රට පෙරට ගෙනියන්ට මට වෙන්නෙ පා දෙකෙන්...

හිඳ ගතිමි අත දරා
නිල් පෑන ඉකි ගසන
රැක ගන්න ඉතිරි වූ
තින්ත බිඳ අන්තිමට,
අඳින්නට හිතාගෙන
සිත නැගී එන සිතුම්
නිරුවතින් විරිත්තන,
සුදු පාට කොළ පතේ
හතර කොන් නැවී ගිය,
සීතලෙන් පෙඟී ගිය.

ගසා හිස මේසෙ මත
යත් දැරිමි සිප ගන්ට
නිසල බව දෙන සිසිල,
පහන් දල්වා පැතුම්
"මකමි අද නම් ඉතින්
විරිත්තන සිනා කට
වතක් නැති කොළ පතේ"...

නොදැනීම මා සිතට
මම ලියමි අද මෙසේ

"ඇත කාර් බස් ලොරිද
යන සියක් මහ මගේ
ගන්ට සිතුනා මටත්
කාරයක් ඇබිත්තං

යන්ට සිතුවේම නැහැ
දෙයියම්ප බෙන්සෙකක
ඔනෑ නැහැ කිසිවිටක
මොන්ටෙරෝ ජිප් එකක්

දැක ඇතිමි ඇති තරම්
ෆෙරාරිද ,බුගාටිද
ඇති පදම් පර්ජෝද,
ගෙදර කම්පීතරෙන්
මස්ටෑංග් ඇමරිකන්,
ඇස්ටන්ද මාටින්ද,
ජගුවර්ද ඉන්දියන්…

සිත ගියත් "මිනි"යකට
නොපැතුවෙමි කිසිදිනෙක,
වෙහෙසුණා පමණමයි
කාර් ගැන සිත සිතා.
හැකිද මට මිලට ගෙන
මල කන්ට හරින්නට?
තෙල් ගසන්නට ඉතින්
අතේ නැත පිච්චියක්.

මරුටියක් වත් ගන්ට
බැරිලු දැන් නම් ඉතින්,
මිල වැඩිලු බදු හෙයින්.
අපටමයි කෙළ වෙන්නෙ,
කාර් ගත් මහ එවුන්
මග යාවි රජ සැපෙන්.
රට පෙරට ගෙන යන්ට
මට වෙන්නෙ පා දෙකෙන්"

දෑස් හැර බැලූ කල ,
දිටිමි ගැදි අවසනේ
පෑන රැඟුමක් රඟනු,
නොකියාම මා සිතට.
මුව හයා බැලූ කල
දිටිමි එය " ;) " ලෙසින්…..

Comments

  1. රට පෙරට සමාජය අඳුරට තමයි ඔතෙන්ට ගැලපෙන හොදම පිරැල. හිතලුව නම් ත්‍රස්තවාදය නිමාකිරීම සහ විදේශ බලවේග කෙරෙහි සෘජු ප්‍රතිපත්තියක පිහිටා සිටීම මත ලැබෙන ජනතා ප්‍රසාදයේ වරප්‍රසාද භුක්තිවිඳින වත්මන් ආණ්ඩුවට නිසි දැක්මක් නැති විපක්ෂයේ සහයෝගයද නොඅඩුව ලැබෙන බවයි. අසමගිය පිරුණු විපක්ෂය ආණ්ඩුව කෙරෙහි කිසිදු අභියෝගයක් නොවන්නට හසුරුවාගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකිවී සිටින්නේ වටුවැද්දා විසින් වටුවන් දඩයම් කළ ආකාරයට නොදෙවෙනි ලෙසකටයි.

    ReplyDelete
  2. දැන්නම් මාලදිවයිනට ගියත් මෙහෙට වඩා සැපයි....

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

(වි ) රහ කතා....