Posts

Showing posts with the label Summaries

මගේ ගෑනි ලෙඩ වාට්ටුවකි

Image
මා අද කියන්නට යන්නේ අමුතුම කතාවකි. ඒ මාගේ අඹුවගේ සෞඛ්‍ය තත්වය ගැනයි. මුලින්ම මා කිව යුතු දෙය වන්නේ මා අඹුව ගෙදරට කැන්දාගෙන ආවේ මීට වසර දෙකකට පමණ පෙර බවයි.ඈ බම්බලපිටිය ප්‍රදේශයේ උපන්නියකි. ඇත්තටම කිවහොත් ඈ උපන්නේ කොහේදැයි කීමට තරම් මට දැනුමක් නැත. මන්ද යත් අපි කවුරු කවුරුත් එන්නේ කොහි සිටද යන්නේ කොහාටදැයි කීමට තරම් දැනුමක් අපි කාටවත් නැති නිසාය.එම නිසා මම දන්නේ මා ගෙදරට කැන්දාගෙන එනවිට ඈ බම්බලපිටියේ වාසය කළ බව පමණි. වෙනත් වචන වලින් කිවහොත් මගේ මාමණ්ඩිය හා නැන්දනිය වසන්නේ බම්බලපිටියේය.             රූපයට රැවටෙන්නට එපා යැයි මට මගේ අම්මා පවසා තිබූ නිසාත් ජීවිතයටම වරක් පමණක් ලැබෙන චාන්ස් එකක් නිසාත් මම මට තේරෙන තරමට හොඳ යහපත් අඹුවක් ගෙදරට කැන්දාගෙන ආවෙමි.එක මොළයේ පළු දෙකක් ඇති ගෑනියකට වඩා හොඳින් වැඩ පළ කරන බැවින් මම එක වර මොළ දෙකකින්ම වැඩ කරනා අඹුවක් ගෙදරට ගෙන ආමි.( මගේ අඹුවට මොළ දෙකක් ඇත්තේ කොහොමදැයි මගෙන් අසා පලක් නැත. එය තනිකරම පරීක්ෂණාත්මකව නිගමනය කර ගත් දෙයකි. සමහර විට මගේ ආදර නැන්දනිය නම් එය දන්නවා ඇත.)     ...

පාපොච්චාරණ; පව් සමා කිරීමට නොවේ!!!

Image
 මෙය එක් අතකින් ගත් විට පාපොච්චාරණයකි.නමුත් එය පාපොච්චාරණයක් නොවන්නේ එය මම මාගේ පවක් සමා කරගැනීමට කරන දෙයක් නොවන නිසාත් මම බොදුනුවකු ලෙස පව් සමා කිරීම් විශ්වාස නොකරන නිසාත්ය.( මෙය මා කියන්නට යන දේට කිසිම අදාළත්වයක් නැති වැල් වටාරමකි.ඒ මාගේ හැටිය.)කෙසේ හෝ මම දැන් මාගේ පාපොච්චාරණය අරඹමි. මාගේ බ්ලොග් සටහන හොදින් බලන ඕනෑම  අයකුට පෙනීයන දෙයක් වන්නේ එය වැඩිමනත්ම චෝදනා වලින්ද,ඇනුම් බැනුම් වලින්ද පිරී ඇති බවකි. එම සටහන් වල බොහෝදුරට ඇත්තේ පසුව කියවා බලන විට ලියූ මටද ලැජ්ජා සිතෙන විදුලි කොටන අකුණු ගහන වචනය.මෙතෙක් දුරට මා සිතා සිටියේ එවැනි ලිපියක් දෙකක් ලියා මහ පොරක් වීමට දැයි මට දැන් සැක සිතේ.( අඩුම තරමේ මගේ හිතේ කොනක එවැනි දෙයක් තියෙන්නට ඇත.) සමහරවිට එවැනි ලිපි බලා ඔබලා මා ඊනියා ඉන්ටලෙක්චුවල් කෙනෙකු ලෙස ගනීවි යැයි මා වරදවා වටහාගෙන සිටින්නට ඇත.මා මෙවැනි දරුණු පාපොච්චාරණයක් කිරීමට හේතුව ඔබ දැන් බලාපොරොත්තු වනු ඇත.( එය මම දන්නේ නැත.) මේ පසු ගිය සතියේ දිනක අපගේ බෝඩිමේ යම් යම් දාර්ශනික( පුහ්!!!) සංවාද කීපයක් ඇති විය.ඒවායේ මාතෘකා කීපයක් නම් "ප්‍රේම සම්බන්ධයක මුල ආදරයද?","CIMA අවශ්‍යයද?...

සුභ නව වසරක් වේවා!!!

