරට බරේ කැරකෙන ඕගරෙත් දරාගෙන, කැලි බාර් එක කරකැවෙයි නොනැවතී පැයෙන් පැය, ජීවිතේ මෙන්. ඕගරේ ඒකතානය ගෙනා දිවි මග ගිම් නිවන්නටයි ගැසුවේ, කැලි බාර් එක විටින් විට. හිත් පිත් නැති කළු ගලට බස්සන්ට ඕගරේ කැසකවයි BG 30ය, සිහිගන්වමින් අප දිවිය ඔට්ටුවෙන දිනපතා ලෝකය සමඟ. උණේ අන්තිමට, බුලට් රිප්ලේස් කිරිල්ල විතරමයි. මීටර එකහමාරක් සොකටිං කරලා කබොලක ගනකමැති කිලෝමීටර් ගානක්. කර ගන්න ඒ ඩිංග ඔට්ටු වෙද්දි ලොව එක්ක, දැන දැනත් වැටෙන බව කඩාගෙන හිස මතට ලෝකයේ සීමා ඉවුරු, දාගත්තෙ ඩිංගක් බලාපොරොත්තුවෙ බෙන්ටනයිට් බලා ගෙන ගොඩ එන්න මිසක් අන් කවරටද? ඕගරේ වල ඇතුලෙ ඔට්ටු වෙන අතරේ- වල එක්ක, නොකියාම ඕගරේටත්, බැස යාවි ඉර මුදුන් වී, මාස්ට් දෙක අතරින්. කළ යුතුව ඇත්තේ, බුලට් රිප්ලේස් කිරිල්ල විතරමයි, හෙටක් ගැන සිතා ගෙන ...යළිත්...