Posts

Showing posts from May, 2010

කර්ම ශක්තිය ජූල් 180 යි!?!

Image
පොල් ගෙඩියක ස්කන්ධය කිලෝ 1.8 යැයි සිතන්න. ගුරුත්වජ ත්වරණය පහසුව තකා තත්පර වර්ගයට මීටර 10 ලෙස ගනිමු. පොල් ගෙඩිය වැටෙන්නේ මීටර දහයක් උස ගසකින් නම් අප සාමාන්‍යය පෙළ සිට දන්නා සූත්‍ර දෙකක් අනුව පොළොව මට්ටමේදී පොල් ගෙඩිය සතු ශක්තිය ජූල් (ශක්තිය මනින ඒකකය.) 180 ලෙස ලබා ගත හැකිය.දැන් පොළවේ සිටින කංකුන්ඩෙකු සලකන්න. පොල් ගෙඩිය වැටෙන මීටර 10 සමග සසඳන විට උගේ උස නොගිණිය හැකිතරම් කියා නොසළකා හැරිය හැක.දැන් ඌ මේ පොල්ගෙඩිය පතිත වීම නිසා චප්ප වී යාමට ඉතා ආසන්නය. කෙසේ හෝ එය ඌ මත පතිත වීමට ඉතා ආසන්නතම මොහොතේදී ඌට ගල් පතුරු කැබැල්ලක පිහිට ලැබුනේ යැයි සිතමු. එසේ නම් 180J ක ශක්තියකින් චප්ප වී යාමට සිටි ඌ ඉන් බේරුණේ 180J වූ උගේ කර්ම ශක්තිය නිසා බව අපට ශක්ති සංස්තිථි මූලධර්මය යොදා ගෙන ව්‍යුත්පන්න කර ගත හැකිද?                  මෙම කර්ම සංකල්පය බුදුදහමේ වඩාත්ම කතාබහට ලක්වන එමෙන්ම වඩාත්ම වරදවා වටහාගැනීම් වලටත් බඳුන් වී ඇති සංකල්පයකි. එමෙන්ම කර්මය ගැන විවරණය කර  සම්පූර්ණ කර හැක්කේ බුදු කෙනෙකුටම පමණක් යැයි කියැවී ඇත. ඉතින් මෙය ලියා මා අකුසල කර්ම රැස් කර ගන්නේ නම් එය මාගේ කරුමය ම වේ.(මෙයද වැරදි අදහසකි.)අපට කර්මය

යුෂ්මතා මිනී මැරුවාද? නැත ස්වාමීනි මස් ගොඩක් අතරින් ලී මිටැති වානේ තලයක් යැවුවෙමි!!!

Image
 මරන්නේ මිනී නොවෙයි. පණ ඇති එකෙකි. නමුත් කමක් නැත,මම පහසුව තකා එම පදය භාවිතා කරමි. කෙසේ හෝ මේ ප්‍රශ්නය දෙස බැලූ විට මේ අදාල නඩුකාරයා අදාල යුෂ්මතා සංදර්භයන් දෙකක (ඔබගේ පහසුවට; සිංහලෙන් context කියා කියන්නේ මෙයටය.)සිට මේ ප්‍රශ්නය දෙස බලන බව කාටත් පෙනෙනු ඇත.නඩුකාරයා මියගිය තැනැත්තා පුද්ගලයකු ලෙස එනම් එකතුවක් දෙස දකියි. කිතුලට ගිය මිනිහාටත් කියන්නට දේවල් ඇතැයි කියා තිබුනත් මේ චූදිතයා මදක් විමර්ශනය කරනු ලැබීමට තරම් වටිනා එකෙකි. ඔහු මියගිය තැනැත්තා කොටස් කිහිපයක එකතුවක් ලෙස දකියි.මෙය තරමක් බරපතල තත්වයකි.බුදුදහමේ උගන්වන්නේ අපව දිරිමත් කරන්නේ මෙලෙස සාදා ගත් සංකල්ප වලින් ඉවත් වීමටය.එසේ නම් මේ මිනී මරුවා රහත් වීමටද සුදුස්සෙකියි යන ප්‍රශ්නය ඔබට පැන නැගෙනු ඇත. මන්දයත් කලින් ප්‍රකාශයට අනුව ඔහු බුදු දහම හොදින් අවබෝධ කර ඇත්තෙකි. නමුත් කොතැනක හෝ වැරැද්දක් ඇති බව මට හැගී ඇති අතර ඔබටත් එය සාධාරණ වනු ඇත. දැන් අපි මදක් ගැඹුරට මෙය සළකා බලමු.                                        ඔබ බණ ඇසීමට උවමනා නැත.බණ අසන තැනකින් හෝ ගොස් ඇති නම් බුදුදහමේ මිනිසා කොටස් පහකට වෙන් කර දක්වන බව දන්නවා ඇත.එනම් රූප, වේදනා, ස(ක

