හතුරකුටත් නුඹ ඇසු ගී දෙන්න එපා...


සිත නොව ගතයි ගීයෙන් දැන් අමතන්නේ
වැර නැති දෙපය වුව නටමින් රඟ දෙන්නේ
පෙර කල ගැයූ ගී නැතිදෝ රස දෙන්නේ
නව නළු රසය කෙලෙසද පුත හඳුනන්නේ

මන්දෝ පුතුණි ඔබ ඔය අසනා ඔව්වා
රසදේ පුතුණි අප බාලේ ඇසු එව්වා
උඩ පැන නටා අප පොඩි කල කී මෙව්වා
අප හද පතුලෙ උණුසුම් මිහිරක් මැව්වා

කාලේ වෙරළෙ හැපි හැපි පෙර මැකි ගීත
රැප් කර යළිත් උණුසුම දුණි රෑ සීත
අසනුය පුතුණි ඉතිහාසයෙ පෙර ඈත
"ප්‍රණෙ හනි" වෙන්ට කෑ සඟ බොධි සුවිනීත

ආදර හැඟුම් රෑ සඳ වතුරෙන් ආවා
පතමින් පැතුම් පෙම් කොඳ මල් ඇහැරේවා
පිවිතුරු පැතුම වේ මේ රැය මගෙ වේවා
ඇසුවෙද කියනු අද මගෙ සඳ ඔබ වේවා

පෙර කල කවින් අඳ රාගෙන් උමතු වැටී
ගත හැකි කීය ළඳකගෙ ඉඟ කළත් මිටී
දැනගනු කවිය ළඳකගේ සිරි කියන හැටී
තරමට ඉඟෙන් පොඩි පුරඟන ළදොත් වටී

මුතු මිණි නැතිය දෙනු ඔබ හට සළුද කසී
අද පල නැතිය මට ඔබ නැති ලොවෙන් කිසී
තරු මිණි පාවි ඔච්චම් පෙම් සිනහ සිසී
කිව යුතු නුඹත් මතු නුඹ පෙම් කළොත් නිසී

කංසා ඔසුව වේ ලිව්වේ පොරණ වෙදා
කිව්වට දුකා ගස් යැව්වේ නැද්ද එදා
පැණි රස කෑම කා කංසා බොන්න මෙදා
සොකරිට නුඹේ හැක සයනේ ඉන්න නිදා

සියුමැලි නැතිද පෙම් කළ කොල්ලෙකුගෙ සතන්
පෙරසේ හැඟේ දුටු විට දිගු දෑස ඉතින්
යා යුතු නුඹත් ගිය මග අර කොල්ල පවන්
සිටිනට හැකිද බලමින් ඉකි බිඳිනු දුකින්

ලෑලි ගෙදර සිට මැති මැදුරට යන්න
වැලිකඩ ගියත් යළි අවුදින් රජ වෙන්න
දියුණුවෙ රන් දොරටු මට පෙන්වා දුන්න
තුති පිදි යුතුයි කවියට පෙර කල ඔන්න

පුත නුඹ නරක මිතුරන් පිළි ගන්න එපා
කිසි ලෙස නොහොබිනා කම් හුරු වෙන්න එපා
කවියෙන් දුන් ඔවා මග හැර යන්න එපා
හතුරකුටත් නුඹ ඇසු ගී දෙන්න එපා...

Comments

  1. nice one mchn!!!!! site thought aaaa....

    ReplyDelete
  2. සින්දු විතරක් නෙමෙයි බන්, දැන් පෙන්නන ටෙලි නාට්‍යත් ඔය වගේ තමයි. මෙලෝ රහක් නෑ. බලන උන්ගේ මොලේ අවුල් වෙනවා...

    ReplyDelete
  3. සිංදු.... ටෙලි නාට්‍ය..... ඒ විතරක් ද..... ඇයි පොත්..... අනේ මන්දා..... ඊළඟ දශකේදී මීටත් වඩා අන්ත වේවිද දන්නේ නෑ........

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

The Condemned!