චැනල් 4



අසැබි සිත්තමක ඈ රඟපානු දිටි බවක්
කියා පතිවත වැනී සිල් නොපිරි කුහකයෙක්
නිරුත්තර වී බැලිමු සීතාය සිතු කතක්
විත්ති කූඩුවෙ රැඳෙනු මවා දුක් බර නෙතක්

ඔබේ පවු දුගඳ විඳ නාස් පුඩු හකුලුවන්
නෙතු අගින් හොර බැලුම් ලූ දුසිල් විනිසුරන්
වෙත මෙත් ද, සත්, ඉවැසු යන පෙරුම් පිරි ලෙසින්
සමා දෙනු අප හටද සිල් සුවඳ සැක කළෙන්




Comments

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

The Condemned!

CIMA or BSc .Eng.?!?