ගිහි සැප හැර පැවිදි වීම රෝමෑන්ටික් කිරීම....
මේ ලිපිය ලියන්නේ පසුගිය දින කීපය තුළ මා බුකියෙහි දුටු ලිපි මාලාවන් කිහිපයක් නිසාවෙනි. පළමුවෙන්ම කිව යුතු වන්නේ අද දිගහරින මාතෘකාව ඉතා සංවේදී හෙයින් යම් හෙයකින් කිසියම් අදාළ පාර්ශවයකට සිත් රිදුමක් සිදුවන්නේ නම් සමා අයැද සිටින බවය. මේ ඉහත සඳහන් කළ සියළු ලිපි මාලාවන් බුකියෙහි පළවන්නේ පසු ගිය දින කිහිපයක පටන් අප රටෙහි වන විද්‍යුත් මාධ්‍ය භාවිතාවකම දිගුවක් වශයෙනි. වර්තමාන අප රටේ මාධ්‍ය මගින් අසීමාන්තික ලෙස රෝමාන්තික කරණයට භාජනය වූ නවතම කාරණය ලෙස මා දකින්නේ "ගිහි ගෙය හැර යාම"යි. ඒ මාධ්‍ය ව්‍යාපෘතිය යටතේ පැවිදි බිමට පත්වීම හෝ එයට මුල් වූ කරුණු , දෙවන ගනයේ මාතෘකා වූ අතර මා දුටු සියලු පුවත් වල මූලික අවධානය යොමුව තිබුණේ හැර ගියේ කුමක්ද යන්න කෙරෙහිය. උදාහරණයක් ලෙස ගත්විට සෑම පුවතකම දක්නට ලැබුණු මූලික කාරණා වූයේ , 1. පවුල් පසුබිම 2. අධ්‍යාපන පසුබිම 3. රැකියා මට්ටම 4. සමාජ සබඳතා ...