කව පඬුරු වේ ඔබට මා දිවිය සරු කෙරූ.....
මේ කවිය ලියන්න හිතුනේ කැම්පස් එකේ විභාගේ කාලේ අපි දරපු ආතතිය අන්තයටම වැඩි වෙලා ඒක නිවා ගන්න කියලා පොඩ්ඩක් එළියට පහළියට බැස්ස වෙලාවක. කොහොම උනත් අපේ කැම්පස් එකේ විභාග කාලෙට අනිත් කැම්පස් වලට වඩා ආතතිය වැඩියි කියලා මට හිතෙනවා. මම ඒක කිව්වේ අනිත් කැම්පස් පහළට දාන්න හිතාගෙන නම් නොවෙයි. ඒ බව මම දැන් කියන්න යන දේ පොඩ්ඩක් සාවධානව අහගෙන හිටියොත් තේරෙයි. අපේ කැම්පස් එක කොහොම උනත් තාක්ෂණික අධ්‍යාපන ආයතනයක් විදියට තමයි ප්‍රසිද්ධ. ඉතින් අපේ කැම්පස් එකේ ඉන්න උන්දැලා හා ඉන්දියොලා වැඩ කරන්නේ තනිකරම සූත්‍ර ගත වැඩ පිළිවෙළක් අනුව. ( ඉන්දියො කියලා මම කිව්වේ උන්දැලා ගේ වෙන්ඩ හාමිනේලාට ; ආ! තව දෙයක් , අපේ කැම්පස් එකේ සිසු කුලක දෙක වෙන්නේ ගැහැණු හා පිරිමි නොවෙයි. කොල්ලෝ හා උන් කීප දෙනෙක් ගේ වෙන්ඩ හාමිනේලා කියලා. එයින් ගම්‍ය වෙනවා වෙන්ඩ හාමිනේලා වෙන්න සුදුසුකම් නොසපුරපු අය නැති බවත් හිටියත් නොගොනිය හැකි තරම් කියලා නොසළකා හැරිය හැකිබව.කොහොම උනත් ජන අනුපාතය අනුව ඒක එහෙම තමයි. අනික තමා කාන්තා පාර්ශවයේ සැළකිය යුතු ජනගහන වර්ධන වේගයකුත් නැහැ.) ...