Posts

Showing posts from November, 2013

යළිදු උපන්නට වරමක් දෙනු මැන...

Image
2010 වසරේ මැත ලෙක් එකක ඉඳගෙන ලියපු කවියක්. උගන්නගෙන උගන්නගෙන යනව. මට මෙලෝ තේරුමක් නැහැ. ඒ අතරතුරේ මට හිතුන මෙහෙම....... අඳුරු වළාකුළු නැගිලා සිත් ගැබ ඇත අහසත් පොළවට බරවී අහස හඬන්නට සළකුණු කියමින් පියඹති ළිහිණිහු තටු සළලා නිදහස් කළ මැන මා හද ගැබ බර බිඳ බිඳ බිඳු බිඳු බිම වැටිලා හිරුට නැගෙන්නට නොදෙනා සළු පට එළිය දෙමින් කඩ කඩ ඉරලා වළා පටක් හට ඇයි මෙතරම් බර කෙළෙසට දරමිද එය උහුලා යළිදු උපන්නට වරමක් දෙනු මැන යන්නට සුළඟේ නැව් නැගිලා...                            2010.10.12