Posts

කතෘ අඥානයි.

Image
සතියකට පෙර දින දිටිමි පාඨක පිටුවක පතෙහි කෙළවර පුංචි කොටුවක "පැන්සලෙන් කුරුටු ගෑ කවියක්" " කපන කොටන ළිප මොළවන වතුර පැසෙන කඩිමුඩියෙන වැසිකිළි යන රැවුල කපන මුහුණ දොවන ඇඳ බැඳ ගෙන දුව පැනගෙන බස් නවතන තැනට පැමිණි ගැහැණු පිරිමි දහසක් දෙන දහසක් බුදුවරු උපදින මේ උදැහන පටන් ගනිති මහා හටන" "සේකර" ලෙසින් වී සඳහන්ව තිබු නම සයිස් අඩු ෆොන්ටෙකෙන් කවියේ පහළ දකුණු පැත්තේ. නම නම් දැක පුරුදු හොඳට දිනු එකාද කොහිද පාසල් තරඟාවලිය දිටිමි මුල පද දෙකෙහි වෙර දරන අංකුර කවියකු "ෂාහ් නියමයි සේකර! ඔහොම යං!" අවසන් වන විටදි නම්, "ඌත් එකයි- මූත් එකයි, විදෙස් කුමන්ත්‍රණකාරයෝ!" පුත,සේකර! වැරදිය නුඹ ගිය මග මෝහාන්ධකාර මකනට නුඹේ අවැසිද කෙතරම් කුණු බිත්තර සාරු? නොවිසඳෙන පැනයකි එය නම්. දිවි ගැට ගහගන්නට කුමක් කරනෙද බැහැනෙ කවියෙන් දිවි දිනනට කඩයක් වත් කරනවාද? එන එකක් නෑ කවුරුවත් ඔන්න! මදි නෙවද හිතුවා? ".......කඩිමුඩියෙන- වැසිකිළි යන ..........දහසක් බුදුවරු උපදින......." සේකර යමුද අපි ජිනීවා ගලක් වත් වැදුනොතින්(විය යුතු විලසින්ම ) ඔබේ විසල් මැදුරට ඇමරිකන් ඩොලර් වලි...

ජොකා සහ ජාතිවාදය...

Image
සමා අවසර, හිතවත! දන්නව නම් ගන්නෙ නෑ නෝලිමිට් එකෙන්,  මගෙ ජොකා NLM. තරහ අවසර! ඇන්.ඇල්.ඇම්... තුන් හිතක වත් නෑ අදහසක්, ජාතියට වින කටින්ට. හිටියනන් දැනගෙන නිකන් යනව අම්මප! බෑනෙ රට රැක ගන්ට, ලැජ්ජ බය තියා ගෙන... හොඳ නෑ යන්ට දෙන්න- දන්න එකෙකුට පළාතේ. වෙලාවක් තිබ්බ නම්, එන්ට තිබුණා මටත්. කුණු බිත්තරයක් ගහන්ට- මෙත් සිතුම් පුරා ගෙන. මෝහ අන්ධකාරෙ යන උන්ගෙ. බිත්තර සාරු වලම දිය වෙන්ට... අර තලා දාල තිබ්බෙ පැපිළියාන පැත්තෙ මල් කැකුළක් නෙවෙද? පැටවු දහය දොළහ වදල රට හදන්ට හිටපු... කුඩු කරල මදි නෙවෙද නොසන්ඩාලයො කරපුවට? එන්ට තිබ්බා මටත්- වෙලා තිබ්බ නම්. ගහන්නට එක ගලක්, රට, ජාතිය රැක ගන්ට, ණය නැති වෙන්ට මවු බිමට...

චැනල් 4

Image
අසැබි සිත්තමක ඈ රඟපානු දිටි බවක් කියා පතිවත වැනී සිල් නොපිරි කුහකයෙක් නිරුත්තර වී බැලිමු සීතාය සිතු කතක් විත්ති කූඩුවෙ රැඳෙනු මවා දුක් බර නෙතක් ඔබේ පවු දුගඳ විඳ නාස් පුඩු හකුලුවන් නෙතු අගින් හොර බැලුම් ලූ දුසිල් විනිසුරන් වෙත මෙත් ද, සත්, ඉවැසු යන පෙරුම් පිරි ලෙසින් සමා දෙනු අප හටද සිල් සුවඳ සැක කළෙන්

ඔබ සමග-රැඟූයෙමි.....

Image
දිගු දෑස- නිල් දෑස අහිංසක- ලොකු දෑස ගයන විට- රඟන විට කඳුළු  බිඳු- මවන විට ගැයූයෙමි-වැයූයෙමි ඔබ සමග-හැඬූයෙමි ඔබ සමග-රැඟූයෙමි බිය රැඳෙන- අඳුර දෙන සිත බිඳී- ඇවිද යන මාවතේ- ජීවිතේ යථාවේ- බීමතේ හස පාන-හඳ පාන නැත ළඟක- නුඹ පේන බිඳෙයි- ලස්සන හීන රිදී තිර- පුංචි තිර දහසයේ- පැතලි තිර පමණි ඔබ -මට ගේන මැවෙයි ලස්සන හීන....

කඩවල් ඉදිරිපිට රෑවන විට තෝසේ-නවතා තිබේ දැන් මැක්ලරනුත් පෝෂේ...

