මගේ ගෑනි ලෙඩ වාට්ටුවකි

මා අද කියන්නට යන්නේ අමුතුම කතාවකි. ඒ මාගේ අඹුවගේ සෞඛ්‍ය තත්වය ගැනයි. මුලින්ම මා කිව යුතු දෙය වන්නේ මා අඹුව ගෙදරට කැන්දාගෙන ආවේ මීට වසර දෙකකට පමණ පෙර බවයි.ඈ බම්බලපිටිය ප්‍රදේශයේ උපන්නියකි. ඇත්තටම කිවහොත් ඈ උපන්නේ කොහේදැයි කීමට තරම් මට දැනුමක් නැත. මන්ද යත් අපි කවුරු කවුරුත් එන්නේ කොහි සිටද යන්නේ කොහාටදැයි කීමට තරම් දැනුමක් අපි කාටවත් නැති නිසාය.එම නිසා මම දන්නේ මා ගෙදරට කැන්දාගෙන එනවිට ඈ බම්බලපිටියේ වාසය කළ බව පමණි. වෙනත් වචන වලින් කිවහොත් මගේ මාමණ්ඩිය හා නැන්දනිය වසන්නේ බම්බලපිටියේය.
            රූපයට රැවටෙන්නට එපා යැයි මට මගේ අම්මා පවසා තිබූ නිසාත් ජීවිතයටම වරක් පමණක් ලැබෙන චාන්ස් එකක් නිසාත් මම මට තේරෙන තරමට හොඳ යහපත් අඹුවක් ගෙදරට කැන්දාගෙන ආවෙමි.එක මොළයේ පළු දෙකක් ඇති ගෑනියකට වඩා හොඳින් වැඩ පළ කරන බැවින් මම එක වර මොළ දෙකකින්ම වැඩ කරනා අඹුවක් ගෙදරට ගෙන ආමි.( මගේ අඹුවට මොළ දෙකක් ඇත්තේ කොහොමදැයි මගෙන් අසා පලක් නැත. එය තනිකරම පරීක්ෂණාත්මකව නිගමනය කර ගත් දෙයකි. සමහර විට මගේ ආදර නැන්දනිය නම් එය දන්නවා ඇත.)
            අපරාදේ කියන්නට නම් බැරිය. මෙතුවක් කලක් ඈ හොඳහැටි ගෙදර දොර වැඩපළ කර ගෙන සිටියාය. මා කෙසේ කීවත් ඇගේ රූපයෙන්ද අඩුවක් තිබුනේ නැත. ඇත්තටම එවැනි මුහුනක් ඇති ගැහැනියක අහළ පහළ ගෙදරක ඉන්නවා මා දැක නැත. ඉතින් මෙසේ හිටිය මගේ අඹු සිඟිත්ත දැන් මාස දෙක තුනක සිට ලෙඩිනි.මේ ටික කල තුළ ඇය දෙවතාවක් පූර්ණ අකර්මණ්‍යතාවට පත් වූ අතර තව වතාවක් හිටියත් නැති ගාණටම එනම් අත පය කපා දමා ඇති ගාණටම පත් වූවාය.මෙයින් පූර්ණ ලෙසම ලෙඩ ඇඳට වැටුණු දෙවතාවේදීම මම ඇය ඔසවාගෙන ඇගේ බම්බලපිටියේ මහ ගෙදරට ගියෙමි. ඒ මන්ද යත් බැඳලා අවුරුදු තුනක් යනතුරු ඇති වන ලෙඩ වල දී පූර්ණ වගකීම දරා ඈ සුවපත් කර දෙන බවට මගේ නැන්දනිය පොරොන්දු වූ නිසාය. මගේ අඹුවගේ උපතේදී ම වූ ඇබැද්දියක ප්‍රතිපල ලෙස ඇගේ ශීර්ෂ පෝශී ධමනිය අවුල්ය. එම නිසා ඇගේ මොළයට රුධිර සැපයුමේ විටින් විට අවුල් යයි. එයම මෙම අවුල් වලට හේතු විය හැකි බව වෛද්‍ය මතයයි. මේ නිසාම පසුගිය දෙවාරයක දීම මගේ නැන්දම්මාගේ එනම් ඇගේ අම්මාගේ මණ්ඩලය ( බෝර්ඩ් එක ) කචල් විය.ඉතින් මේ ලෙඩ ගොඩ අස්සේ මගේද හිස ගිනි ගෙන මෙනි. 
             ඒ කෙසේ වුවත් එහේ ගිය පසු ආපසු එන්නට නම් ඇයට වගේ වගක් නැති ගානයි. අඩුම තරමේ මම ගෙදර තනියම බව නැන්දාට වත් හිතන්න තිබුනි. ඇය ඊටත් එහාය. ඔයින් මෙයින් කියා අප අතර හොඳ හිත පළුදු වන්නට ඔන්න මෙන්න තිබියදී කෙසේ හෝ ඇයව ගෙදර කැටුව ඒමට මම සමත් වීමි. මේ දිනවල මගේ හිතටද ඇගේ මේ බම්බලපිටි කරක් ගැහිල්ල ගැන පොඩි පොඩි සැක සංකා ඇතිවී ඇත.ඉතින් හදිසියේ මේ ලිපිය ලියන්නේ මේ වැඩ ගොඩ වී තිබූ නිසා ඔබව දකින්නට නොලැබීම ගැන සමාව ඉල්ලීමටය. අදද ඇය ලෙඩිනි.අද හෙටම ඇය නැවත බම්බලපිටි උස්සාගෙන යාමට සිදු වෙනු ඇත. කෙසේ වුවත් අවසාන වශයෙන් කිව යුත්තේ කොහොමට හිටිය ගෑනියක් ද මේ විනාශ උනේ කියාය. අනේ මෙහෙම දුකක් වනේ වන හතුරකුටවත් වෙන්න එපා ය කියා ඉත සිතින් පතමි.නැවත හමුවෙන තුරු බුදු සරණයි.

