Posts

Showing posts with the label Truth

කඩවල් ඉදිරිපිට රෑවන විට තෝසේ-නවතා තිබේ දැන් මැක්ලරනුත් පෝෂේ...

Image
ඇමරිකාව චීනය හා රුසියාව ගුවන දිනා ලෝකෙට කට මැත කීව තබමින් ලෝක සිතියමෙ සිරි ලංකාව අඹරේ දිලෙයි  සුප්‍රිම්  සැට් යානාව එකල රජුන් කල පරසිදු ලෙස ගජබා ඇවිද ගියේ රජු මහ මග නොම පසුබා පාරේ යනු බයය අද වුව වීර අභා යුගයෙන් පසුව බිය රජ වූ අඳුරු  ප්‍රභා එහෙයින් රැඳී ගුවනේ ලක පිං සාර සුප්‍රිම්  සැට් යොමයි නෙත අඟලක් නෑර දිවි මග සැබෑ තතු හෙළි කර ලෙස සූර කැඩු ලෙස එවයි වක්කඩ අද පින්තූර අනතුරු වැඩිය මහ මග දැන් දැන් බෝසේ කෙල්ලන් යන්නෙ ලයිසන් ගත් මෙනි ආසේ කඩවල් ඉදිරිපිට රෑවන විට   තෝසේ නවතා තිබේ දැන් මැක්ලරනුත් පෝෂේ දෙදහස් පන්සියය ඇත පවුලක් කන්න තහවුරු කරයි ලද සේයා රූ ඔන්න මහපොළ ලබන සරසවි සිසුවකු මෙන්න සහ සිය පවුල දරුවන් දෙදෙනෙකු ඉන්න සියයට හයක්    අධ්‍යාපනයට දුන්න එබැවින් නොමැත අමතර වියදම් යන්න සිනහව පිරී ඇත ගේ පැල උතුරන්න පණහක් ඉතිරි වේ ලැම්බෝගිනි ගන්න පැල ඉණි වැටෙන් ඇති ගේ ඉදිරියෙ පැන්න විට හ...

රට පෙරට ගෙනියන්ට මට වෙන්නෙ පා දෙකෙන්...

Image
හිඳ ගතිමි අත දරා නිල් පෑන ඉකි ගසන රැක ගන්න ඉතිරි වූ තින්ත බිඳ අන්තිමට, අඳින්නට හිතාගෙන සිත නැගී එන සිතුම් නිරුවතින් විරිත්තන, සුදු පාට කොළ පතේ හතර කොන් නැවී ගිය, සීතලෙන් පෙඟී ගිය . ගසා හිස මේසෙ මත යත් දැරිමි සිප ගන්ට නිසල බව දෙන සිසිල, පහන් දල්වා පැතුම් " මකමි අද නම් ඉතින් විරිත්තන සිනා කට වතක් නැති කොළ පතේ "... නොදැනීම මා සිතට මම ලියමි අද මෙසේ " ඇත කාර් බස් ලොරිද යන සියක් මහ මගේ ගන්ට සිතුනා මටත් කාරයක් ඇබිත්තං යන්ට සිතුවේම නැහැ දෙයියම්ප බෙන්සෙකක ඔනෑ නැහැ කිසිවිටක මොන්ටෙරෝ ජිප් එකක් දැක ඇතිමි ඇති තරම් ෆෙරාරිද , බුගාටිද ඇති පදම් පර්ජෝද, ගෙදර කම්පීතරෙන් මස්ටෑංග් ඇමරිකන්, ඇස්ටන්ද මාටින්ද, ජගුවර්ද ඉන්දියන්… සිත ගියත් " මිනි " යකට නොපැතුවෙමි කිසිදිනෙක, වෙහෙසුණා පමණමයි කාර් ගැන සිත සිතා. හැකිද මට මිලට ගෙන මල කන්ට හරින්නට? තෙල් ගසන්නට ඉතින් අතේ නැත පිච්චියක් . මරුටියක් වත් ගන්ට ...

