හිරු නැග දිලෙයි හිස් නිල්වන් අහස අරා...

හිරු නැග දිලෙයි හිස් නිල්වන් අහස අරා
වැලි කැට පවා දවමින් මේ කතර පුරා
පවස නිවන අම දිය බිඳු ලැබෙන තුරා
දිව්වෙමි මමත් දුර ඇති මිරිඟුවක් කරා

වැලි කැට අහුරු රුදු සුළඟට පෙම් බැන්ද
එක්වී දූලි සුළඟේ රඟ දෙනු මන්ද
සැඩ හිරු රැසින් මා සිත ගත දෙක බින්ද
යළි යළි කියයි වේ සැපයක් මර නින්ද

සැඩ හිරු එළිය දුල තරු වියනෙන් බන්දා
දූවිලි සුළඟෙ රෑ සොමි සිසිලස රන්දා
ගිනි ගෙන දැවෙන කතරට සැනසුම කැන්දා
එන තුරු හිඳිමි සඳ පෙරඹර ලෙස නන්දා


Comments

  1. ඔය ආ විදියටම තව ටික දුරක් දුවා
    කෙම් බිම සොයා ගන්නට බැලුවොතින් හොඳා

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......