යළිදු උපන්නට වරමක් දෙනු මැන...
2010 වසරේ මැත ලෙක් එකක ඉඳගෙන ලියපු කවියක්. උගන්නගෙන උගන්නගෙන යනව. මට මෙලෝ තේරුමක් නැහැ. ඒ අතරතුරේ මට හිතුන මෙහෙම.......
අඳුරු වළාකුළු නැගිලා සිත් ගැබ
ඇත අහසත් පොළවට බරවී
අහස හඬන්නට සළකුණු කියමින්
පියඹති ළිහිණිහු තටු සළලා
නිදහස් කළ මැන මා හද ගැබ බර
බිඳ බිඳ බිඳු බිඳු බිම වැටිලා
හිරුට නැගෙන්නට නොදෙනා සළු පට
එළිය දෙමින් කඩ කඩ ඉරලා
වළා පටක් හට ඇයි මෙතරම් බර
කෙළෙසට දරමිද එය උහුලා
යළිදු උපන්නට වරමක් දෙනු මැන
යන්නට සුළඟේ නැව් නැගිලා...
2010.10.12
අඳුරු වළාකුළු නැගිලා සිත් ගැබ
ඇත අහසත් පොළවට බරවී
අහස හඬන්නට සළකුණු කියමින්
පියඹති ළිහිණිහු තටු සළලා
නිදහස් කළ මැන මා හද ගැබ බර
බිඳ බිඳ බිඳු බිඳු බිම වැටිලා
හිරුට නැගෙන්නට නොදෙනා සළු පට
එළිය දෙමින් කඩ කඩ ඉරලා
වළා පටක් හට ඇයි මෙතරම් බර
කෙළෙසට දරමිද එය උහුලා
යළිදු උපන්නට වරමක් දෙනු මැන
යන්නට සුළඟේ නැව් නැගිලා...
2010.10.12
තිමිර පටල බිඳ මොහොතින් ඒවී
ReplyDeleteතෙදැති බලැති හිරු නුබ නැගිලා
මැකෙන වළා යයි ඈතට පාවී
නොයෙන ලෙසට අප අත හැරලා
කම්මැලි වෙලාවට මම වගේ නිදාගත්තා නම් ඉවරනේ බන්
ReplyDeleteවළා පටක් හට ඇයි මෙතරම් බර
ReplyDeleteකෙළෙසට දරමිද එය උහුලා.....
අනර්ඝයි
"යළිදු උපන්නට වරමක් දෙනු මැන
ReplyDeleteයන්නට සුළඟේ නැව් නැගිලා..."
ඒක නම් දහස් වාරයක් හිතෙනවා........ ලස්සනයි.....
ඉගෙන ගන්න වෙලාවේ කවි ලිය ලිය ඉඳලා හරි යන්නේ නෑ හරිය
ReplyDelete