Posts

Showing posts from September, 2013

කතෘ අඥානයි.

Image
සතියකට පෙර දින දිටිමි පාඨක පිටුවක පතෙහි කෙළවර පුංචි කොටුවක "පැන්සලෙන් කුරුටු ගෑ කවියක්" " කපන කොටන ළිප මොළවන වතුර පැසෙන කඩිමුඩියෙන වැසිකිළි යන රැවුල කපන මුහුණ දොවන ඇඳ බැඳ ගෙන දුව පැනගෙන බස් නවතන තැනට පැමිණි ගැහැණු පිරිමි දහසක් දෙන දහසක් බුදුවරු උපදින මේ උදැහන පටන් ගනිති මහා හටන" "සේකර" ලෙසින් වී සඳහන්ව තිබු නම සයිස් අඩු ෆොන්ටෙකෙන් කවියේ පහළ දකුණු පැත්තේ. නම නම් දැක පුරුදු හොඳට දිනු එකාද කොහිද පාසල් තරඟාවලිය දිටිමි මුල පද දෙකෙහි වෙර දරන අංකුර කවියකු "ෂාහ් නියමයි සේකර! ඔහොම යං!" අවසන් වන විටදි නම්, "ඌත් එකයි- මූත් එකයි, විදෙස් කුමන්ත්‍රණකාරයෝ!" පුත,සේකර! වැරදිය නුඹ ගිය මග මෝහාන්ධකාර මකනට නුඹේ අවැසිද කෙතරම් කුණු බිත්තර සාරු? නොවිසඳෙන පැනයකි එය නම්. දිවි ගැට ගහගන්නට කුමක් කරනෙද බැහැනෙ කවියෙන් දිවි දිනනට කඩයක් වත් කරනවාද? එන එකක් නෑ කවුරුවත් ඔන්න! මදි නෙවද හිතුවා? ".......කඩිමුඩියෙන- වැසිකිළි යන ..........දහසක් බුදුවරු උපදින......." සේකර යමුද අපි ජිනීවා ගලක් වත් වැදුනොතින්(විය යුතු විලසින්ම ) ඔබේ විසල් මැදුරට ඇමරිකන් ඩොලර් වලි