Image
ඇමරිකාව චීනය හා රුසියාව ගුවන දිනා ලෝකෙට කට මැත කීව තබමින් ලෝක සිතියමෙ සිරි ලංකාව අඹරේ දිලෙයි  සුප්‍රිම්  සැට් යානාව එකල රජුන් කල පරසිදු ලෙස ගජබා ඇවිද ගියේ රජු මහ මග නොම පසුබා පාරේ යනු බයය අද වුව වීර අභා යුගයෙන් පසුව බිය රජ වූ අඳුරු  ප්‍රභා එහෙයින් රැඳී ගුවනේ ලක පිං සාර සුප්‍රිම්  සැට් යොමයි නෙත අඟලක් නෑර දිවි මග සැබෑ තතු හෙළි කර ලෙස සූර කැඩු ලෙස එවයි වක්කඩ අද පින්තූර අනතුරු වැඩිය මහ මග දැන් දැන් බෝසේ කෙල්ලන් යන්නෙ ලයිසන් ගත් මෙනි ආසේ කඩවල් ඉදිරිපිට රෑවන විට   තෝසේ නවතා තිබේ දැන් මැක්ලරනුත් පෝෂේ දෙදහස් පන්සියය ඇත පවුලක් කන්න තහවුරු කරයි ලද සේයා රූ ඔන්න මහපොළ ලබන සරසවි සිසුවකු මෙන්න සහ සිය පවුල දරුවන් දෙදෙනෙකු ඉන්න සියයට හයක්    අධ්‍යාපනයට දුන්න එබැවින් නොමැත අමතර වියදම් යන්න සිනහව පිරී ඇත ගේ පැල උතුරන්න පණහක් ඉතිරි වේ ලැම්බෝගිනි ගන්න පැල ඉණි වැටෙන් ඇති ගේ ඉදිරියෙ පැන්න විට හ...

රට පෙරට ගෙනියන්ට මට වෙන්නෙ පා දෙකෙන්...

Image
හිඳ ගතිමි අත දරා නිල් පෑන ඉකි ගසන රැක ගන්න ඉතිරි වූ තින්ත බිඳ අන්තිමට, අඳින්නට හිතාගෙන සිත නැගී එන සිතුම් නිරුවතින් විරිත්තන, සුදු පාට කොළ පතේ හතර කොන් නැවී ගිය, සීතලෙන් පෙඟී ගිය . ගසා හිස මේසෙ මත යත් දැරිමි සිප ගන්ට නිසල බව දෙන සිසිල, පහන් දල්වා පැතුම් " මකමි අද නම් ඉතින් විරිත්තන සිනා කට වතක් නැති කොළ පතේ "... නොදැනීම මා සිතට මම ලියමි අද මෙසේ " ඇත කාර් බස් ලොරිද යන සියක් මහ මගේ ගන්ට සිතුනා මටත් කාරයක් ඇබිත්තං යන්ට සිතුවේම නැහැ දෙයියම්ප බෙන්සෙකක ඔනෑ නැහැ කිසිවිටක මොන්ටෙරෝ ජිප් එකක් දැක ඇතිමි ඇති තරම් ෆෙරාරිද , බුගාටිද ඇති පදම් පර්ජෝද, ගෙදර කම්පීතරෙන් මස්ටෑංග් ඇමරිකන්, ඇස්ටන්ද මාටින්ද, ජගුවර්ද ඉන්දියන්… සිත ගියත් " මිනි " යකට නොපැතුවෙමි කිසිදිනෙක, වෙහෙසුණා පමණමයි කාර් ගැන සිත සිතා. හැකිද මට මිලට ගෙන මල කන්ට හරින්නට? තෙල් ගසන්නට ඉතින් අතේ නැත පිච්චියක් . මරුටියක් වත් ගන්ට ...

ඕගරේ ඒකතානය ....

Image
BG 30යයි, SANY 250යයි  වැඩ බරට බරේ... මාස්ට් දෙක අතරින්- අහසට උස නැගී ඉර, ඉරටත් පුරුදු වෙලාවට කලියෙන්. බරට බරේ කැරකෙන ඕගරෙත් දරාගෙන, කැලි බාර් එක කරකැවෙයි නොනැවතී පැයෙන් පැය, ජීවිතේ මෙන්. ඕගරේ ඒකතානය ගෙනා දිවි මග ගිම් නිවන්නටයි ගැසුවේ, කැලි බාර් එක විටින් විට. හිත් පිත් නැති කළු ගලට බස්සන්ට ඕගරේ කැසකවයි BG 30ය, සිහිගන්වමින් අප දිවිය ඔට්ටුවෙන දිනපතා ලෝකය සමඟ. උණේ අන්තිමට, බුලට් රිප්ලේස් කිරිල්ල විතරමයි. මීටර එකහමාරක් සොකටිං කරලා කබොලක ගනකමැති කිලෝමීටර් ගානක්. කර ගන්න ඒ ඩිංග ඔට්ටු වෙද්දි ලොව එක්ක, දැන දැනත් වැටෙන බව කඩාගෙන හිස මතට ලෝකයේ සීමා ඉවුරු, දාගත්තෙ ඩිංගක් බලාපොරොත්තුවෙ බෙන්ටනයිට් බලා ගෙන ගොඩ එන්න මිසක් අන් කවරටද? ඕගරේ වල ඇතුලෙ ඔට්ටු වෙන අතරේ- වල එක්ක, නොකියාම ඕගරේටත්, බැස යාවි ඉර මුදුන් වී, මාස්ට් දෙක අතරින්. කළ යුතුව ඇත්තේ, බුලට් රිප්ලේස් කිරිල්ල විතරමයි, හෙටක් ගැන සිතා ගෙන ...යළිත්...