Posts

Showing posts from March, 2013

ජොකා සහ ජාතිවාදය...

Image
සමා අවසර, හිතවත! දන්නව නම් ගන්නෙ නෑ නෝලිමිට් එකෙන්,  මගෙ ජොකා NLM. තරහ අවසර! ඇන්.ඇල්.ඇම්... තුන් හිතක වත් නෑ අදහසක්, ජාතියට වින කටින්ට. හිටියනන් දැනගෙන නිකන් යනව අම්මප! බෑනෙ රට රැක ගන්ට, ලැජ්ජ බය තියා ගෙන... හොඳ නෑ යන්ට දෙන්න- දන්න එකෙකුට පළාතේ. වෙලාවක් තිබ්බ නම්, එන්ට තිබුණා මටත්. කුණු බිත්තරයක් ගහන්ට- මෙත් සිතුම් පුරා ගෙන. මෝහ අන්ධකාරෙ යන උන්ගෙ. බිත්තර සාරු වලම දිය වෙන්ට... අර තලා දාල තිබ්බෙ පැපිළියාන පැත්තෙ මල් කැකුළක් නෙවෙද? පැටවු දහය දොළහ වදල රට හදන්ට හිටපු... කුඩු කරල මදි නෙවෙද නොසන්ඩාලයො කරපුවට? එන්ට තිබ්බා මටත්- වෙලා තිබ්බ නම්. ගහන්නට එක ගලක්, රට, ජාතිය රැක ගන්ට, ණය නැති වෙන්ට මවු බිමට...