හතුරකුටත් නුඹ ඇසු ගී දෙන්න එපා...

Image
සිත නොව ගතයි ගීයෙන් දැන් අමතන්නේ වැර නැති දෙපය වුව නටමින් රඟ දෙන්නේ පෙර කල ගැයූ ගී නැතිදෝ රස දෙන්නේ නව නළු රසය කෙලෙසද පුත හඳුනන්නේ මන්දෝ පුතුණි ඔබ ඔය අසනා ඔව්වා රසදේ පුතුණි අප බාලේ ඇසු එව්වා උඩ පැන නටා අප පොඩි කල කී මෙව්වා අප හද පතුලෙ උණුසුම් මිහිරක් මැව්වා කාලේ වෙරළෙ හැපි හැපි පෙර මැකි ගීත රැප් කර යළිත් උණුසුම දුණි රෑ සීත අසනුය පුතුණි ඉතිහාසයෙ පෙර ඈත "ප්‍රණෙ හනි" වෙන්ට කෑ සඟ බොධි සුවිනීත ආදර හැඟුම් රෑ සඳ වතුරෙන් ආවා පතමින් පැතුම් පෙම් කොඳ මල් ඇහැරේවා පිවිතුරු පැතුම වේ මේ රැය මගෙ වේවා ඇසුවෙද කියනු අද මගෙ සඳ ඔබ වේවා පෙර කල කවින් අඳ රාගෙන් උමතු වැටී ගත හැකි කීය ළඳකගෙ ඉඟ කළත් මිටී දැනගනු කවිය ළඳකගේ සිරි කියන හැටී තරමට ඉඟෙන් පොඩි පුරඟන ළදොත් වටී මුතු මිණි නැතිය දෙනු ඔබ හට සළුද කසී අද පල නැතිය මට ඔබ නැති ලොවෙන් කිසී තරු මිණි පාවි ඔච්චම් පෙම් සිනහ සිසී කිව යුතු නුඹත් මතු නුඹ පෙම් කළොත් නිසී කංසා ඔසුව වේ ලිව්වේ පොරණ වෙදා කිව්වට දුකා ගස් යැව්වේ නැද්ද එදා පැණි රස කෑම කා කංසා බොන්න මෙදා සොකරිට නුඹේ හැක සයනේ ඉන්න නිදා...

මමත් වැන්ද අද පති කුලයට යන්න…

Image
තැන තැන කතා බහ සිනහව ඇත රැඳුණ නෙක නෙක පාට නාදළු පවනේ දිලුණ හීන් හඬින් විට විට කැකිරිද පැලුණ වසත් කලෙක මිහිරකි පවනේ රැඳුණ හිරවී සිටිති මේසෙට පුටුවට ගැහැණු හිනා කටයි ඇස් යට රැවුමක් රැඳුණු "ගණිතය නොවෙද කළෙ මෙවරත් නැත ළකුණු මොරටුවෙ කියල ගෙදරට වී ඇත පුතණු" "එළවළු හරි ගණන් ඊයේ නැද්ද මෙයා අඩුවට ගන්නෙ අද කොයි කඩයෙන්ද ඔයා පඩියෙන් අඩක් ඉවරයි කෑමටම කියා හස්බන්ඩ් මට කිව්ව ෆුඩ් සිටි යන්න මෙයා" අල්ලපු මේසෙ ඇත හස්බන්ඩ් පෙර කීව ටයි පොළු පැළඳ දාඩිය ගැන ගතු කීව "බැළුවේ නැද්ද කාරෙක මං අර කීව අඩුවට ගන්න හැකි නව එන්ජිම තීව" මිතුරා වැලි කෙළියෙ දුව පැන නටපු මගේ මගුල් ගේ අදයි ලොකු අක්කගේ උගේ කළුවර ගහට ගිය දැසමන් වැලක් වගේ අක්කා සිටියි එල්ලී අයියගේ ඇඟේ මිතුරා ෆොටෝ ටික ගෙන දෙන්නට කීවා පෝරුවෙ සිරිත් කර යුවළද බැස ආවා පිහියද දරා අක්කා මදහස පෑවා රීලය ඉවර වී ඇත මා පැන දීවා "ළමයින් හට කවා හේමා ඔබ කන්න මම මේ ඉන්නෙ බඩගිනි වන් තුරු බොන්න පිරිමින් කැමති ගැහැණුන් හට ඉඩ දෙන්න" හස්බන්ඩ් කියයි අද සිහ වෙස් ගෙන ඉන්න "මට නම් නොහැක දැන් සීනිද තෙල් කන්න ඩොක්ටර් මට කිව්ව ඉන් වැලක...

