හතුරකුටත් නුඹ ඇසු ගී දෙන්න එපා...
සිත නොව ගතයි ගීයෙන් දැන් අමතන්නේ වැර නැති දෙපය වුව නටමින් රඟ දෙන්නේ පෙර කල ගැයූ ගී නැතිදෝ රස දෙන්නේ නව නළු රසය කෙලෙසද පුත හඳුනන්නේ මන්දෝ පුතුණි ඔබ ඔය අසනා ඔව්වා රසදේ පුතුණි අප බාලේ ඇසු එව්වා උඩ පැන නටා අප පොඩි කල කී මෙව්වා අප හද පතුලෙ උණුසුම් මිහිරක් මැව්වා කාලේ වෙරළෙ හැපි හැපි පෙර මැකි ගීත රැප් කර යළිත් උණුසුම දුණි රෑ සීත අසනුය පුතුණි ඉතිහාසයෙ පෙර ඈත "ප්‍රණෙ හනි" වෙන්ට කෑ සඟ බොධි සුවිනීත ආදර හැඟුම් රෑ සඳ වතුරෙන් ආවා පතමින් පැතුම් පෙම් කොඳ මල් ඇහැරේවා පිවිතුරු පැතුම වේ මේ රැය මගෙ වේවා ඇසුවෙද කියනු අද මගෙ සඳ ඔබ වේවා පෙර කල කවින් අඳ රාගෙන් උමතු වැටී ගත හැකි කීය ළඳකගෙ ඉඟ කළත් මිටී දැනගනු කවිය ළඳකගේ සිරි කියන හැටී තරමට ඉඟෙන් පොඩි පුරඟන ළදොත් වටී මුතු මිණි නැතිය දෙනු ඔබ හට සළුද කසී අද පල නැතිය මට ඔබ නැති ලොවෙන් කිසී තරු මිණි පාවි ඔච්චම් පෙම් සිනහ සිසී කිව යුතු නුඹත් මතු නුඹ පෙම් කළොත් නිසී කංසා ඔසුව වේ ලිව්වේ පොරණ වෙදා කිව්වට දුකා ගස් යැව්වේ නැද්ද එදා පැණි රස කෑම කා කංසා බොන්න මෙදා සොකරිට නුඹේ හැක සයනේ ඉන්න නිදා...