සුළගට කියන කවි

Image
මේ කවිය ගොඩ කාලයක් මගේ හිතේ තෙරපී තෙරපී හිටිය කවියක්.මෙයා ගොඩ කාලයක ඉදලා අවසානයක් ඉල්ලා ඉල්ලා හිටිය කෙනෙක්.ඒක නිසා මගේ බ්ලොග් සටහනේ ඉන්න අනිත් හැමෝටම වඩා මම මෙයාට ආදරේ කරනවා. පහුගිය සිකුරාදා කැම්පස් එකේ ඉදලා එනගමන්(කොහොම හරි මම ඉන්නේ කැම්පස් එකේ කියලා ආයෙමත් කියා ගත්තා.) බස් එකේ ෂටර් එකත් ඇරගෙන කුඩු පොද වැස්සේ සුළගට හිනා වෙවී එන ගමන් තමයි මට මෙයාව මතක් උනේ. මේ වැඩ කන්දරාව අස්සේ මට මෙයාව ආයෙමත් මතක් උනේ අද තමයි ...ඒ කියන්නේ ඉරිදා.ඉතින් ඔය ගොල්ලන්ටත් ඇහෙන්න මම දැන් සුළගට කවි කියන්නයි යන්නේ.ඔන්න නොකිව්වයි කියන්නෙපා.....කමෙන්ට් එකක් නම් ඕනිමයි........ පෙම් වසත් සිහිලැල් සුළං රැලි හමා යන මුළු ලොව පුරා නැත වසන්තය උදා වී මට යමි වසත් නාදය සොයා ගැටෙන විට පෙම් මද පවන් කොවුල් ගී කියනා ඔවුන් නොදනිදෝ ඒ මද පවන් රැළි ජනිත මා සුසුමන් තුළින් ගිම් නිවන ගහ කොළ නොමැති සද නිරුද කතරෙකි කෙම්බිමත් හඹා යනු ඇයි මිරිගුවක් පස සිතුනි මට දහසක් වරක් කොහොම උනත් මේ කවිය කියවලා මම මූඩ් ගහලා කියලා උපකල්පනය කරන්න එපා. මොකද එයින් ලැබෙන ප්‍රතිපල වලින් විසංවාදී සාධන ක්‍රමය සාධනය කරන්න පුළුවන් වෙන්න පුළුවන්.

ලෝකය දෙවියන් මැවුවේය.ඉන්පසු දෙවියන් ලොව මැවුවේය.....

Image
 මෙය බැලූ බැල්මට විසංවාදයකි.එසේත් නැති නම් අප කවුරුත් දන්නා කිකිළි සහ බිත්තරය පිළිබද ප්‍රශ්නය වැනිය.කෙසේ වුවත් මා අද කතා කරන්නට යන මාතෘකාව ඉතා සංවේදී මාතෘකාවක් වන නිසා මුලින්ම යමක් ගැන යමක් කිව යුතු යැයි කල්පනා කරමි.මා අද කරන්නට යන්නේ ආගමික කතා බහක්ම නොවේ.එය ලෝකය ගැනද අප ලෝකය දකිනා හැටිද ගැන "මා දකිනා හැටි" ගැන පොඩි කතා බහකි.මම මේ මාතෘකාව යෙදුවේ එමගින් අප ලෝකය අත් දකින හැටි ගැන හොදින් ම කියැවෙන නිසා මිස අන් අරමුණකින් නොවන බව කිව යුතුය. කෙසේ වුවත් එනිසා යමකුට අපහසුතාවක් දැනුනි නම් එහි පූර්ණ වගකීම මා දරන අතර ඔබෙන් සමාව ඉල්ලා සිටිමි.හොදයි! යළිත් මාතෘකාවට....                             මුලින්ම ලෝකය දෙවියන් මැවුවේය යන කොටසින් කියැවෙන්නේ කුමක් දැයි බලමු.මා එය ලිවූවේ ලෝකය ලෙස අප දකින සියල්ලම අප මනසේ නිර්මාණ බව පෙන්වීමටය. බුදු හාමුදුරුවන්  වරක් ලෝකය ලෙස පෙන්වා දුන්නේ අපගේ බඹයක් පමණ වන ශරීරයයි. එසේ නම් ලෝකය දෙවියන් මැවුවේය යන්නෙන් මම කියූ දෙය ඔබට  වටහා ගත හැකි වනු ඇත. දෙවනුව දෙවියන් ලෝකය මැවුවේය යන්නෙන් මා අදහස් කළේ එසේ අප විසින් සංකල්පයක් ලෙස ඇති කර ගත් දෙවියන් විසින් ලෝකය මවන ලද බ

බිංදුවක් "ඇත."?!?