හිරු නැග දිලෙයි හිස් නිල්වන් අහස අරා...

Image
හිරු නැග දිලෙයි හිස් නිල්වන් අහස අරා වැලි කැට පවා දවමින් මේ කතර පුරා පවස නිවන අම දිය බිඳු ලැබෙන තුරා දිව්වෙමි මමත් දුර ඇති මිරිඟුවක් කරා වැලි කැට අහුරු රුදු සුළඟට පෙම් බැන්ද එක්වී දූලි සුළඟේ රඟ දෙනු මන්ද සැඩ හිරු රැසින් මා සිත ගත දෙක බින්ද යළි යළි කියයි වේ සැපයක් මර නින්ද සැඩ හිරු එළිය දුල තරු වියනෙන් බන්දා දූවිලි සුළඟෙ රෑ සොමි සිසිලස රන්දා ගිනි ගෙන දැවෙන කතරට සැනසුම කැන්දා එන තුරු හිඳිමි සඳ පෙරඹර ලෙස නන්දා

සරසවි කුමරි වෙනතක් බැලුවද මන්දා….

Image
පැයකට දෙකට ගණ දෙවි නැණ ලද  හන්දා සරසවි ආමි දහසක් පැතුමන්   රන්දා සීතාවක සොයා ඈ අතැඟිලි   බන්දා ගෙනයමි දිනෙක සිරිකත භවනට   කැන්දා නොවිඳි දුකක් විඳ සීතාවක   හන්දා වසරක් දෙකක් මා දුර සිට පෙම්   බැන්දා රාමා අවුත් වානර සෙනඟද  කැන්දා ගෙනගියෙ සදා පාලම කාගෙද මන්දා      දෙසුම් හලේ නැළවිලි සවනත   රන්දා සිහින ලොවක මා පාවී ගිය හන්දා අතරින් පතර හිස් පිටු මත ඇස  රන්දා අසරණ කුමරි සරසවි නිති ඉකි බින්දා අත්ලට සිඟා ඉඳුලක් නොබුදින හන්දා වල්කොළ බිම අතුට බිම නොනිදන  හන්දා කල්ගිය රෙදි වැරළි නොම හඳිනා  හන්දා සරසවි කුමරි වෙනතක් බැලුවද මන්දා

