Posts

Showing posts from February, 2012

මමත් වැන්ද අද පති කුලයට යන්න…

Image
තැන තැන කතා බහ සිනහව ඇත රැඳුණ නෙක නෙක පාට නාදළු පවනේ දිලුණ හීන් හඬින් විට විට කැකිරිද පැලුණ වසත් කලෙක මිහිරකි පවනේ රැඳුණ හිරවී සිටිති මේසෙට පුටුවට ගැහැණු හිනා කටයි ඇස් යට රැවුමක් රැඳුණු "ගණිතය නොවෙද කළෙ මෙවරත් නැත ළකුණු මොරටුවෙ කියල ගෙදරට වී ඇත පුතණු" "එළවළු හරි ගණන් ඊයේ නැද්ද මෙයා අඩුවට ගන්නෙ අද කොයි කඩයෙන්ද ඔයා පඩියෙන් අඩක් ඉවරයි කෑමටම කියා හස්බන්ඩ් මට කිව්ව ෆුඩ් සිටි යන්න මෙයා" අල්ලපු මේසෙ ඇත හස්බන්ඩ් පෙර කීව ටයි පොළු පැළඳ දාඩිය ගැන ගතු කීව "බැළුවේ නැද්ද කාරෙක මං අර කීව අඩුවට ගන්න හැකි නව එන්ජිම තීව" මිතුරා වැලි කෙළියෙ දුව පැන නටපු මගේ මගුල් ගේ අදයි ලොකු අක්කගේ උගේ කළුවර ගහට ගිය දැසමන් වැලක් වගේ අක්කා සිටියි එල්ලී අයියගේ ඇඟේ මිතුරා ෆොටෝ ටික ගෙන දෙන්නට කීවා පෝරුවෙ සිරිත් කර යුවළද බැස ආවා පිහියද දරා අක්කා මදහස පෑවා රීලය ඉවර වී ඇත මා පැන දීවා "ළමයින් හට කවා හේමා ඔබ කන්න මම මේ ඉන්නෙ බඩගිනි වන් තුරු බොන්න පිරිමින් කැමති ගැහැණුන් හට ඉඩ දෙන්න" හස්බන්ඩ් කියයි අද සිහ වෙස් ගෙන ඉන්න "මට නම් නොහැක දැන් සීනිද තෙල් කන්න ඩොක්ටර් මට කිව්ව ඉන් වැලක

හිරු නැග දිලෙයි හිස් නිල්වන් අහස අරා...

Image
හිරු නැග දිලෙයි හිස් නිල්වන් අහස අරා වැලි කැට පවා දවමින් මේ කතර පුරා පවස නිවන අම දිය බිඳු ලැබෙන තුරා දිව්වෙමි මමත් දුර ඇති මිරිඟුවක් කරා වැලි කැට අහුරු රුදු සුළඟට පෙම් බැන්ද එක්වී දූලි සුළඟේ රඟ දෙනු මන්ද සැඩ හිරු රැසින් මා සිත ගත දෙක බින්ද යළි යළි කියයි වේ සැපයක් මර නින්ද සැඩ හිරු එළිය දුල තරු වියනෙන් බන්දා දූවිලි සුළඟෙ රෑ සොමි සිසිලස රන්දා ගිනි ගෙන දැවෙන කතරට සැනසුම කැන්දා එන තුරු හිඳිමි සඳ පෙරඹර ලෙස නන්දා