ඕගරේ ඒකතානය ....

BG 30යයි, SANY 250යයි 
වැඩ බරට බරේ...
මාස්ට් දෙක අතරින්-
අහසට උස
නැගී ඉර,
ඉරටත්
පුරුදු වෙලාවට කලියෙන්.

බරට බරේ කැරකෙන
ඕගරෙත් දරාගෙන,
කැලි බාර් එක
කරකැවෙයි නොනැවතී
පැයෙන් පැය,
ජීවිතේ මෙන්.

ඕගරේ ඒකතානය
ගෙනා දිවි මග ගිම්
නිවන්නටයි ගැසුවේ,
කැලි බාර් එක විටින් විට.

හිත් පිත් නැති
කළු ගලට
බස්සන්ට ඕගරේ
කැසකවයි BG 30ය,
සිහිගන්වමින්
අප දිවිය
ඔට්ටුවෙන දිනපතා
ලෝකය සමඟ.

උණේ අන්තිමට,
බුලට් රිප්ලේස් කිරිල්ල
විතරමයි.
මීටර එකහමාරක්
සොකටිං කරලා
කබොලක ගනකමැති
කිලෝමීටර් ගානක්.

කර ගන්න ඒ ඩිංග
ඔට්ටු වෙද්දි ලොව එක්ක,
දැන දැනත් වැටෙන බව
කඩාගෙන හිස මතට
ලෝකයේ සීමා ඉවුරු,
දාගත්තෙ ඩිංගක්
බලාපොරොත්තුවෙ බෙන්ටනයිට්
බලා ගෙන ගොඩ එන්න
මිසක් අන් කවරටද?

ඕගරේ වල ඇතුලෙ
ඔට්ටු වෙන අතරේ-
වල එක්ක,
නොකියාම ඕගරේටත්,
බැස යාවි ඉර මුදුන් වී,
මාස්ට් දෙක අතරින්.
කළ යුතුව ඇත්තේ,
බුලට් රිප්ලේස් කිරිල්ල
විතරමයි,
හෙටක් ගැන සිතා ගෙන
...යළිත්...

Comments

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

(වි ) රහ කතා....

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)