Image
 සනත් ජයසූරියගේ වාර්තාගත ලෝක වාර්තා අතුරින් එකකි, වැඩිම වාර ගනනක් බිංදුවට දැවී ගිය ක්‍රීඩකයා වීම.( ක්‍රිකට් සම්බන්ධයෙනි.)ජයසූරිය බිංදුවට දැවී ගිය විට අපට සංවේගයක් ද සමහර විට ආවේගයක් ද ඇති වීම සාමාන්‍යය.මෙහිදී පසුව නිතරම සිදු වන පරිදි කාර්යාල ,දුම් රිය, බස් රිය ආදියේ  ඒ ගැන කතා බස් සිදු වනු ඇත.ඉතින් අද මා කීමට යන්නේ මෙම බිංදුව ගැන පොඩි ලස්සන කතාවකි.අසනු කැමැත්තෝ අසත්වා! අසනු නොකැමැත්තෝද .....අසත්වා!                                         මෙම බිංදුව (ජයසූරියගේ බිංදුව ම නොවේ.!!!) ඉතා ලස්සන එමෙන්ම ඉතා වටිනා සංකල්පයකි.(මා අදහන හැටියට එය වටිනා සංකල්පයක් යන බවද සංකල්පයකි; මිනිසා ඇති තතු ඇති ලෙස නොදැකීමෙන් වන මනෝ විකාරය..) ගණිතයේ දියණුව ඇරඹුනේ බිංදුව පිළිබද දැනීම ඇතිවූ පසු බව පිළිගත් මතයකි.ඉතින් මෙම බිංදුවේ අරමුණ නැති බවක් ඇති කිරීමය.(නැති බව පෙන්වීමය.) කා සම්බන්ධයෙන්ද?(කාටද?) යමක් නිරික්ෂණය කරන්නකු සම්බන්ධයෙනි.(නිරික්ෂකයකුටය.) අපට ජයසූරියගේ බිංදුව සම්බන්ධයෙන් දුකක් ඇති වන්නේ එම බිංදු සංකේතය අපට ජයසූරිය ලකුණු ගසා නැති බව ඇති කිරීම නිසාය.(පෙන්වීම නිසාය.) මෙම සංකල්පය පෙරදිග ඇති උනේ නිවන පිළිබද

පාපොච්චාරණ; පව් සමා කිරීමට නොවේ!!!

Image
 මෙය එක් අතකින් ගත් විට පාපොච්චාරණයකි.නමුත් එය පාපොච්චාරණයක් නොවන්නේ එය මම මාගේ පවක් සමා කරගැනීමට කරන දෙයක් නොවන නිසාත් මම බොදුනුවකු ලෙස පව් සමා කිරීම් විශ්වාස නොකරන නිසාත්ය.( මෙය මා කියන්නට යන දේට කිසිම අදාළත්වයක් නැති වැල් වටාරමකි.ඒ මාගේ හැටිය.)කෙසේ හෝ මම දැන් මාගේ පාපොච්චාරණය අරඹමි. මාගේ බ්ලොග් සටහන හොදින් බලන ඕනෑම  අයකුට පෙනීයන දෙයක් වන්නේ එය වැඩිමනත්ම චෝදනා වලින්ද,ඇනුම් බැනුම් වලින්ද පිරී ඇති බවකි. එම සටහන් වල බොහෝදුරට ඇත්තේ පසුව කියවා බලන විට ලියූ මටද ලැජ්ජා සිතෙන විදුලි කොටන අකුණු ගහන වචනය.මෙතෙක් දුරට මා සිතා සිටියේ එවැනි ලිපියක් දෙකක් ලියා මහ පොරක් වීමට දැයි මට දැන් සැක සිතේ.( අඩුම තරමේ මගේ හිතේ කොනක එවැනි දෙයක් තියෙන්නට ඇත.) සමහරවිට එවැනි ලිපි බලා ඔබලා මා ඊනියා ඉන්ටලෙක්චුවල් කෙනෙකු ලෙස ගනීවි යැයි මා වරදවා වටහාගෙන සිටින්නට ඇත.මා මෙවැනි දරුණු පාපොච්චාරණයක් කිරීමට හේතුව ඔබ දැන් බලාපොරොත්තු වනු ඇත.( එය මම දන්නේ නැත.) මේ පසු ගිය සතියේ දිනක අපගේ බෝඩිමේ යම් යම් දාර්ශනික( පුහ්!!!) සංවාද කීපයක් ඇති විය.ඒවායේ මාතෘකා කීපයක් නම් "ප්‍රේම සම්බන්ධයක මුල ආදරයද?","CIMA අවශ්‍යයද?