Posts

Showing posts with the label Buddhism

කර්ම ශක්තිය ජූල් 180 යි!?!

Image
පොල් ගෙඩියක ස්කන්ධය කිලෝ 1.8 යැයි සිතන්න. ගුරුත්වජ ත්වරණය පහසුව තකා තත්පර වර්ගයට මීටර 10 ලෙස ගනිමු. පොල් ගෙඩිය වැටෙන්නේ මීටර දහයක් උස ගසකින් නම් අප සාමාන්‍යය පෙළ සිට දන්නා සූත්‍ර දෙකක් අනුව පොළොව මට්ටමේදී පොල් ගෙඩිය සතු ශක්තිය ජූල් (ශක්තිය මනින ඒකකය.) 180 ලෙස ලබා ගත හැකිය.දැන් පොළවේ සිටින කංකුන්ඩෙකු සලකන්න. පොල් ගෙඩිය වැටෙන මීටර 10 සමග සසඳන විට උගේ උස නොගිණිය හැකිතරම් කියා නොසළකා හැරිය හැක.දැන් ඌ මේ පොල්ගෙඩිය පතිත වීම නිසා චප්ප වී යාමට ඉතා ආසන්නය. කෙසේ හෝ එය ඌ මත පතිත වීමට ඉතා ආසන්නතම මොහොතේදී ඌට ගල් පතුරු කැබැල්ලක පිහිට ලැබුනේ යැයි සිතමු. එසේ නම් 180J ක ශක්තියකින් චප්ප වී යාමට සිටි ඌ ඉන් බේරුණේ 180J වූ උගේ කර්ම ශක්තිය නිසා බව අපට ශක්ති සංස්තිථි මූලධර්මය යොදා ගෙන ව්‍යුත්පන්න කර ගත හැකිද?                  මෙම කර්ම සංකල්පය බුදුදහමේ වඩාත්ම කතාබහට ලක්වන එමෙන්ම වඩාත්ම වරදවා වටහාගැනීම් වලටත් බඳුන් වී ඇති සංකල්පයකි. එමෙන්ම කර්මය ගැන විවරණය කර  සම්පූර්ණ කර හැක්කේ බුදු කෙනෙකුටම පමණක් යැයි කියැවී ඇත. ඉතින් මෙය ලියා මා අකුසල කර්ම රැස් කර ගන්නේ නම්...