Posts

Showing posts with the label Love

මන්ද තව නුඹ නාව....

Image
මහ පොළොව ගිම් ලෑව වැලි දූලි දඟ පෑව සුළඟ සුසුමන් ලෑව මන්ද තව නුඹ නාව සමනළුන් නෑ තාම මල් සුවඳ දෙනු කෝම                           අතු ඉපල් වී මේම පමා වැඩි නුඹ බෝම දා කඳුළු පිසලන්න තුරු වදුලු සරසන්න මල් සුවඳ පතුරන්න නොපමාව නුඹ එන්න...

මුල් අකුරු නොකියවූ මුල් ගුරුතුමිය ඔබ.......

Image
මුල් ගුරුතුමී ඔබ මුල් අකුරු නොකියවූ ආ විගස තැන් මාරු ලබා ගෙන කොළඹ ගිය මා පාසලට ආ එකම මුල් ගුරුතුමිය ඔබ අයනු කියා දී මට ආයනු කියා දීමට සුවච සිසුවකු සෙවූ ඔබ තවම ගුරුතුමිය මුල් අකුරු නොකියවූ ඔබ කියා දුන් සතර ඇත තවම සිත රැඳී ඒ සතර අනු යමින් පුදමි ඔබ යළි ඉතින් මුල් අකුරු නොකියවූ මුල් ගුරුතුමී ඔබ ගුරු පඬුරු පුදන මම නොවෙමි ඔබ පළමු සිසු නමුදු ඔබ නම් ඉතින් මුල් ගුරුතුමිය මය මුල් අකුරු නොකියවූ

සුළගට කියන කවි

Image
මේ කවිය ගොඩ කාලයක් මගේ හිතේ තෙරපී තෙරපී හිටිය කවියක්.මෙයා ගොඩ කාලයක ඉදලා අවසානයක් ඉල්ලා ඉල්ලා හිටිය කෙනෙක්.ඒක නිසා මගේ බ්ලොග් සටහනේ ඉන්න අනිත් හැමෝටම වඩා මම මෙයාට ආදරේ කරනවා. පහුගිය සිකුරාදා කැම්පස් එකේ ඉදලා එනගමන්(කොහොම හරි මම ඉන්නේ කැම්පස් එකේ කියලා ආයෙමත් කියා ගත්තා.) බස් එකේ ෂටර් එකත් ඇරගෙන කුඩු පොද වැස්සේ සුළගට හිනා වෙවී එන ගමන් තමයි මට මෙයාව මතක් උනේ. මේ වැඩ කන්දරාව අස්සේ මට මෙයාව ආයෙමත් මතක් උනේ අද තමයි ...ඒ කියන්නේ ඉරිදා.ඉතින් ඔය ගොල්ලන්ටත් ඇහෙන්න මම දැන් සුළගට කවි කියන්නයි යන්නේ.ඔන්න නොකිව්වයි කියන්නෙපා.....කමෙන්ට් එකක් නම් ඕනිමයි........ පෙම් වසත් සිහිලැල් සුළං රැලි හමා යන මුළු ලොව පුරා නැත වසන්තය උදා වී මට යමි වසත් නාදය සොයා ගැටෙන විට පෙම් මද පවන් කොවුල් ගී කියනා ඔවුන් නොදනිදෝ ඒ මද පවන් රැළි ජනිත මා සුසුමන් තුළින් ගිම් නිවන ගහ කොළ නොමැති සද නිරුද කතරෙකි කෙම්බිමත් හඹා යනු ඇයි මිරිගුවක් පස සිතුනි මට දහසක් වරක් කොහොම උනත් මේ කවිය කියවලා මම මූඩ් ගහලා කියලා උපකල්පනය කරන්න එපා. මොකද එයින් ලැබෙන ප්‍රතිපල වලින් විසංවාදී සාධන ක්‍රමය සාධනය කරන්න පුළුවන් වෙන්න පුළුවන්....

(වි ) රහ කතා....

Image
  http://lifestyle.indiainfo.com/2009/06/11/images/broken_people_400.png කොහොමහරි අද නම් මම කතාවක් කියන්නයි යන්නේ.ඒක නිසා කතා කරන බාසාවෙන්ම ලියන්නයි යන්නේ.මේක මගේ හොදම යාළුවෙක්ට වෙච්ච දෙයක්.(තමාගේ හොදම මිතුරා තමාය කියලා සමහර කටකතා කාරයෝ කියලා තිබ්බට පිළිගන්න එපා.)මේ සිද්දිය කැම්පස් එකේ වෙච්ච දෙයක්.මේ දේ උන මගේ යාළුවා දිහා ගෑනු ළමයෙක් බලනවා වගේ එකක් එයාට දැනිලා තිබුනා.මාත් මිනිහගේ උදව්වට??? ඒ පැත්ත පොඩ්ඩක් බලනකොට කතාව ඇත්ත.(හැබැයි අපි දෙන්නාටම වැරදිලාද කියන්න නම් දන්නේ නෑ.)මිනිහා කාටවත් කියලා වැඩේ දෙල් කර ගත්තේ නම් නෑ.(අදාල කෙනාටවත්) ඒක නිසාමද මන්දා විභාග එහෙම ඉවරවෙලා බලද්දී මිනිහා දුරින් ඉද කරපු ප්‍රේමය විනාශ වෙලා තිබුනා.ඉතින් මිනිහාගේ හොදම යාළුවෙක් වෙච්ච මට මිනිහා මෙහෙම කිය කිය ඉන්නවා ඇති කියලා හිතුනා. චණ්ඩ හිරු එබෙන්නේ ඔබෙ සිසිල විදින්නයි සද කිරණ නටන්නේ සද මුහුණ දකින්නයි සමන් මල් පතන්නේ ඔබේ රුව ලබන්නයි මා දෙනෙත් තැවෙන්නේ ඔබේ රුව දකින්නයි ඔබ එළිය නැති මේ මග අන්ධකාරයි ඔබ නැතිව යන මේ දිවි ගමන පාළුයි   ඔබ ගායනය නැති වෙණ නද අමිහිරියි සිහිනයේදිත් මා හැර...

අවසානයට පෙර ඈ ගියා.....

Image
My friends, This is my first Sinhala post .I thought of writing this post  in Sinhala because this post is going to be a poem.( Though we ,I mean I ,write in English, I still think in Sinhala. And I prefer thinking in Sinhala. Not to mention that I still cannot think fluently in English.: Mind you ,Thinking in English is not translating into English what you have thought in another language.) This post is about a nice topic. "LOVE". It is a nice topic to talk on, think, as well as to write.So I tried ( this will be or will not be my best ) to write something on this nice topic.And please do not make the mistake of thinking that  this is an experience of mine. ( Imagine the power of imagination.Huh!!!) Again your comments are highly valued and will sometimes improve me.                                                       ...