ජාතිය,රාජ්‍යය හා ජාතික රාජ්‍යය

 මේ ලිපිය දකින අයකු, නිසැකවම මා ගැන මා නොදන්නේ(දන්නේ!!!)මොනවාදැයි සිතනු ඇත.නමුත් මා කියවමින් සිටි පොතක දුටු කරුණු අනුව මේ ගැන පොඩ්ඩක් ලිවීමට සිත් විය.එමනිසා අපි පළමුවෙන්ම ඉහත පද කීපයක නිර්වචන (මේ අපගේ සOස්කෘතියේ නිර්වචන නොවන අතර එය පිළිගත යුතුද යන්න සළකා බැලිය යුතු කරුණකි.)  සළකා බළමු.ඒවාට අනුව ජාතියක් යනුපොදු සම්ප්‍රදායකින්,සOස්කෘතියකින් හා භාෂාවකින් බැදුනු ජන සමූහයකි.ජාතියක් ජනවර්ගයකින් වෙනස් වන්නේ ජාතියකට දේශපාලන ස්වාධීනත්වයක් හිමි අතර ජනවර්ගයකට එසේ හිමි නොවීමෙනි.(කදිම නොමග යවන සුළු,වරදට පොළඹවන සුළු වචන සමූහයකි.)රාජ්‍යය ගැන අර්ථ දැක්වීම මට නම් තේරෙන්නේ නැත.දැන් ජාතික රාජ්‍යය ගැන සළකා බලමු.මේ ගැන අර්ථ දැක්වීමට අනුව රටක සියළුම ජනතාව එකම ජාතියකට අයිතිය.අපගේ වර්තමාන දේශපාලන වේදිකාවෙ ශ්‍රී ලාOකික ජාතියක් ගැන යන රාවයේ මූලබීජය ඔබට දැන් වැටහිය යුතුය.මා පවසන්නේ මේ අර්ථ දැක්වීම් වැරදි බව නොවේ.එම අර්ථ දැක්වීම් ඔවුන්ගේ ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්ෂව නිවැරදි වනු ඇත.නමුත් මේ බටහිර දේශපාලන විද්‍යාවේ අර්ථ දැක්වීම් අමු අමුවේම අප රටට ආදේශ කිරීම නිසා වී ඇති විනාශය ඔබට දැකිය හැකි විය යුතුය.මුළින්ම ජාතිය පිළිබද අර්ථ දැක්වීමට අනුව සිOහලයන් ජාතියකි.ද්‍රවිඩයන් ජාතියකි.(ශ්‍රි ලාOකික ද්‍රවිඩයන් මේ වැරදි යයි මා සිතන අර්ථ දැක්වීමට අනුව ජනවර්ගයකියි කියා මම කට වරද්දා නොගනිමි.ඔවුන් හා සමගියෙන් සිටිනට මේ අර්ථ දැක්වීම් වලින් ඇති වැඩකුත් නැත.)නමුත් ජාතික රාජ්‍යයේ අර්ථ දැක්වීම අනුව මොවුන් එකකු වත් ජාතියක් නොවේ.එම නිසාය අපට මෙහිදී ඊනියා ශ්‍රී ලාOකික ජාතියක් උවමනා වන්නේ.ජර්මනිය ජර්මානුවන්ගේය.එය සත්‍යයකි.ප්‍රOශය ප්‍රOශුවන්ගේය.ඒ ගැන විවාදයක් නැත.නමුත් ඒ අර්ථ දැක්වීම් එලෙසම අපට හරියන්නේ නැත.ඔවුන්ගේම අර්ථ දැක්වීම් වල ඇති පරස්පරතා නොදකිමින් අප ගොස් ඇති දුර බලන්න.තවද බලලෝභී දේශපාලකයින් නිසා ද්‍රවිඩ තාරුණ්‍යය, ද්‍රවිඩ ජනවර්ගය(?) ජාතියක්(?) කිරීමට ගොස් සිදු වූ දේ බලන්න.මා මේ ගැන ලිවීමට සිතුවේ මේ ගැන මාගේ දැනුම ප්‍රදර්ශනය කිරීමට (පමණක්;හිහ්!) නොව මේ ගැන අප දැනුවත්ව සිටිය යුතු නිසාය.දේශපාලනය කරනවා යැයි කියමින් නිකම්ම දේශපාලන පක්ෂ පසුපස යාම දැන්වත් නැවැත්විය යුතුය.එක්කෝ මේ අර්ථදැක්වීම් අපට ගැළපෙන ලෙස ප්‍රතිනිර්වචනය කළ යුතුය.(හරිද මන්දා?)නැතිනම් මේ දේශපාලන ගොහොරුවේ තවදුරටත් ගිලීම අපගේ ඉරණම වනු ඇත.තරුණයන් ලෙස මේ ගැන අවදිව සිටීම අපගේද යුතුකමකි.(මේ ලිපිය ලියුවේ ඒ නිසාය.)දේශපාලනය පොත්වල පවතින, ගිරවා දමන, පොත පෙරළීමට උවමනා වන විෂයක් නොවේ.එය විද්‍යාවකි.කලාවකි.එය විදින්නට එකතුවන්න.
Sources:- Map from wiki