පියඹන්න හැර පියා ජීවිතයෙ කහල ගොඩ…

Image
කිම කියනු එක තැනම ජීවිතයෙ කහල ගොඩ ගොඩ ගැසී පල් වේයි ? නොදුටුවෙද මැසි මදුරු , අමා සුව ලද අයුරු , තුටින් රඟ දෙන මියුරු ? නොදැනේද මේ දුගඳ උන් වසා නැගි අයුරු ? නැත උන්ට කිසි වගක්! කහල ඇති නම් තුටින් , කිම සොයනු වෙන මගක් , රඟ දෙවනු යළි ඉතින්… නිසල නිල් අහස් ගැබ කිමද උන් අඳුරු කර ? විලස සුදු සිල් රෙද්ද දැලි වැකී ඇති සෙයක්. නැද්ද උන් සිත් දෙන්නෙ කහල ගොඩ හැර යන්න ? මල් කැකුළු පූදන්න හිරුට ඉඩ කඩ දෙන්න , මහ පොළොව සිප ගන්න හිරුට ඉඩ සලසන්න ? දොළ පහර හැපි හැපී , මවන මුදු සංගීතෙ , මිහිර විඳ සැනසෙන්න , ලොවට ඉඩ කඩ දෙන්න . එපා පියපත් සලා , ඒ සුවය කෙලෙසන්න ! ආස ඇයි මිය යන්න ශාපලත් උන් ලෙසින් අත්ල අතරක තැලී ? කහල ගොඩ පොහොර වී , මල් කැකුළු පිපෙන දින , යළි එන්න නිවස වෙත සමනළුන් මෙන් තුටින් . ජීවිතයෙ රොන් බිංදු උරා රස විඳින කල , මැසි මදුරු දත්තාවෙ , අම බොජුන කසල නොව , රතු රුධිර බිඳද නොව , මල් රොනම පමණ බව… ඒ දිනය ලැබ ගන්න , මැසි මදුරු තොපි සැවොම නොපමාව ඉගිලෙන්න ! කහල ගොඩ හැරපියා , හිරුට ඉඩ සලසමින් මහපොළොව සිප ගන්න , කහල ගොඩ මල් පිපී සුවඳ දැනෙනා කලට , යළි එන්න නිවස වෙත සමනළුන් මෙන් තුටින , මල් සුවඳ තවර ...

කව පඬුරු වේ ඔබට මා දිවිය සරු කෙරූ.....

Image
මේ කවිය ලියන්න හිතුනේ කැම්පස් එකේ විභාගේ කාලේ අපි දරපු ආතතිය අන්තයටම වැඩි වෙලා ඒක නිවා ගන්න කියලා පොඩ්ඩක් එළියට පහළියට  බැස්ස වෙලාවක. කොහොම උනත් අපේ කැම්පස් එකේ විභාග කාලෙට අනිත් කැම්පස් වලට වඩා ආතතිය වැඩියි කියලා මට හිතෙනවා. මම ඒක කිව්වේ අනිත් කැම්පස් පහළට දාන්න හිතාගෙන නම් නොවෙයි. ඒ බව මම දැන් කියන්න යන දේ පොඩ්ඩක් සාවධානව අහගෙන හිටියොත් තේරෙයි.             අපේ කැම්පස් එක කොහොම උනත් තාක්ෂණික අධ්‍යාපන  ආයතනයක් විදියට තමයි ප්‍රසිද්ධ. ඉතින් අපේ කැම්පස් එකේ ඉන්න උන්දැලා  හා ඉන්දියොලා වැඩ කරන්නේ තනිකරම සූත්‍ර ගත වැඩ පිළිවෙළක් අනුව. ( ඉන්දියො කියලා මම කිව්වේ උන්දැලා ගේ වෙන්ඩ හාමිනේලාට ; ආ! තව දෙයක් , අපේ කැම්පස් එකේ සිසු  කුලක දෙක වෙන්නේ ගැහැණු හා පිරිමි නොවෙයි. කොල්ලෝ හා උන් කීප දෙනෙක් ගේ වෙන්ඩ හාමිනේලා කියලා. එයින් ගම්‍ය වෙනවා වෙන්ඩ හාමිනේලා වෙන්න සුදුසුකම් නොසපුරපු අය නැති බවත් හිටියත් නොගොනිය හැකි තරම් කියලා නොසළකා හැරිය හැකිබව.කොහොම උනත් ජන අනුපාතය අනුව ඒක එහෙම තමයි. අනික තමා කාන්තා පාර්ශවයේ සැළකිය යුතු ජනගහන වර්ධන වේගයකුත් නැහැ.) ...

