මන්ද තව නුඹ නාව....

මහ පොළොව ගිම් ලෑව
වැලි දූලි දඟ පෑව
සුළඟ සුසුමන් ලෑව
මන්ද තව නුඹ නාව

සමනළුන් නෑ තාම
මල් සුවඳ දෙනු කෝම                          
අතු ඉපල් වී මේම
පමා වැඩි නුඹ බෝම

දා කඳුළු පිසලන්න
තුරු වදුලු සරසන්න
මල් සුවඳ පතුරන්න
නොපමාව නුඹ එන්න...

Comments

  1. ගිණි වැදුන දාහයට
    අවසරයි සමුදෙන්ට
    වසන්තය අත ළගය
    නොපමාව පැමිණෙන්ට

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

The Condemned!

ට්‍රම්ප් පදවි ප්‍රාප්ති දේශනය