Comments

  1. බින්දුව ලවීමට x අකුර බාවති කරන්න ....

    ReplyDelete
  2. ලංකාවේ තියන ප්‍රශ්නය සුළු ජාතීන් ,"වර්ගයකට හිමි නොවන" දේශපාලනික පදනමක් තුළින් ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කිරීමයි ....මෙම ප්‍රශ්නය වඩා ගැඹුරින් සංවාදයට බඳුන් විය යුතුයි

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අනිවාර්‍යෙන් ම පාට පක්ෂ වලට බෙදී අපේ රටේ මේ කරන දේෂපාලන නාඩගම් වලට නැවතීමේ තිත තැබීමට මේ කාලයයි . . .

    ඒ ගැන සිත මෙහෙයවූ ඔබට මගේ ආචාරය . . .

    අපි කතා කරමු . . අපිට කල හකි දේ හැකි පමනින් කරමු . .. අද ම නැතත් නුශුරු හෙට දවසේ වත් වෙනසක් කරන්න හැකි වෙයි නේ . .

    ReplyDelete
  5. @ wap: passe dakke chap newei wap kiyala.Sorry!If you have a blog please post me the link!!!

    ReplyDelete
  6. @ poorna :apata jana wargayak yayi kiya minisata sama ayitin nodi innata baha neda? mama kiyanne 50/50 newei.demala ayata demala weema nisa prasna nahayi tarka karanna puluwan.eth e ayata lipi labenne sinhalen,office ekakata giyama prasna.eth mewa wenama ratak illanna one prasna newei. ekayi mama kiyanne;ese illima me arttha dakweem walath ape desapalakayingeth waradda.

    ReplyDelete
  7. @leks what abt getting de financial or real estate document to a Sinhala & Tamil people in English...we all have de same problem.Its reasonable de tamils fight 4 these administration issues but is that there so called representatives do?

    ReplyDelete
  8. ah,it is a good article....i hope you have read 'Sihala Abiyogaya':Champika Ranawaka
    yea, the people who wants to build the Sri lanakan nation, not identify the historical and ground situation in SL.
    Tamils, Muslims and Sinhalese , all we have different cultures and we all love our own cultures too..so the need of the hour is not building a Sri lanakan nation,which is not practical, but teach our children ( and our own generation too) to respect our Tamil,Muslim cultures while learning our own past and future challenges.
    BW ignorance of our own senior engineer is such that, he challenged me that there is not a nationality called Sinhala where only exists Sri Lankan. My simple reply to him was that, just to check with the birth certificate where this government document has stated nationality as Sinhala. this happened to me in an interview and I think you are able to guess the out come of the interview..ha ha ...

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

The Condemned!