Nations, States and National states (Translated)

Image
World was something like this .... http://www.webresourcesdepot.com/wp-content/uploads/image/old-world-map.jpg    This time I am going to talk to about a bit awkward topic. It’s about nations, states and national states. Let’s have a brief look at the definitions of these. (Boring? Yeah, I know that. But hold on. This is a very important thing though people of our generation often tend to ignore it.)First about the nation. A “nation” is defined as a group of people who are inter-connected by a common language, intensions and culture. (Some add a common territory too as a necessity; This has inevitably been the culprit for the most of the modern world atrocities.) Remember that we can include Sinhalese and Tamils to the list of nations neglecting the fourth necessity according to this definition.  However I must tell you that these definitions are not based on our culture so that either we can alter them or ignore them. I must tell you frankly that I could not understand...

ජාතිය,රාජ්‍යය හා ජාතික රාජ්‍යය

Image
  මේ ලිපිය දකින අයකු, නිසැකවම මා ගැන මා නොදන්නේ(දන්නේ!!!)මොනවාදැයි සිතනු ඇත.නමුත් මා කියවමින් සිටි පොතක දුටු කරුණු අනුව මේ ගැන පොඩ්ඩක් ලිවීමට සිත් විය.එමනිසා අපි පළමුවෙන්ම ඉහත පද කීපයක නිර්වචන (මේ අපගේ සOස්කෘතියේ නිර්වචන නොවන අතර එය පිළිගත යුතුද යන්න සළකා බැලිය යුතු කරුණකි.)  සළකා බළමු.ඒවාට අනුව ජාතියක් යනුපොදු සම්ප්‍රදායකින්,සOස්කෘතියකින් හා භාෂාවකින් බැදුනු ජන සමූහයකි.ජාතියක් ජනවර්ගයකින් වෙනස් වන්නේ ජාතියකට දේශපාලන ස්වාධීනත්වයක් හිමි අතර ජනවර්ගයකට එසේ හිමි නොවීමෙනි.(කදිම නොමග යවන සුළු,වරදට පොළඹවන සුළු වචන සමූහයකි.)රාජ්‍යය ගැන අර්ථ දැක්වීම මට නම් තේරෙන්නේ නැත.දැන් ජාතික රාජ්‍යය ගැන සළකා බලමු.මේ ගැන අර්ථ දැක්වීමට අනුව රටක සියළුම ජනතාව එකම ජාතියකට අයිතිය.අපගේ වර්තමාන දේශපාලන වේදිකාවෙ ශ්‍රී ලාOකික ජාතියක් ගැන යන රාවයේ මූලබීජය ඔබට දැන් වැටහිය යුතුය.මා පවසන්නේ මේ අර්ථ දැක්වීම් වැරදි බව නොවේ.එම අර්ථ දැක්වීම් ඔවුන්ගේ ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්ෂව නිවැරදි වනු ඇත.නමුත් මේ බටහිර දේශපාලන විද්‍යාවේ අර්ථ දැක්වීම් අමු අමුවේම අප රටට ආදේශ කිරීම නිසා වී ඇති විනාශය ඔබට දැකිය හැකි විය යුතුය.මුළින...

Symbolic New Year (Translated)

Image
http://www.sinhalagreetings.com/new/data/media/1/1123751_77512023.jpg If you are curious enough (kind enough ) to read the Sinhala post below  you can see that I am trying to give a brief idea of what our New Year has become and what it is going to be in the years  to come. I started the post talking about the modern-day shopping culture which has cut its teeth deep into Sri Lankan life (!?!Can you remember?) and in fact  we can say that can be considered a cancer which causes a slow death to Sri Lankan art and traditions. Do I seem to be an extremist when I say that? No my friends. We have to speak the truth (What is “THE” truth in a world which is merely a creation of human mind?) However, you will be able to get a reasonably good idea about how good a family economy these days by observing the struggle a middle class family has to go through these days.  But the ground reality (if I can call it) doesn’t prove the fact. You will see thousands of men and women on th...