Comments

  1. හිහි...අරය (කරේම නේද බැලුවොත් ඇත්තම්) ලෙඩින් ද කොලුවො....

    පවු අසරණි... මට ආරංචි විදිහට ඈ ලෙඩ වෙලා තියෙන්නේ උඹ දුන්න දුක් කරදර උහුල ගන්න බැරිව... ඇයි ඉතින් ඒ ගැණු මනුස්සයගෙ ඔලුගෙඩිය කියල මේ තරම් වැඩ කන්දරාවක් උහුලන්න පුලුවන් ද දරුවෝ...

    කෙසේ වෙතත් නැවත දකින්න ලැබීම නම් සෑහෙන සතුටක්...

    ගොඩක් කාලෙකින් නෙව ලීවේ...

    මේ මම රහසක් කියන්න ද? මොකද ඔය ගෑනු මනුස්සයව ඩිවෝස් කරල හරි , එයාගේ කැමැත්තෙන්ම හරි වෙන කෙනෙක් ගෙනාවොත් ... හිහි..

    ReplyDelete
  2. ආහ් ...අමතක වුනා කියන්න... මාත් බැන්ද නෙව... ඔය ජාතියෙම එකක්... වෙනස ඉතින්... දෑවැද්ද දෙන්නෙ ගෙවීමේ ක්‍රමයට ....

    ReplyDelete
  3. ඔබ තුමා සතියම බෝඩිමේ ඉඳල සති අන්තයේ ගෙදර ගිහින් ඒ උන්දැට දෙන වද දරාගන්න බැරුව වෙන්න ඇති පව් අහින්සකී

    ReplyDelete
  4. ඔබේ පතිනියට ඉක්මන් සුවය ලැබේවා!..... තෙරුවන් සරණයි.....

    ReplyDelete
  5. මයේ ගැනි නම් මොල දෙකේ එකියක්.. තාම ලෙඩ උනේ නම් නැ....

    ReplyDelete
  6. මටනම් ගෑණු දෙන්නයි. එක්කෙනෙක් මොල දෙකේ එක්කෙනෙක්. එකම තැන තමා ඉන්නේ. අනික් එක්කෙනා නම් තැන තැන ගෙනියන්න පුළුවන්( එයාටත් මොල දෙකක් තිබ්බට එයාගේ ඒ එක මොලේකින් මොල දෙකක වැඩ කෙරෙන නිසා එයා දිහා බලලන කෙනෙක්ට හිතෙන්නේ මොල 4ක් තියෙනවා කියලා). ඔය දෙන්නම මට ලෙඩ දාලා තියනවා. මගේ අර එක තැන ඉන්න එක්කෙනා නම් එක්කන් ආවේ අර බම්බලපිටිය පැත්තේ තියෙන ගෑණු විකුනන තැනින් තමා.


    නියම post එක ලෙක්ස් :)

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

(වි ) රහ කතා....