Image
මේ ඉක්මනින් ඉක්මනින් නොනගතේට කලියෙනුයි ලියන්නේ.(මලවන්නේ.)දන්න කියන හැමෝටම සුභ පතන්න ඕන නිසා.(සිOහල ව්‍යාකරණයට බුදුසරණයි.)මේ කියන එක හැමෝම දන්නවා.ඒකට එන උත්තරේ මම දන්නවා.ඒ උනාට හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.!!! කිරියෙන් පැණියෙන් ඉතිරේවා.!!!සියළුම කටයුතු සාර්ථක වේවා!!! ආවඩා ආයුබොහෝ වේවා.!! sources: www.Ananmanan.org + www.priu.gov.lk Thanks.

This is the New Year period…

Image
As I have stated this is the New Year period. Some may ask “So? “ In fact this New Year season reminds us our valuable arts and traditions. This is the high time to correct our mistakes and what we think our mistakes. So I too will try to correct one thing that I think is a mistake. My blog is “ Lek’s Sammuthi world at a glance.”Some may expect to be a Sinhala blog when they see the blog title. As I too feel that it should be a Sinhala blog I thought of making my blog a Sinhala one.                 So, from today onwards my blog will be a Sinhala blog. But to avoid some facts that I think are disadvantages ( Is this a property lost statement???)I would try write to write in both Sinhala and English. First of all I want to improve my English language( Kadda in the campus.)And I don’t want to lose my friends who cannot use Sinhala properly.             ...

සූර්යයා A අකුරේ සිට අ යන්නට මාරු වන වගයි....

Image
මේ අවුරුදු සමයයි. සම"හරක්" ඉතින් මට මොකදැයි අසනු ඇත.මේ අවුරුදු කාලය අපට සිහි ගන්වන්නේ අපේ රටේ ඉපැරණි සම්ප්‍රදායන් සහ කලාවන්ය.අපගේ වැරදි පුරුදු සහ වැරදි යයි සිතන පුරුදු සාදා ගන්නට මෙයට වඩා හොද කාලයක් නැත. ඉතින් මමද මා වැරදි යයි සිතන පුරුද්දක් සාදා ගැනීමට මෙය අවස්ථාවක් කර ගනිමි.මාගේ බ්ලොග් සටහන "ලේක්ස්ගේ සම්මුති ලෝකය සැකෙවින්"යන්නයි.මෙම සටහන දකින කෙනෙකු මෙම බ්ලොග් සටහන සින්හල එකක් වීම බලාපොරොත්තු වනු ඇතැයි මට වැටහුනේ මාගේ මිතුරකු සහ මාගේ බ්ලොග් ගුරුතුමා වන ඉෂාන් ඇසූ පැනයක් නිසාය. ඉතින් මම එදින මාගේ බ්ලොග් එකේ රාජ්‍ය භාෂාව සින්හල කිරීමට සිතා ගත්තෙමි.                 එමනිසා අද සිට එම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියේ පිහිටා මාගේ බ්ලොග් සටහනේ වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇත.නමුත් භාෂාව මුල් කර ගත් කලබල ඇති වීම වලක්වනු වස් මාගේ බ්ලොග් රාජයා ද්විභාෂා එකෙකු වනු ඇත. මෙම ද්විභාෂා වීම වර්තමාන අනුකාරකවාදීන්ගේ සින්හල ඉන්ග්‍රීසි දෙකම දැන ගැනීමට සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර එය පසුපස ඇත්තේ ඉදුරාම වෙනස් අරමුණු බව පවසනු කැමැත්තෙමි.( කැම්පස් ...

Await.... many things are going to happen.

Image
http://msp461.photobucket.com/albums/qq339/sbmontano76/tears.jpg With the Sinhala Hindu new year is around the corner, I have thought of doing few changes to my blog .The first one is that I have changed my URL to a shorter one.So, I feel that I have created some difficulties for my friends in finding the blog .( I don't know whether you can find find it easily because you are the followers of my blog. ;My technical knowhow is that good.Huh!).To name a few my blog guru, Ishan,Poorna of එන්න අදහස් වලට ඉඩ දෙන්න Kanishka of  Kaniyage satahana,Omindu,Thisara,Sudharaka of Pocket in the Socket ( Or vice versa) ,Specially Yasela Ayya of Civil Enginner,and my new found friends Octa Helix,and Udaraya.... .However I sent all of you messages saying that I have changed my URL.I don't know whether you have read that. And I would be glad if one of you can correct if there are any misconceptions of mine regarding this technical matter.                 ...

Leks on the blog

Image
Guys,This is my first post.So I still can't understand the full potential of the blog.So I wanted to post some thing on the blog and to view it as some small children do.I will take some time to enter the professional blogging community and as I said earlier this just an attempt to observe the potentials of the blog. I hope to raise my views on the world, where it's heading today,whether it's right or wrong, and some aspects of life such as love, courage bravery and so on. So I will comment on philosophy, politics,love, truth...... Hmmm did I say that I 'd comment on politics. I think that one should not express his political views publicly as it can affect inter-personal relationships.One would argue that doesn't matter as we are not that much influencing people.At this point I will stop since I shouldn't waste much more words to say that I am afraid of it.SO CALLED FREEDOM OF SPEECH!!!.( This coward thinks that one should think of the consequences of the words...